I'm coming

942 171 6
                                    

help me...

 ලීයා දුවල දුවල ගිහින් ට්‍රැශ් කැන් එකක් ගාව හැන්ගිලා අතින් කටවහ ගත්ත කිසිම ස්ද්දයක් එන්නැති විදියට.. ලීයාට ඇහුනෙ එයාගෙ හදවත බයට ගැහෙන සද්දෙයි ඒ මිනිස්සුන්ගේ ඇවිදින කකුල්වල සද්දෙයි විතරයි.ඒත් ටික වෙලාවකින් ඒ සද්දේ කෙමෙන් කෙමෙන් අඩු උනා... එහෙම්ම සුසුමක් පිටකරපු ලීයා එතනින් එලියට ආවේ එයාල හරියටම එතනින් ගිය බව තහවුරු කර ගත්තට පස්සෙයි.

ලීයා පුලුවන් තරම් ඉක්මනට එයාගෙ එපාර්ට්මන් එකට ඇවිත් දොරත් ලොක් කරල දුවල දුවල ගීන් ඇදට පැනල රෙද්දත් ඔලුව උඩ  ඉදන් පොරෝගෙන හොදටම අඩන්න ගත්ත​.. මොකද අද දවස ඇතුලත වෙච්ච සිදුවීම් ඒ හොදටම ඇතී බය වෙන්න. ලියාට ඇහෙන පොඩි සද්දයක් ගානෙම එයාට හිතුනේ ඒ ජන්කුක් කියලා එයා ඒ තරමටම බය වෙලා . අන්තිමට ලියා නිදා ගත්තේ අඩල අඩල අන්තිමට හොදටම හෙම් බත් උනාට පස්සෙයි.

ලියා උදේ ස්කූල් ගිහිල්ලත් හිටියේ සෝදිසියෙන් ඒත් එයාගෙ වෙලාවට කවුරුවත් එයාගෙ පස්සෙන් ඇවිත් හිටියෙ නැ. ස්කූල් ඉවර වෙලා යන්න හදනකොට එයාගෙ උරහිසින් කවුරුහරි ඇල්ලුව ඒකම ලියාට ඇති හොදටම බය වෙන්න​.

''ලියා..''

ඒ කටහඩ ඇහුනමයි ලියාගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ... ඒ නිසාම ලියා අනිත් පැත්ත හැරිලා ජිසෝව බදා ගෙන හොදටම ඇඩුව​.. මොකද ජිසෝ තමා ලියාගෙ දුකට සැපට ඉන්න හොදම යාලුව​.

''මොකෝ ඩිය මේ මොක්ද උනේ..ඇයි අඩන්නේ...'' ජිසෝ එහෙම කිව්වේ ලියාගෙ ඔලුව අත ගාන ගමන්.

''මොකෝ උනේ ලීයා..කියන්නකෝ..'' ජිසෝට වෙච්චදේ මෙතන කියන්න බැරි කමට ලීය ජිසෝවත් අරන් වෙන තැනකට ගිහින් ඊයෙ උන හැමදේම කිව්ව​. ජිසෝ කලේ ලීයව තද කල්ල බදා ගත්තු එක​.

''ඇති.. දැන් ඉතින් අඩන්න එපා...හැමදේම හොදින්වෙයි ලීයා.. හිතන්න ඒක නරක හීනයක් කියලා.. හොදද​​.''ජිසෝගෙ වචන ලියාව සැනසුවා උනත් එයා ඉන්නේ තාමත් බයෙන්.

''හරි එහෙනම් මම ඔයත් එක්ක ඉන්න එන්නම්කෝ.. කවුරුවත් ඔයාට කරදර කරන්න එන්නැ. හරිනේ.ලියා ඒකට ඔලුව වන්නකොට ජිසෝ ලියාගෙ කදුලු පිහ දැම්මා.''that's ma girl''

MAFIA'S BABYGIRLWhere stories live. Discover now