Time to go home

895 175 15
                                    

ලීනා දිගටම ජිසෝට කතා කර කර ඉස්සරහට ගියා.. ඒත් එයා මොකක හරි දෙයක හැප්පුන නිසා කෙල්ල වැටෙන්න ගියත් කොහොම හරි එයා එයාව බැලන්ස් කර ගත්තා.

ඒත් කෙල්ල අනිත් පැත්ත හැරිලා බලන්කොට ලියාගෙ ඇස් පුදුමෙන් මහත් උනා මොකද එතන වැටිල හිටියෙ ගර්ල් කෙනෙක්... ඒ ජිසෝද​?

''ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්''

ලියා හයියෙන් කැ ගැහුවා මොකද එතන හිටියෙ ජිසෝ..කෙල්ල ගැහි ගැහි පිටි පස්සට ගියා ඒත් එයා ආයෙත් මොකේ හරි හැප්පුනා.. මේ සැරේ මොකද්ද .ලියා හයියෙන් ආයෙත් කැ ගැහුවා ඒත් කෙල්ලගෙ ඉනෙන් කවුරු හරි ඇල්ලුවා.. ඒ ස්පර්ෂයට කෙල්ල ගැස්සුන්නැ කිව්වොත් බොරු.

''Time to go home babygirl''

ඒ කටහඩ ලියාට අදුර ගන්න අමාරු උන්නැ.. ඒ ලියාගෙ හදවසේ ගැස්ම වැඩිකරන, ලියාට හුස්ම ගන්න පවා අමතකවෙන, ලියා හීනයක් වෙනවනම් කැමති ඒ කටහඩ වෙන කාගෙද ඉතින් ජන්කුක්ගෙ ඇරෙන්න​.

ජන්කුක් එහෙම ලියාගෙ කනට කල්ල මිමුනුවම කෙල්ල ජන්කුක්ගේ අත් වලට සිහි නැතුව ඇදන් වැටුනා.මොකද කෙල්ලට අද උන දේවල් ඕනාටත් වැඩී.

---------------------------------------------------

ලියා ආපහු ඇහැරෙනකොට කෙල්ලට දැනුනේ තද ඔලුවෙ කැක්කුමක් කෙල්ල ඇස් ඇරියත් තාමත් කලුවරයි. කෙල්ල ඇස් පිල්ලම් කිහිප සැරයක් ගහලා නැගිටින්න බැලුවත් එයාට බැ එතකොටයි ලියාට තේරුනේ එයාගෙ අතුයි කකුලුයි එකට ගැටගහලා කියලා.

ලියාට ටිකකට කලින් වෙච්ච කිසි දෙයක් අමතක නැ කෙල්ලට ඔක්කොම මැවි වැවී තාමත් පේනවා.. ඒත් ප්‍රශ්නෙ තමා ජන්කුක් දැන් කොහෙද කියන එක​.

ලියා තව දෙතුන් සැරයක් ඔලුව හෙලෙව්වා මොකද තාමත් වටේම කලුවරයි ඒත් පස්සෙයි කෙල්ලට තේරුනේ එයාගෙ ඇස් ගැටගහලා කියලා.ඒත් ලියා එයාගෙ උත්සාහෙ නම් අතැරියේ නැ ලියාට ඕන වුනේ කොහොම හරි ඉදගන්න ඒත් එයාව බැලන්ස් නැතුව වැටෙන්න ගියා.. ඒත් එයා වැටුන්නැ මොකද​ ශක්තිමත් අත් දෙකකින් එයාව අල්ලගෙන ලියාව ඇදේ ඉන්දුවා. 

''ක​-කවුද ඔ-ඔයා?'' ලියා ඇහුවේ තැතිගැන්මෙන්.

''Shhh.. its me babe''

MAFIA'S BABYGIRLWhere stories live. Discover now