NO WAY!

717 141 13
                                    

කෙල්ලගෙ හැසිරීමට හිනා උන ජන්කුක් කෙල්ලව තුරුල් කර ගෙනම නින් දට වැතුනා.

I really am sorry... 

--------------------------------

පහුවදා උදේ ලියා ඇහැරුනේ එයාගෙ මූනට වැටුන ඉර එලිය නිසා. කම්මැලි කමට කෙදිරි ගගා හිරි ඇරපු කෙල්ල නැගිට්ටෙ ඇස් දෙකත් පොඩි කරන ගමන්. ලියා ඇදෙන් නැගිටල කෙලින්ම බැල්කනි එකට ගියපු කෙල්ල අත් දෙක උඩට උස්සල හිරි ඇරල ලොකූ හුස්මක් ගත්තා තවත් ලස්සන දවසක්. කෙල්ලගෙ මුනෙ හිනාවක් ඇදුනෙ ඉබේටමයි. උදේ අහස හරිම පැහැදිලී, කුරුල්ල කිචි බිචි සද්දෙ පවා ලියාට ඇහුනා ඉතින් අද ලස්සන දවසක් නෙමේද​? ඇතින් වාහන යන එන සද්දේ ඇහුනත් උදේ වාහන ගමන් කරන්නෙ අඩුවෙන් නිසා ලියාට ඒකෙන් බාදාවක් උනේ නැ.

උදැසන අසිරිය විදිමින් හිටි ලියාගෙ ඉන වටා අත් දෙකක් එතුනම ඒ අත් අයිති කාටද කියන්න කෙල්ලට අමුතුවෙන් බලන්න ඕන උන්නැ.ජන්කුක් හිටියෙ මූන කෙල්ලගෙ උරහිස්සෙන් තියා ගන්න ගමන් කෙල්ලව පිටි පස්සෙන් බදාගෙන​.

''Morning..]'' ජන්කුක් එහෙම කිව්වෙ එයාගෙ උදේ ස්ලීපි ටෝන් එකෙන්.

ඒත් ජන්කුක්ගෙ කටහඩ ඇහුන ගමන් කෙල්ලට ඊයෙ උන සේරම දේවල් මතක් උනා. ලියා ඒ සිතුවිලි ඔලුවෙන් අයින් කරන්න උත්සහ කරන ගමන් සුසුමක් හෙලුවම ජන්කුක් තව තවත් කෙල්ලව බදා ගත්තා.

''Still angry?''  ජන්කුක් ඇහුවෙ එයාගෙ කියුට් පවුට් එකත් එක්ක. ඉතින් ඒක දැක්කම කාටද පුලුවන් නොසලකා හරින්න ඒක නිසා ලියා නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා. කෙල්ලට තරහකුත් නැ ඒත් සතුටකුත් නැ. ජන්කුක් දන්නව ලියා කියන්නෙ බොරු බව ඒත් ඉතින් එයා දැන් මොනව කරන්නද වැරැද්ද එයාගෙනෙ.

''breakfast එක අද මගෙ ගෙදරින්.''

''මගෙ ගෙදර මේක ඔයාගෙ ගෙදර නෙවේද​?'' ජන්කුක් හිනා වෙලා කෙල්ලව උරහිස් දෙකෙන් අල්ලල එයාගෙ පැත්ත හරෝ ගත්තා.

''I mean my parent's'' ඒකට නම් ලියාගෙ අස් දෙක ලොකූ උනා.

''its alright මාම් දැනටමත් අපිට ඉන්වයිට් කල්ල තියෙන්නෙ ඒක නිසා යන්නම වෙනවා.ම්ම්?''  ජන්කුක් ලියාගෙ අත් දෙකෙන් අල්ල ගෙන එහෙම ඇහුවම ලියා ඔලුව වැනුවා. ජන්කුක් ලියා එක්ක හිනා උනා ඒකටනම් ලියාගෙ හදවත ගැහෙන වේගෙ වැඩි උන්නැ කිව්වොත් බොරු. ඒ තරම් ඒ හිනාව ලාස්සනයි. ඒත් එයාලගෙ ලස්සන මොහොතට බාදා කරමින් ඇහුනේ ඩෝ බෙල් එක. කවුරු හරි ඇවිත්.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now