Chapter 21 📸

1K 274 176
                                    

Location : Marea, 240 Central park S. New york, NY 10019,USA
Time :7.30PM

"වොඃ!! ඔයා මේ තැන දන්නවා ද?" ජන්කුක් ටේහ්යුන්ග් ගේ අතේ එල්ලිලා restaurant එකට ඇතුළු වෙන ගමන් ටේහ්යුන්ග් ගෙන් ඇහුවා..

"අනියා මේ ගැන කිසි දෙයක් දන්නේ නැ.. ඒ උනාට අපේ හ්යුන්ග් මේක හොදයි කියුවා එකයි ආවෙ.. අපි දෙන්නම try කරමුකෝ..ඒෂියන් ෆූඩ්ස් තියෙනවා.. සවුත් ඒෂියා වල ෆුඩ්ස්!! ඉන්ඩියා! ශ්‍රීලංකා.." ටේහ්යුන්ග් ජන්කුක්ත් එක්ක ඇතුලට යද්දී රිසේප්ශනිස්ට් ඒ දෙන්නව පිළිගත්තා..

"Sir book කරපු ටේබල් එක මෙහෙ.." එතැන ආපු සේවකයෙක් ටේහ්යුන්ග්වයි ජන්කුක්වයි restaurant එකේ දෙවෙනි තට්ටුවේ වෙනම කොනක තිබුණු නිස්කලංක ටේබල් එකකට ගෙනිච්චා.. අද ගොඩක් සෙනග හිටියේ නැති නිසා ටේකුක් දෙන්නාට පාඩුවේ කෑම ගන්න පරිසරයක් තිබුනා..ටේහ්යුන්ග් ජන්කුක් දෙන්න එකිනෙකාට ඉස්සරහ පුටු දෙකකින් ඉද ගත්තා..

"මොනවද ඕඩර් කරන්නේ sir..?" වේටර් කෙනෙක් මෙනු එක ටේහ්යුන්ග්ටයි, ජන්කුක්ටයි දෙන ගමන් ඇහුවා..

"සවුත් ඒෂියන් ෆුඩ්ස්....!!" ජන්කුක් මෙනු සවුත් ඒෂියන් ෆුඩ්ස් පොයින්ට් කරලා කියුවා..

"ම්ම්!! අමෙසින්ග්!! මොනා ද ගන්නේ?!" ටේහ්යුන්ග් ජන්කුක් ගෙන් ඇහුව..

"ඉන්දියන් ද? ශ්‍රීලංකන් ද?" ජන්කුක් ඇහුවා..

"ම්ම්.. ඉන්දියන් නම් ගොඩක් වෙලාවට කනවා නේ.. ශ්‍රීලංකා try කරමු.... ශ්‍රී ලංකන් මොනා ද?" ටේහ්යුන්ග්ත් මෙනු එක දිහා බලාගෙන ඇහුවා..

"Kottu!! මෙතැන ගොඩක් ඔප්ෂන් නෑ නේ! මං kottu කාලා නෑ! එක රස පාටයි.." ජන්කුක් අදහසක්‌ යෝජනා කරා..

"ඔකේ! එනම් අපිට kottu ඕනේ.. ඒ වගේම korean fried chicken.." ටේහ්යුන්ග් වේටර් ට කියන මෙනු එක දුන්නා..

"මෙතැන ලස්සනයි නේ!" වේටර් කෑම එක ගෙනකම් ටේහ්යුන්ග්, ජන්කුක් දෙන්න කතා කරා...

"ඔව්.. ඇත්තටම!!" ටේහ්යුන්ග් හිනාවක් එක්ක ජන්කුක් ගේ මුණ දිහා බලාගෙනම කතා කරා...

 ඇත්තටම!!" ටේහ්යුන්ග් හිනාවක් එක්ක ජන්කුක් ගේ මුණ දිහා බලාගෙනම කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now