Chapter 29 📸

953 248 74
                                    

ටේහ්යුන්ග් හා ජන්කුක් අයෙත් ගෙදර එද්දී රෑ දහයත් පහු වෙලා තිබ්බා..

"මහන්සි!!" ජන්කුක් ශුස් දෙක ගලවල ශුරැක් ඒක ලගින් බිමින්ම ඉදගන්න ගමන් කිව්වේ හිනා වෙන ගමන්..

"සේම් සේම්.." ටේහ්යුන්ග්ත් ඩොර් ඒක ලොක් කරලා ශුස් දෙක ගලවල ඩොර් ඒක ලග තිබ්බ ශුරැක් එකෙන් ඒක තියලා ජන්කුක් ලගින් ඉදගත්තේ හති අරිමින්..

"අපි නිකන් පයින් ගිහින් ආව වගේ.." ජන්කුක් හිනා වෙමින් කිව්වා..

"අපි දෙන්න ආවෙ පඩිපෙළෙන් ජන්කුක්!!" ටේහ්යුන්ග් හිනා වෙන ගමන් කිව්වේ බිත්තියට හේත්තු වෙලා තමන්ගේ ඔලුව ඉස්සරහට හරවන්..

"ලස්සන දවසක් අද.." ටේහ්යුන්ග් තමන්ගේ හිස බිත්තියට තද කරගෙනම ජන්කුක් ගේ පැත්තට හිස හරවන ගමන් කිව්වා..

"ඔව්.. හරිම ලස්සනයි.. මං අවුරුදු ගානකින් හුගක්ම සතුටු වුනු දවස.." ජන්කුක් තමන්ගේ අත ටේහ්යුන්ග් ගේ කකුල උඩ තිබ්බ ටේහ්යුන්ග් ගේ අත එක්ක පටලවමින් කිව්වා..

"මං තාම සමාව ගත්තේ නෑ.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඇගිලි අතරින් තමන්ගේ ඇගිලි පටලවමින් කිව්වා..

"සමාවගන්න මේක වෙලාව නෙවේ.." ජන්කුක් කිව්වේ පොඩි හිනාවක් එක්ක..

"සමාවදෙනවා ද ඊට වඩා වැරදි දෙයක් කරලා තිබ්බොත්.." ටේහ්යුන්ග් තමන්ගේ ඇග තවත් ජන්කුක් ලගට කරන ගමන් කිව්වා..

"දෙන්නම්.. මාත් එක්ක නොහිටිය කාලේ කරපු ඕනේ දෙයකට.. " ජන්කුක්ත් තමන්ගේ හිස ටේහ්යුන්ග් ගේ පැත්තට හරවල කිව්වා..

"හ්ම්ම්.. එහෙනම් සමාවදෙයි ඔයා.." ටේහ්යුන්ග් ජන්කුක් දිහා බලලා හිනා වෙලා කිව්වේ ජන්කුක් ගේ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සලා...

"ටේ.." මොහොතක් නිහඩව හිටියත් තවත් ඒ නිහඩ බව තියාගන්න ඕනේ නැති නිසා ජන්කුක් කතා කරා..

"හ්ම්ම්.." ජන්කුක් ගේ අත අල්ලාගෙන ඉස්සරහ බලන් හිටිය ටේහ්යුන්ග් අයෙත් ජන්කුක් දිහාට හැරිලා ඇහුවා... එත් ජන්කුක් කරේ ටේහ්යුන්ග් ගේ දුඹුරු පාට ඇස් දෙක දිහා බලන් හිටිය ඒක විතරයි.. කවදාවත් ජන්කුක්ට එපා නොවුණු ඒ ඇස් දෙක.. ඒ ඇස් දෙක හැමදාම වගේ හරිම අමුතු විදියට හැගීම් ගොන්නකින් පිරිලා තිබ්බා.. ඒ ඇස් හැම වෙලේම ටේහ්යුන්ග් ගේ වචන වලට වඩා හොදට අදහස් හුවමාරු කරා... ටේහ්යුන්ග් ගේ පිච් පාට දිගු තොල් කවදාත් ජන්කුක් ගේ අවධානය ගන්න පුළුවන් වුනා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now