Chapter 26 📸

999 269 131
                                    

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.






"මොනා ද හදන්නේ??" ටේහ්යුන්ග් කිචන් ටේබල් එකේ උඩ තිබ්බ fruit basket දෙක අරගෙන කොනක තිබ්බ මේසේ උඩින් තියන ගමන් ඇහුවා..

"ම්ම් fried rice එකක් හදමු!!" ජන්කුක් කෑගැහුවේ ආයෙත් කුකීස් බෝතලය ගන්න උත්සහ කරමින් කිව්වා..

"ඉන්න.." ටේහ්යුන්ග් ජන්කුක් ලගට ඇවිත් කුකීස් බෝතලයක් අරගෙන ජන්කුක්ට දුන්නා..

"මොන fried rice එකක් ද ඕනේ?" ටේහ්යුන්ග් ජන්කුක්ට බෝතලයත් ඇරලා දෙන ගමන් ඇහුවා..

"Mix?!" ජන්කුක් කොහොම හරි ටේහ්යුන්ග් ගෙන් කුකීස් බෝතලය උදුරා ගන්න ගමන් කිව්වා..

"Mix කිව්වේ කොයි වගේ එකක් ද?" ටේහ්යුන්ග් ඇහුවේ කුකීස් එකක් අරගෙන බෝතලයත් බදාගෙන ඉන්න ජන්කුක් ගෙන්..

"ඔය තියෙන තියෙන කෑලි ටිකක් දාලා හදමු.." ජන්කුක් කුකීස් එකත් කටේ තියන් කියද්දී ටේහ්යුන්ග්ට බකස් ගාලා හිනා ගියා..

"කෑලි කිව්වේ?" ටේහ්යුන්ග් හිනාව එක්කම ඇහුවා..

"ඕනේ දෙයක්!! ඕනෙම දෙයක් දාලා හදමු!!" ජන්කුක් එයාගේ බනි ස්මයිල් එකත් එක්ක කිව්වා..

"හරි එනම්.. ඉන්න ඔයා කියන්න ඔයා ආස දේවල්! ඉන්න මං නොට් පෑඩ් එක අරගෙන එන්නම්.." ටේහ්යුන්ග් එහෙම කියන ගමන් ඉක්මනට ලිවින්ග් රූම් එකට ගිහින් නොට් පෑඩ් එක අරගෙන අයෙත් කිචන් එකට ආවා..

"I have a question for you bro!" ජන්කුක් කුකීස් බෝතලය කිචන් ටේබල් එක උඩ තියලා එතැන තිබුණු පුටුවක් අරගෙන එකට කකුලක් තියලා කිචන් ටේබල් එකට නගින ගමන් ඇහුවේ නොට් පෑඩ් එකට ඔලුව ඔබන් කුකින් වීඩියෝ එකක් හොයමින් හිටිය ටේහ්යුන්ග්ට..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Unde poveștirile trăiesc. Descoperă acum