Chapter 28 📸

967 253 104
                                    

"දැන් නම් යන්න වෙලාව ඒ!! ගේට් අප්!!" ලන්ච් එකෙන් පස්සේ ආයෙත් ජන්කුක් ගේ ඔඩොක්කුවේන් ඔලුව තියාගෙන ටේහ්යුන්ග් නිදා ගත්තේ ජන්කුක් පොත් ටික තියන් කියවද්දී..

කාලය නොතේරීම ගත වෙලා තිබුනා.. ජන්කුක් නිකමට ලිවින්ග් රූම් එකේ කොනක තිබුණු ක්ලොක් එක දිහා බලද්දී තමා ජන්කුක් වෙලාව දැක්කේ..! වෙලාව හවස පහයි.. ඉරත් අවරට යමින් තිබුණු නිසා ඒ ආපු ඉර එළියත් ටේහ්යුන්ග්, ජන්කුක් දෙදෙනා ලගට වැටිලා තිබ්බා..

"ම්ම්හ්ම්ම්ම්.." ටේහ්යුන්ග් හිමින් සැරේ තමන්ගේ ඔලුව පැත්තට හැරෙව්වා.. එත් ඇස් දෙක ඇරියේ නම් නෑ..

"හ්යුන්ගි බොලේ වේකී වේකී!! සන් ඉස් රයි-- අහ්හ්හ් නෑ නෑ.. නොට් රයිසින්ග්.. ඔහ් ක'මෝන් නැගිටින්න හ්යුන්ග්.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ මුහුණට පහත් වෙලා හිමින් තමන්ගේ ඇගිලි ටේහ්යුන්ග් ගේ කම්බුල පුරා ගෙන ගියා..

"ඉන්නකෝ.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ අත අල්ලාගෙන එක තමන්ගේ පපුවට තද කරගත්තා..

"අයියෝ.. රෑ වෙයි.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ නහයට නහය තියලා, ටේහ්යුන්ග් ගේ තොල් වලට ලං වෙලා හිමින් මිමිනුවා..

"කමක් නෑ.." ටේහ්යුන්ග් චුට්ටක් මුහුණ උස්සල ජන්කුක් ගේ තොල් වලට තත්පරයකට තොල් තද කරලා අයෙත් හොදට නිදා ගන්න ජන්කුක් ගේ කකුල් දෙක උඩම අනෙක් පැත්ත හැරුනා... හදිස්සියේ ඒ වගේ දෙයකට ලෑස්ති වෙලා නොහිටපු ජන්කුක් ටිකක් පුදුම උනත් ආයෙත් ඔලුව සෝෆා එකේ තද කරගෙන එක අතකින් තමන්ගේ රතු වුනු කම්මුල පොඩ්ඩක් පිරිමදින ගමන් හිනා වුනා..

"ඔයා කියුට්.." එක පාරටම ජන්කුක් පහත බැලුවේ ටේහ්යුන්ග් ඇස් දෙක භාගෙට අරගෙන පොඩි smrik එකක් කට කොනක තියාගෙන කිව්වා..

"නැගිට්ට නම් අයින් වෙන්න.." ජන්කුක් ලැජ්ජාව වහ ගන්න ටේහ්යුන්ග්ව නැගිට්ටවන්න හදන ගමන් කිව්වා..

"C'mon මෙච්චර වෙලා හොදට හිටියේ.. අනික මං නැගිටලා නෑ.. කොහෙද ඔයා කියුට් නේ දරාගන්න බෑ.. බලන් ඉන්න හිතෙනවා.. හීන වල ඉන්නෙත් ඔයා කොමත්.. ඒ නිසා නිදාගෙන හීන බලනවට වඩා ඇස් අරගෙන ඔයා දිහා බලන් ඉන්න එක ශෝක්.." ටේහ්යුන්ග් මිමිනුවා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now