Chapter 27 📸

1K 278 137
                                    

එත් එක්කම එතනට ගියපු ටේහ්යුන්ග් ජන්කුක්ව තමන්ගේ පැත්තට හරවාගෙන ජන්කුක් ගේ ඉන වටා අත යැව්වේ ජන්කුක් ගේ ඇස් ලොකු වෙද්දී..

ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඒප්‍රන් එක ඉන වටේ යවල ඒප්‍රන් එකේ පටි දෙකෙන් ජන්කුක්ව තමන්ගේ ලගට ඇදලා ගත්තේ ජන්කුක් ගේ මුණ ටේහ්යුන්ග් ගේ පළල් පපුවේ වැදෙද්දී..

"මෝ..මොකද කරන්නේ" ටේහ්යුන්ග් ගේ මුහුණත් ජන්කුක් ගේ මුහුණට එහා පැත්තෙන් ගිහින් ටේහ්යුන්ග් ගේ ඇගිලි ජන්කුක් ගේ ඒප්‍රන් එකේ පටිය හිමින් සීරුවෙ ගැටගැහුවා.. එත් ජන්කුක්, එයා ටේහ්යුන්ග් එක්ක වෙනම ලෝකෙක හිර වෙලා.. ටේහ්යුන්ග් ගේ පැත්තෙන් පේන මුහුණ දිහා බලාගෙන, ඒප්‍රන් එක ගැට ගහද්දි යන්තමින් ටේහ්යුන්ග්ගේ ඇගිලි තමන්ගේ පිටේ වැදෙද්දී ජන්කුක්ට කරන්ට් එක්ක වැදුනා වගේ හැගීමක් දැනුනා..

ටේහ්යුන්ග් උනත් එක හිමින් කරේ එයාට ජන්කුක්ගේ ලග තියෙන උණුහුම හා සුවද විදගන්න එයාට ලේසියෙන් අවස්ථාවක් නොලැබෙන නිසා.. ජන්කුක් ගේ බෙල්ල ලගට යන්තම් තමන්ගේ මුහුණ හේත්තු කරන් ජන්කුක් ගේ ඉන වටේ අත දාගෙන යාන්තමින් ජන්කුක් ගේ බෙල්ල පිටිපස්සේ සුවද විද්ද ටේහ්යුන්ග් පටිය ගැටගහල ඉවර වුනාම උනත් ටිකක් වෙලා ඒ පටිය අල්ලාගෙන හිටියා... හිතලා නොවුනත් මොහොතකින් ටේහ්යුන්ග් ගේ අත් දෙක ජන්කුක් ගේ ඉන වටේ බෙල්ට් එකක් වගේ බැදුනේ ටේහ්යුන්ග් ටිකක්‌ ඔලුව පහත් කරලා ජන්කුක් ගේ උරෙස්සෙන් තමන්ගේ ඔලුව තියාගනිද්දී..

ජන්කුක් පුදුම වුනා මොහොතකට කලින් වුනු දෙය ගැන.. ටේහ්යුන්ග් ගේ ඇගිලි හිමින් සීරුවෙන් ජන්කුක් ගේ බද වටා බැදෙද්දී එයාට දැනුනේ තමන්ගේ බඩේ සමනල්ලු යනවා වගේ හැගීමක්... එත් එක්කම ටේහ්යුන්ග් ජන්කුක් ගේ උරෙස්සෙන් ඔලුව තියාගද්දී, ටේහ්යුන්ග් ගේ ගැඹුරු හුස්මවල් ජන්කුක් ගේ බෙල්ලේ වැදෙද්දී, ජන්කුක් ගේ හිත ජන්කුක්ටවත් විස්තර කරන්න බැරි හැගීමකින් පිරිලා ගියා...

"කූ.." ටේහ්යුන්ග් ගැඹුරු, පහත් හඩින් කියද්දී එය ජන්කුක්ව හිරිවට්ටන්න තරම් වුනා..ටේහ්යුන්ග් ජන්කුක් ගේ නම කිව්වත් ඒ තමන්ගේ නම කියලවත් තෙරුන් ගන්න තරම් මානසිකත්වයක නම් නෙවේ ජන්කුක් හිටියේ... එක ටේහ්යුන්ග්ට උනත් තේරුනා.. ඒ නිසා තත්පරෙන් තත්පරේ ටේහ්යුන්ග් ජන්කුක් ගේ උරෙස්සෙන් තමන්ගේ අත අරගෙන අයෙත් කෙලින් වුනත් ජන්කුක් ගේ බද වටේ බැදිලා තිබ්බ තමන්ගේ අත් දෙක ගන්න නම් ටේහ්යුන්ග් හිතකින් වත් හිතුවේ නෑ..ඔව් ටේහ්යුන්ග් ඈත් වුනේ නෑ.. ටේහ්යුන්ග් තවත් ලං වුනා.. ජන්කුක් ගේ ඉනෙන් තවත් තද කරලා තමන්ගේ ඇගට ජන්කුක්ව හොදින්ම තද කරගත්තේ එයාල අතර පොඩිම හිඩැසක්වත් නැති කරලා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now