Chapter 22 📸

1K 272 89
                                    

"ඔයාට කිසිම සැලකිල්ලක් නෑ ටේහ්යුන්ග්.." ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්යුන්ග් ගේ මුණට ලං වෙලා ටේහ්යුන්ග් ගේ අවිස්සිල්ලා තිබුණු කොන්ඩේ හරියට හදලා ටේහ්යුන්ග් ගේ කනට පිටිපස්සෙන් කොන්ඩේ ටිකක් රැදෙව්වා..

"කොන්ඩේ දිගයි ඔයාගේ.." එහෙම්මම ටේහ්යුන්ග් ගේ කොන්ඩෙන් අත ගන්නෙම නැතිව ජන්කුක් මිමිනුවා..එත් ටේහ්යුන්ග්ට නෙවේ එක ඇහුනේ.. එයා හිටියේ ජන්කුක් ගේ තොල් අතර හිර වෙලා...

Lip piercing එකකින් කොනක් හැඩ වෙලා තිබුණු ජන්කුක් ගේ ලා රෝස පාට තොල් ටේහ්යුන්ග්ව ඒ තොල් වලට ඇදල ගන්නවා වගේ ටේහ්යුන්ග්ට දැනුනා...ටේහ්යුන්ග්ට ඕනේ උනේ එක සැරයක් ඒ තොල් strawberry පාටට දිලිසෙන විදියටම strawberry රසද කියලා බලන්න විතරයි..

මේ වෙද්දීත් ටේහ්යුන්ග්ට නොතේරීම ටේහ්යුන්ග් ගේ අත් ජන්කුක් ගේ තොල් ලට ගිහින් ඉවරයි.. ටේහ්යුන්ග් හිමින් තමන්ගේ දිගු ඇගිලි වලින් ජන්කුක් ගේ තොල් පිරිමදින්න ගත්තේ ජන්කුක් ගේ තොල් වල තිබුණු සිනිදු ගතිය නිසා තවත් ඒ තොල්වල රස බලන්න තියෙන ආසාව වැඩි වෙද්දී...ජන්කුක් ගේ ඇස් දෙක තරමක් පුදුමයෙන් ලොකු වෙලා තිබුනත් එක බලන්න තරම්වත් ටේහ්යුන්ග්ට සිහියක් තිබුනේ නෑ... ජන්කුක්ට ඕනේ උනා නම් ජන්කුක්ට නවත්වන්න තිබ්බා..

එත් හිතන්නත් කලින් ටේහ්යුන්ග් ජන්කුක් ගේ තොල්, තමන්ගේ තොල් වලින් ස්පර්ෂ කරේ හිතුවේ වත් නැති විදියට මෙහෙම හාදුවක් ලැබුණු ජන්කුක් ගේ ඇස් තවත් පුදුමයෙන් ලොකු වෙද්දී.. එත් ඒ වෙද්දීත් ටේහ්යුන්ග් ගේ ඇස් නම් වැහිලා තිබ්බා..

ටේහ්යුන්ග්ට නොදැනුවත්වම එයා ජන්කුක්ව ජන්කුක් ගේ බද වටෙන් අත දතවත් ලගට ගත්තේ එයාලා අතරේ තිබුණු කුඩාම පරතරයත් නැති කරමින්.. ජන්කුක්ට තවමත් එක නවත්වන්න තිබුනා එයාට ඕනේ උනා නම්..

එත්, මේ දෙය ඕනේ වෙලා හිටිය ජන්කුක්ත් මොහොතකින් තමන්ගේ පුදුමයෙන් ඇරිලා තිබුණු ඇස් වහගෙන ටේහ්යුන්ග් ඉන හරියෙන් ටීෂර්ට් එක තමන්ගේ ඇගිලි වලට තද කරගත්තා..

ටේහ්යුන්ග් ගේ තොල්, ජන්කුක් ගේ තොල් වල එහා මෙහා යද්දී, ටේහ්යුන්ග්ට මෙච්ච්ර වෙලා හොයාගන්න ඕනේ වුනු ඒ රසය තේරිලා තිබ්බේ..ජන්කුක් ගේ තොල් වලා ඇත්තටම තිබ්බේ strawberry රසයක්... කලින් ගාපු ලිප් බාම් එක ද නැත්නම් ඒ ජන්කුක් ගේ තොල් වල රසය ද කියලා ටේහ්යුන්ග් ට තේරුමක් තිබ්බේ නෑ.. එක පස්සට කල්පනා කරන්න කල් දාපු ටේහ්යුන්ග් තවත් තමන්ගේ තොල් හිමින් ජන්කුක් ගේ තොල් වලට තෙරපුවේ, හිමින් ජන්කුක් යටි තොල තමන්ගේ දත් අතරට හිර කරලා ජන්කුක්ට නොරිදෙන්න හපන ගමන්...

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Tempat cerita menjadi hidup. Temukan sekarang