Chapter 33ˡᵃˢᵗ 📸

1.3K 272 210
                                    

"ටේ.." ජන්කුක් ටේහ්යුන්ග්ගේ අතෙන් තද කරලා අල්ලාගෙන එයාගේ ලගට ලං වුණේ වසන්තය නිසාම රාත්‍රිය හුගක් සීතල නිසා..

"හ්ම්ම්.. හරිම ලස්සනයි නේ.." ටේහ්යුන්ග් ජන්කුක් එක්කම ඉස්සරහට ඇවිදගෙන යමින් ඇහුවා..

"හුගක්..! එක ඊට වඩා ලස්සනයි මං ඔයා එක්ක ඉන්න නිසා.." ජන්කුක් කියද්දී ටේහ්යුන්ග් හිනා වුනා..

"ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑ ඔයා වගේ කෙනෙක් මට හම්බවෙයි කියලා! ඔයාව මුලින් දැක්ක දවසේ මට හිතුනේ නෑ කවදා හරි අපි මැරී කරයි කියලා.. ඇත්තටම මං හිතුවේ නෑ.. එත් අද, අද ඔයා මගේ ෆියෝන්සේ! ඒ වගේම අපි තව සතියකින් මැරී කරනවා! මට හුගක් සතුටුයි!!" ජන්කුක් හුගක් සතුටෙන් ඒ හැම වචනයක්ම කිව්වේ..

"මටත් හුගක් සතුටුයි! මං කවදාවත් හිතුවේ නෑ! ඔයා තරම් මට ආදරේ කරන කෙනෙක් මට හම්බවෙයි කියලා මගේ පණ.." ටේහ්යුන්ග් නැවතිලා ජන්කුක් ගේ නළල සිපගන්න ගමන් කිව්වා..

"තැන්ක්යූ සෝ මච් ටේ! ඇත්තටම මාව මං විදියට පිලිගන්න්වට! හුගක් අය නොදකින ජන්කුක්ව අදුනා ගත්තාට.." ජන්කුක් ටේහ්යුන්ග්ව තදෙන් බදාගන්න ගමන් කිව්වා..

"You are my everything Jungkook!!" ටේහ්යුන්ග් ජන්කුක්ව තවත් තමංගේ පපුවට තුරුළු කරන් කිව්වා..

"ඔයත් මගේ හ්යුන්ග්!" ජන්කුක් මිමිනුව..

"හැමදාම මගේ අත මේ වගේ අල්ලාගෙන මගෙත් එක්ක මුළු ජිවිත කාලයම ඇවිදන් යන්න එනවට තැන්ක්ස් කුකී.. මමත් දන්නේ නෑ කොහොමද මට ඔයා වගේ පරිපුර්ණ ආදරයක් ලැබුනේ කියලා! ඔයා හැමවෙලේම කිව්වත් ඔයා පරිපුර්ණ නෑ කියලා ඔයා මට පරිපුර්ණයි ජන්කුක්! ඔයා කිව්වා හද උනත් පරිපුර්ණ නෑ කියලා! හදෙත් අපිට නොපෙනෙන කොටසක් තියෙනවා! එත් මං පොරොන්දු වෙනවා! මං ඔයාගේ ජිවිතේ ඒ කොටසත් එලිය කරනවා!" ටේහ්යුන්ග් ජන්කුක්ව බදාගෙනම ජන්කුක්ට මිමිනුවා..

"ස්තුතියි හ්යුන්ග්!" ජන්කුක් මිමිනුවා..

"මට ඇත්තටම කියන්න දේවල් නෑ හ්යුන්ග්.. අයිෂ් මට පිස්සු වගේ.. " ජන්කුක් ටේහ්යුන්ග් ගේ ඈත් වෙලා මුහුණ අත් දෙකෙන්ම වහගන්න ගමන් කිව්වා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now