_1_

214 31 1
                                    

SMILE - [A Fanfiction Only]

Episode 1

________________________________

"හෝ...ඔහොම ඉන්න..!!"

ගෙදරින් එලියට බහින්න පරක්කු වෙච්ච මන් දුවගෙන පාරට එනකොටත් ස්ටාර්ට් කරන්න තිබුන බස් එක දැකලා අතේ තිබුන පොත් රෝල් කරන ගමන් වාහන පාර හරහා යද්දිම පාර පැන්නේ පුලුවන් වේගෙන් දුවන් ඇවිත් බස් එකේ බදේට ගහලා බස් එකට නැග්ගේ කාඩ් එක දීලා පේ කරලා..

එක්සෑම් ඉවර වෙච්ච නිසා රෑ වෙනකන්ම යාලුවෝ එක්ක ගේම් ගගහා හිටියේ ඊට පස්සේ දවසේ පන්ති යන්න තියෙනවා නේද කියලා යන්තම් හරි මතකෙට නොඑද්දි..

එලිවෙන පාන්දර දෙකයි ගානට විතර ෆෝන් එක චාජර් එකට ගැහුවෙත් අප්පාගෙන් බැනුම් ඇහුවටත් පස්සේ..

ඇදට වැටුන ගමන් නින්ද ගිය මට උදේ ඔම්මා ඇවිත් නැගිට්ටවන කොටයි ඇහැරුනේ..

ඒකත් වෙලාව හතයි තිහ වෙලා තියෙද්දි..

වේලසනින් නැගිට්ටුවේ ඇයි ඔම්මා කියලා ඔම්මාගෙන් අහපු මම ආයෙමත් කොට්ටෙට මූන ඔබාගත්තේ ඔම්මා ගෙනත් තිබුන ගේ පිහිදන කොස්ස මගේ පස්ස රත් කරලා පන්ති යන්නේ නැද්ද කියලා සැරෙන් අහද්දි..

වැදුන පාර නිසා කදෙන් විතරක් ඉස්සිලා පස්ස අත ගගා හිටපු මට ඒ වෙනකනුත් බැරි වුනා මොකද්ද අද තියෙන පන්තිය කියලා මතක් වුනේ..

කලු සුදු පුන්චි කොටු තිබුන ශර්ට් එකක් එක්ක සුදු පාට ඩෙනිමක් මැදලා ඔම්මා ගෙනත් මූනට දමලා ගැහුවේ "අද ෆිසික්ස් පන්ති යන්නේ නැද්ද දරුවෝ.." කියලා ආයෙමත් සැර කරලා අහන ගමන්..

ෆිසික්ස් ක්ලාස් තියෙයි කියලා ඇත්තටම අමතක වෙද්දි ඊයේ රෑ ගේම් ගහපු එකට මටම සාප කරගත්තු මම විනාඩි විස්සෙන් ක්ලාස් යන්නත් ලේස්ති වෙලා ඔම්මා බලෙන්ම කටේ ඔබපු කිම්බම්ප් ටිකත් කටේ ඔබන් ගෙදරින් එලියට දිව්වේ අටේ බස් එක මග ඇරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරද්දි..

එද්දිත් යන්න ලේස්ති වුන බස් එකට දුවන් එන්න තරම් මන් පරක්කු වුනේ ඒ නිසයි..

"මට වතුර එකක් තියෙයි නම් දීපන්කෝ..!"

"මොකද උබ පරක්කු..!"

වතුර එකක් ඉල්ලපු ගමන් මගේ යාලුවෝ ආපිටට මගෙන් ප්‍රශ්නයක් අහද්දි දත් තිස් දෙකත් එක්ක හැමෝම කියන බොක්සි ස්මයිල් එක දාලා මාත් එක්ක ගේම් ගහපු අනිත් දෙන්න දිහා බලලා හිනා වුනේ,

"පොඩ්ඩක් රෑ වෙනකන් ඇහැරන් හිටියා.." කියද්දි..

"උබ හැදෙන්නේ නම් නෑ..!"

ඒක තමයි හැමෝම මට කියන්නේ මන් රෑ වෙනකම් ගේම් ගහනවා කියලා දැනගත්තම..

මොකද මම ටේහ්‍යුන්ග් කිම් කියන ලමයා නිසා...

____________________

මේක පොඩි එපි තියෙන පොඩි කතාවක්..

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now