_32_

78 20 3
                                    

SMILE - [ A Fanfiction Only ]

Episode 32

_____________________________

දැන් මාස දෙකකට කලින් ඔම්මාට් නිවී හම්බවුන නිසා නිතරම නිවී අපේ ගෙදර එන්න පටන් ගත්තා..

නිවී විතරක් නෙවෙයි සුමී සුන්හි දෙන්නත්..සුමී කරපු දේවල් ජන්ග්කූක් දැනගත්තට පස්සේ සුමීට කම්මුල් පාරක් දෙන්න ගියත් ඒක නිවි මැදට පනින ගමන් නැවැත්තුවේ ජන්ග්කූක්ගේ පත සයිස් අතෙන් කම්මුල් පාරක් නිවි කද්දි...

සුමී මොනදේ කරත් නිවී කැමති වුනේ නෑ සුමී කාගෙන්වත් ගුටි කනවා බලන්න..

සුමී එක්ක නිවී වෙනදා වගේ හිටියත් නිවී එක දෙයක් අදටත් සුමීට කියනවා..ඒ තමයි මන් කවදාවත් යාලුවෝ කියන අය විශ්වාස කරන්නේ නෑ සුමී කියලා..ඒක නිකන් හරියට නොකියා කම්මුල් පාරක් සුමීට දෙනවා වගේ කියලා හිතුනත් මන් ඒකට මුකුත් කියන්න ගියේ නෑ..

සුමීගේ ප්‍රශ්නේ නිසා මගේ ඔම්මා නිවී ගැන දැනගත්දි එයා නිවීට එක පයින්ම කැමති වෙච්ච එක ගැන නම් මන් සෑහෙන්න කල්පනා කරා..

ඒ සම්බන්ධව සිද්ද වෙච්ච හොදම දේ තමා ඔය විදියට නිවී ගැන ගෙදරින් දැනගද්දි මගේ හිතේ නිවී ගැන තිබුන අදහස ඔම්මට කියලා දාද්දි ඔම්මට කලින් අප්පා ඒ සම්බන්දෙට කැමැත්ත දීපු එක...

අදත් නිවී අපේ ගෙදර ආපු දවසක්..නිවී විතරක් නෙවෙයි අද අපි නවදෙනාම හිටියේ එකට..ලබන සතියේ තියෙන එක්සෑම් එක නිසා පාඩම් කරන්න ගද්දි පාඩම් කරලා ඉවර වෙලා හැමදාම පැයක් දෙකක් ඇවිදින්නත් අපි තියාගත්තා..ඒකට තමා මම හුගක්ම ආස..

"ටේ ඔම්මා කිව්වා ඔයා සැර කෑමවලට පොඩ්ඩක්වත් කැමති නැතිබව..!"

අතේ තියෙන සැරට හදපු චිප්ස් පැකට් එක පෙන්නන ගමන් නිවී කියද්දි මම එක දිගට ඔලුව වැනුවේ ඔව් කියලා කියන්න..

"දන්නවද ටේ..ඔයා වොරි වෙන්න ඕන නෑ ඒ ගැන..මොකද මට සැරට නැතුව කෑම හදන්නත් පුලුවන්..!"

"මෝ..?"

නිවී උඩ පනින ගමන් කියවගෙන කියවගෙන යද්දි අන්තිමට කියපු දේ නිසා නිකන්ම නැවතෙද්දි ටික වෙලාවක් මගේ දිහා බලන් හිටපු නිවීගේ මූන රතුවෙන්න ගත්තේ මගේ මූනට හිනාවක් එද්දි..

"ම..මම කිව්වේ..ම..ම ඉන්ටර්වල් එකට හදලා ගේන්නම් කියලා..එහෙම තමා හරිද..!"

චිප්ස් දෙක තුන කටේ ඔබා ගන්න ගමන් හතර වටේට ඇස් යවන ගමන් කලබලෙන් නිවී කියවද්දි මන් ඇසුත් හීන් කරන් ඒ දිහා බලන් හිටියේ හිනා වෙවී..

"හා හා..ඉන්ටර්වල් එකට අරන් එන්න..!"

රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න ඉන්න නිවීව බෙල්ලේ තිබුන හූඩි එකෙන් ඇදලා අරන් කර වටේට අතකුත් දාන් ඉස්සරහට යන ගමන් මම කියද්දි මග නැවතුන නිවී මගේ අත එයාගේ කර වටෙන් අයින් කරා..

"වේ..?"

"ඔයාගේ යොජාචින්ගු දැක්කොත් හරි නෑ කියලා මම හැමදාම කියනවා ටේ ඔයාට..!"

නිවී අහක බලන් කියද්දි මන් අදත් ඒ දිහා බලන් හිටියා..නිවීගේ කටින් අර වගේ දේවල් මේ ලගකදි ඉදන් එක දෙක පනින කොට මන් සතුටු වෙලා නීවිව ලගට ගද්දි මගෙන් ඈත් වෙන නිවී මන් එදා කියපු දේ කියන්නේ අහක බලන්මයි..

"නිනී..!"

"ම්ම්..!"

"දෙයක් කියන්නම්.!"

"හ්ම්ම්..!"

"මමත් ඔයාට නොකියා කියලා තියෙනවා මම ඒ ඔයාට කිව්වේ බොරුවක් කියලා..!"

බකමූනු බිත්තර ගිල්ලා වගේ හ්ම්ම් හ්ම්ම් ගාන නිවීගේ කරට අතකුත් දාන් මම කියවද්දි මගේ දිහා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න නිවී 'මොකද්ද..!!' කියලා සද්දෙන් ඇහුවේ මන් කිව්වේ ඇත්ත කියලා කියන්න ඔලුව වනද්දි..

"එතකොට ඔයාට කෙල්ලෙක් ඉදලම නැද්ද..!"

"නෑ..හැබැයි නිනී..මම කෙනෙක්ට කැමැත්තෙන් ඉන්නවා..ඒක බොරුවක් නෙවෙයි..!"

මම කියද්දි නිවී මන් දිහා බලන් ඉදන් ඔලුව වැනුවේ එයා ඉක්මනට ඔයාටත් කැමති වෙයි කියලා කියන ගමන්..

මෝඩි කියන්න දෙයක් නෑ ඔයා කොහොමත් මට කැමතියි තමා..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon