_34_

93 20 3
                                    

SMILE - [ A Fanfiction Only ]

Episode 34

___________________________

කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා හිටපු මන් අත් දෙකත් බැදගෙන පාර එහා පැත්තේ ගලන් යන ඇල දිහා බලන් හිටියේ හිස් හැගීමකින්ද මන්දා..

"ඔයා මම අහපු දේට තාම උත්තර දුන්නේ නෑ ටේ..!"

නොහිතපු වෙලාවක ඇහුන කටහඩ නිසා ගැස්සිලා කල්පනා ලෝකේ හිටපු මම එලියට එද්දි මගේ පැත්තට දික් කරේ එයා ගෙනාපු අයිස් ක්‍රීම් කප් එක..

එයා කියන්නේ මගේ ටු බී වයිෆ්..!

"මොනා ගැනද ඔයා ඇහුවේ..!"

අතේ තිබුන කාර් කී එක සාක්කුවට දා ගන්න ගමන් විහිලුවටත් එක්ක යන්‍තම් මූනට ආපු හිනාවත් එක්කම මන් ඉස්සරහට දික් කර අයිස්ක්‍රීම් කප් එක ගත්තේ මගේ වෙන්න වයිෆ් මන් දිහා රවාගෙන බලන් ඉද්දි..

"යා..ටේ ඔයාට මාව ජෝක් එකක්ද..?"

"ආනි..එත් ඔයා ගොඩාක් දේවල් කතා කර නිසා-"

"මන් ඔයාගෙන් ඇහුවෙ ඔයාට මට කලින් අමතක කරන්න බැරි ආදරයක් තිබුනේ නැද්ද කියලා..!"

කාර් එකේ බොනට් එක උඩට මගේ අතේ ආදාරෙන් නගින ගමන් අහද්දි මන් එයාගේ නලලේ තිබුන කොන්ඩේ පස්සට කරලා හිනාවවෙිම ඔලුව වැනුවේ ඔව් කියන්න..

"තිබුනා..!
ඒ ඉන්ජිනේරු මහත්තයෝ මට ඒ ගැන කියන්න උවමනාවක් නැද්ද..?"

මගේ ඉස්සරහා කොන්ඩෙන් ඇදලා අයිස් ක්‍රීම් හැන්ද කටේ ගහන් අහද්දි කොන්ඩේ ඇද්ද සැරට නම් මට ආව් ගෑවුනා..

"යා..සූහියා රිදෙනවා..මන් කියන්නම්..!"

"අන්න එහෙම..!"

කියන ගමන් මගේ කොන්ඩේ අතෑරපු සූහි මගේ අයිස් ක්‍රීම් කප් එකෙනුත් කටක් කෑවේ මන් හිනාවෙද්දි..

"මමත් කෙනෙක්ට අමතක කරන්න බැරි තරමට ආදරේ කරා සූහියා දැනට අවුරුදු පහකට කලින්..!"

මම එහා පැත්තේ තිබුන ඇල දිහා බලන් කියද්දි මගේ මූනට එබුන සූහි කවුද කියලා ඇහුවේ මගේ ඇස්වලට කදුලු එද්දි..

"එයාගේ නම නිවී..හැමෝටම නීවී වෙද්දි එයා මට විතරක් නිනී වුනා..
එයා ලස්සනයි හුගක්ම සූහි..ඒ වගේම ගොඩාක් හුරුබුහුටියි..!"

"චින්චා..කවුද අනේ ඒ..!"

ලොකු අයිස් ක්‍රීම් තලියක් කටේ දාගන්න ගමන් සූහි අහද්දි සාක්කුවෙන් ගත්තු ෆෝන් එකෙන් මම ආසම ෆොටෝ එක සූහි අතට දුන්නේ සූහි එයා මටත් වඩා ලස්සනයි කියද්දි..

"ඇත්තට..?"

"ඕ..එයාගේ හිනාව මාර ලස්සයි ටේ..!"

"මියන්හේ මෙහෙම කියල ඔයාගේ හිත රිද්දනවනම්..!
දන්නවද සූහි එයාගේ හිනාව තමයි මන් තව වනතුරුත් දැක්ක ලස්සනම හිනාව..."

ෆෝන් එකේම ඇස් අලවන් ඉන්න සූහිට මන් කියනවත් එක්ක මන් දිහා බලපු සූහි ඉවර කරපු අයිස් ක්‍රීම් කප් එක බොනට් එකෙන් තිබ්බේ,

"මට රිදෙන්නේ නෑ අනේ..!
එයා ලස්සන වුනාට ඔයා දැන් ඉන්නේ මාත් එක්කනේ..!"

මගේ බඩ වටෙන් අත දාලා මූන උඩට උස්සන් සූහි කියද්දි මටමතක් වුනේ නිවිව...නිවීගේ තිබුන ගතිගුන එක දෙක මට වඩා අවුරුද්දක් බාල සූහිගෙනුත් පේද්දි ආර්ත්මාර්තකාමී මගේ හිත පිලිගන්නෙම නෑ මේ ඉන්නේ සූහි මිස මගේ නිනී නෙවෙයි කියලා..

වෙලාකට මන් මටම දොස් කියාගන්නවා සූහිගෙන් මම මගේ නිනීව දකිනවා කියලා..

"ඒත් දන්නවද ටේ..ඔයා ඔහොම කියද්දි මට දුකක් නොදැනුනත් ඉරිසියයි..!"

මූනත් මොකද්දෝ කරන් ඉන්න සූහිගේ නහයට ඇනලා එහාට කරපු මම අයිස්ක්‍රීම් කප් දෙක ඩස්ට් බින් එකට දැම්මා..

"එයාට ඉරිසියා කරන්න එපා සූහි..මොකද එයා අද වෙනකොට අපි අතර ඉන්න කෙනෙක් නෙවෙයි..!"

හිත පිලිගන්න අකමැති වුනත් ඇත්ත ඒක වෙද්දි මුලු පපුවම ඉදිකටු තුඩවල්වලින් සූරනවා වගේ දැනෙද්දිත් හිනාවුන මම සූහිට කිව්වේ සූහිගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි..

"ම්..මියන්හේ ටේ..මම"

ගොත ගහන ගමන් සූහි කතා කරද්දි ඕනවටත් වඩා සෙන්සටිව් චරිතයක් වුන සූහිගේ ඇස්වලින් කදුලු බේරුනේ මම සූහිව මගේ අත් අතරට ගනිද්දි..

______________________________________

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now