_12_

70 17 0
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 12

____________________________

දවස දෙක ගෙවිලා යද්දි වැකේශන් ඉවර වෙලා ස්කූල් පටන් ගත්තේ සම්පූර්න දින චර්‍යාවම මගේ වෙනස් කරලා..

"ගුඩ් මෝර්නින්ග් ටේහ්‍යුන්ගා..!"

"මෝර්නින්ග් කට්ටිය..!"

කියාගෙනම ගේට් එකෙන් ඇතුලට අපු මගේ කරට පැන්නේ ජන්ග්කූක් එක්ක නම්ජූන්..

ස්කෝලේ ලමයි තැන් තැන්වල පිරිලා මාස එකහමාරක වෙච්ච දේවල් මහා සද්දෙන් හිනාවෙවි කතා කර කර හිටියේ ඒ හිනාවේ සද්දෙට ස්කූල් එක්ට එන ගමන් හිටපු  ශැන්ග්හයි ස්කූල් එකේ විනය බාර මිස් වෙච්ච ලී සේරි මිස් අසංවර ලමයි මේ ස්කෝලේ මගේ ඇස් ඉස්සරහම ඉන්නවනේ කිය කිය ඔලුවටත් ගගහා බැන බැන යද්දි..

වෙනදට වඩා අද ස්කෝලේ ශ්‍රේනි භාර ගුරවරු වගේම ප්‍රින්සිපලුත් සම්පූර්නෙන්ම කර්‍යබහුල වෙලා තිබුනේ ස්කූල් පටන් ගන්න නිසා විතරක්ම නොවන බව ශැන්ග්හයි ස්කූල් එකේ හිටපු ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් දැනන් හිටියා..

"අද කී දෙනෙක් අපේ පන්තියට වැටෙයිද මන්දා..!"

"අපේ පන්තියට පුරප්පාඩු හතරයි තිබුනේ..ඒ නිසා ඒ ගාන තමා එන්නේ..සමහර වෙලාවට ඒ ගානත් අඩු වෙයි ඒ එන අය අපේ පන්තියට වැටෙන්න තරම් දක්ශ නොවුනොත්.."

නම්ජූන් එයගේ කන්නාඩි දෙකත් අතින් හදන ගමන් කියද්දි අපි හූ මිටි තිබ්බේ ක්ලාස් එකට කවුරු ආවත් අපිට වැඩක් නොතිබුන නිසා..

පන්තිය ඇතුලට ගිහින් අපේ සීට්ස් වලින් වාඩිවෙනකොට හැමෝම ලමයින්ගේ ඇස් අපේ පැත්තට වැටිලා තියෙද්දි ජන්ග්කූක් යුන්ගි දෙන්නා ඇර අපි පස් දෙනා හිනා වුනේ නැත්තම් අද මේ ලමයි වෙන පැත්තක් බලන්නේ නැති බව දන්න නිසා..

කට්ටිය එක්ක වාඩි වෙලා කයියක් දාන් ඉද්දි පන්ති භාර සර් වෙච්ච ම්ස්ටර් සොන්ග් ආවේ අතේ පොත් තුනකුත් එක්ක..

"ඒ කියන්නේ අපේ පන්තියට තේරිලා ඉන්නේ ලමයි තුනයි.."

කියලා හැම ලමයෙක්ගෙම කටින් පිටවෙද්දි නිශ්ශබ්ද වෙන්න කියලා ඩෙස් එකට තට්ටු කරපු සර් කෝල් එකක් දීලා ඒ ලමයි ටිකව එක්කන් එන්න කියද්දි අපිත් උවමනාවෙන් බැලුවේ කවුද කියලා..

ටික වෙලාවක් කියව කියව හිටපු ලමයි අතරේ දොර දිහා බලන් හිටපු අපි හත් දෙනත් පුදුම උනේ ඇරුන දොරෙන් ඇතුලට ආවේ පොඩි කෙල්ලයි එයාගේ යාලුවෝ දෙන්නයි වෙච්ච නිසා..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now