_27_

75 20 0
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 27

___________________________

"නිවී...!"

අලුත් සතියක් වුනත් සුපුරුදු විදියට අදත් ගේට් එක ලගට වෙලා පුන්චි බෙන්ච් එකේ වාඩි වෙලා අතේ තිබුන ගල් කැට විසි කර කර හිටපු මම බලාපොරොත්තු වුනා අදවත් නිවීගේ පුටුව හිස් නැතුව තියෙයි කියලා..

එන්න එන්න සීතල වැඩි වෙද්දි ගේට් එක වහන වෙලාවත් ලන් වෙද්දි ඕනවටත් වඩා මගේ ඇස් ගේට් එක පැත්තට යද්දි හදිස්සියෙන් ගේට් එකෙන් ඇතුලට ආපු නිවීව දැකලා නිවීගේ නම සද්දෙන් කියන ගමන් නැගිට්ටේ තප්පරයක් යන්නත් කලින් වෙන්න ඇති..

"න්..නෝ ක්වෙන්චානා..?"

ගේට් එකෙන් ඇතුලට ආපු නිවී ටිකක් ඉස්සරහට එනකන් ඉදලා ඉස්සරහට දුවන් ගිය මම නිවීගේ අතින් අල්ලන් අහද්දි ඔලුව වනලා වෙනදා වගේම හිනාවෙද්දි නිවීව ඇදලා අරන් තදට බදාගත්තේ ඇගට ලේ ඉනුවේ දැන් කියලා හිතෙද්දි..

දෙයියනේ දවස් අටකට පස්සේ මම මේ රූපේ දකින්නේ...!!

"මොකද වුනේ..!
ඇයි මැසේජ් සීන් කරලා නිකන් හිටියේ..!දන්න්-"

"ටේ මේ බෑග් එක පන්තියෙන් තියලා එන්න පුලුවන්ද..ප්ලීස්..ඔයා එනකන් මන් ග්‍රවුන්ඩ් එක ලග තියෙන බෙන්ච් එකේ වාඩි වෙල ඉන්නම්..!"

කරේ තිබුන බෑග් එක ගලවලා ඉස්සරහට දික් කරද්දි නිවීගේ බෑග් එක අරන් ගිහින් මිස්ටර් සොන්ග් නැති නිසා අපේ නව දෙනා ඇර හිස් වෙලා තිබුන පන්තියෙන් තිබ්බේ නිවීගේ බෑග් එක දැකලා ඒ අය මගෙන් ප්‍රශ්න කරද්දි..

"නිනී ආවා..මන් එයා එක්ක කතා කරලා එන්නම්..!"

"ටේ පරිස්සමෙන්..!"

ජිමින් කියද්දි මම ඔලුව වනන ගමන් ග්‍රවුන්ඩ් එක පැත්තට දුවන් යද්දි නිවී එතන එහා පැත්තේ තිබුන ටැප් එකෙන් මූන හෝදන ගමන් හිටියා..

මන් බෙන්ච් එකෙන් වාඩිවෙලා නිවී මූනේ තිබුන වතුර අතෙන් පිහිදන ගමන් ඇවිත් වාඩි වෙද්දි මන් නිවී දිහා දිගටම බලන් හිටියා..

අද නිවී සම්පූර්නෙන්ම වෙනස්... එයා  යුනිෆෝම් එකත් ඇදලා හිටිය විදිය පවා වෙනස්....

නිල් සුදු කොටු වැටිච්ච සායට වෙනදා සුදු ශර්ට් එක යට කරන නිවී අද උඩින් ඔහේ දාලා තිබුනා..

ටයි එක පිලිවෙලකට දාන නිවී අද ටයි එක නිකන් බෙල්ල වටේ දාන් හිටියා..

වෙනදා තිබුන කොන්ඩේ පෝනි ටේල් එකක් දාන නිවී අද කොන්ඩේ එකක් ගොතලා තිබුනේ සීතල හුලන් පාරට ඒ කොන්ඩේ කෑලි මුලු මූන පුරාම යද්දි..

කවදාවත් නැති විදියට ස්කෝලේ ආපු නිවී දිහා මම ඇසුත් හීන් කරන් බලන් ඉද්දි මගේ පැත්තට හරුන නිවී ඇයි කියලා අහද්දි මම මුකුත් නෑ කියලා අහක බලාගත්තා..

"මොකද්ද වුනේ නිවී..!
ඇයි ෆෝන් ආන්ස්වර් කරේ නැත්-"

අහන්න ගිය ප්‍රශ්නේ දැනගත්තා වගේ ස්කූල් බ්ලේසර් එකේ පොකට් එකේ තිබුන ෆෝන් එක මගේ අත උඩින් තිබ්බේ මගේ වචන එතනම නතර වෙද්දි...

මොකද ඒ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මකුලු දැලක් වගේ ඉරි ගිහින් තිබුන නිසා..

____________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Kde žijí příběhy. Začni objevovat