_8_

93 20 3
                                    

SMILE - [A Fanfiction Only]

Episode 8
_____________________________

දෙපාර තුන්පාර ඔලුවට ගහන් හිටපු අතෙන් ඔලුව පහලට වැටෙද්දි මටම වදයක් වුන මේ ඇස් බොදකරන් එන නින්ද නැති කර ගන්න නම්ජූන්ගේ ඉස්සරහා තිබුන බෝතලේ ඇදලා අරන් උගුරු දෙක තුනක් බී ගෙන බී ගෙන ගියේ පාඩමට හොදට ඇහුම්කන් දුන්න නම්ජූන් මගේ දිහා සතෙක්ටත් අන්ත  වෙන මොකෙක් හරි දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉද්දි..

"ගොඩක් බිව්වේ නෑ මේ..!"

කන්නාඩි දෙක අස්සෙන් මන් දිහා ඇසුත් දොඹ සයිස් කරන් බලන් ඉන්න නම්ජූන්ට මම කියද්දි අතේ තිබ්බ වතුර බෝතලේ කට ඇද කරන ගමන් ඇදලා ගත්තේ වතුර මතකයට බලපානවා කියලා යන්තම් මුමුනලා කියනවා මට ඇහෙද්දි..

පන්තියේ පැය හතර ඉක්මනින් ගෙවිලා යද්දි තව පැය භාගෙක වෙලාවක් ඉතුරු වෙන්න ජිමින් එක්ක ජන්ග්කූක් මොනා හරි අලුගුත්තේරු වැඩකට අර අදිනවා කියලා දැනගත්තේ ජිමිනිගේ උරහිස් අස්සේ මූන ගහන් හිනාවෙන විදියෙන්..

විනාඩි පහ දහය ගෙවිලා යද්දි පන්තිය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන ගමන් නිශ්ශබ්දව තිබුන පන්තියේ නිශ්ශබ්දතාවය නැති වෙලා යන්න කවදාවත් සයිලන්ට් නොදා ෆෝන් එක බෑග් එකේ දාන් එන ජින්ගේ ෆෝන් එක රින්ග් වුනේ ජින් තියෙන හදිස්සියට ෆෝන් එක කට් කරගන්න බැරුව දගලද්දි..

තද කරන් හිටපු හිනාව ජිමින්ගෙයි හේසොක්ගෙයි කටින් පුපුරලා යද්දි ජන්ග්කූක් මුකුත් නොවුනා වගේ හිටියේත් ලමයි එක්කම සර් අපි දිහා බලලා කට හැදුවේ මොනාහරි කියන්න වෙන්න ඇති කියලා මට හිතෙද්දි..බොහොම අමාරුවෙන් හේසොක්ගේ කෙකර හිනාව ඇහෙනකොට එලියට එන්න හදන හිනාව පාලනය කරගන්න මන් තොල් තද කරන් හිටියා..

"නැගිටිනවා ඔය තුන් දෙනාම...!!

ඔව් ඔය හැක හැක ගාන දෙන්නයි ඊට එහාපැත්තේ කට තද කරන් ඉන්න එකයි තුන් දෙනාම...!"

ඕක දැන් නැතුවට දැන් වෙයි කියලා හිත හිත ඉද්දිම සර්ගේ සද්දේ ඇහෙද්දි හිනාව කොහෙන්දෝ ජිමින්ගේ මූනෙන් නැති වෙලා යද්දි හේසොක් ඒ වෙනකනුත් හිනාවුනා..හොද වැඩේ කියලා මම හිතින් හිනාවුනත් ඊලගට සර් මන් ඉන්න පැත්තට අත දික් කරේ මම මගේම පැත්තට අත දික් කරන් මමද කියලා අහන කොට..

"ෆෝන් එකක් රින්ග් වුනා කියලා ඔය තරම් හිනා වෙන්න ඕනද ආ..!"

ආයෙමත් සර් කෑ ගහන්න කලින් නැගිටපු අපි තුන් දෙනාගෙන් සර් ප්‍රශ්න කරේ හේසොක් බිම බලන් ඉද්දි.. ජිමින්ගේ පස්සට ගහපු මම උබ ගැන පස්සේ බලාගන්නම් කියලා මිමුනුවේ ජිමින් සොරි මචන් කියද්දි..

දැන් කියලා දීපු දේ මොකද්ද කියලා අහද්දි ජිමින්ට කොහොමත් බෑ කියලා දැනගත්තු මම භාගයක් උත්තර දෙනකොට සර් නවත්තන්න කිව්වේ අපි නැගිටලා ඉද්දිම පන්තිය ඉවර කරද්දි..

පොත වහලා එලියට ගත්තු පෑන් දෙක සාක්කුවට දා ගද්දි නිකමට මට එහා පැත්තෙන් එලියට යන කෙල්ලෝ දිහා බලද්දි මන් දැක්කේ මාව පාස් කරන් මට හිනා වෙලා ගිය අර ලස්සන හිනාව තිබුන පොඩි කෙල්ල..

"මෙහෙ වරෙන්.." කියලා ජිමින් මගේ ශර්ට් එක අදිද්දි ආ හරි කියන ගමන් ඔලුව කසපු මට කියවුනේ,

"එයා මටද හිනාවුනේ..!" කියලා..

____________________________________

මොනාහරි කියන්න ලමයි නැත්තම් අප්ඩේට් දෙන්නෑ හොදත..

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now