_16_

83 16 6
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 16

____________________________

මියානේ නිවී..ප්ලීස් දැන්වත් කතා කරන්නකෝ..!"

"නිවී..මන් කරේ විහිලු-
ආව් නිවී..ඔමෝ අත ආ....!!!"

"දන්නවද මෝඩයෝ මම බය වුන විදියක්..මට ඇඩුනත් එක්ක..ඔහේගේ මස් කුට්ටියක් ගලවලා ගන්නමයි හිතෙන්නේ..!"

"මියානේ නිවියා..මගේ අත...!!"
පහත් වෙලා මියානේ නිවී කියද්දි එක ඇහැකින් පහලට වැටිලා ගිය කදුලක් පිහිදලා මන් දිහා රවලා බලලා ආයෙමත් ඉස්සරහා බලා ගත්තා..

මිස්ටර් සොන්ග් එක්ක කතා කරලා ඉවර වෙලා එලියට බැහැලා ගොඩ දුරක් ආවත් මගේ කටින් මියානේ නිවී කියලා විතරක් කියවෙද්දි නිවී වචනයක් වත් කතා නොකරේ නිවී මම එක්ක තරහා වෙලා බව පෙන්නන්න වගේ..

බැරිම තැන අපේ ක්ලාස් එක තිබුන බිල්ඩින්ග් එකට හැරෙන පඩිපෙල ලගින් නිවීගේ අතකින් අල්ලලා නවත්තලා කතා කරේ නිවී මම දිහා බලලා මම කතා කරාට පස්සේ අත කොනිත්තලා ගන්න ගමන්..

කොච්චර කෑ ගැහුවත් අත අතාරින්නේ නැතුව අතත් කොනිත්තන් මට කියවන් ගිය නිවීගේ ඇස්වලින් ආයෙම කදුලු වැටුනේ මගේ අත නිකන්ම එයාගේ අතින් අතෑරෙද්දි..

"නිවී..ඇත්තටම මට ඔයාව අඩවන්න ඕන වුනේ නැ..ඒක පොඩි විහිලුවක් විතරයි..මට සමා-"

"මේ බෙහෙත් එක ගාගන්නවා..ඔයාගේ අත මගේ නියපොතුවලට තුවාල වෙලා..!"

මන් කියන කතාව අහන් ඉන්නේ නැතුව ජැකට් එකේ සාක්කුවකට අත දාලා ගත්තු බෙහෙත් ටියුබ් එක අත උඩින් තියලා නිවී යද්දි නිවීගේ හැසිරීමට මගේ ඇස් හීනි වෙද්දි ටිකක් දුර ගිහින් හැරුන නිවී,

"ඔයාට ඕක දුන්න පලියට මම ඔයාට සමාව දුන්නේ නෑ..මෝඩයා..!"

කියාගෙන කියාගෙන ගියේ මූනත් රතු කරන්..

ඇස් හීන් කරන් බලන් හිටියට මොකද අනිත් පැත්ත හැරිලා ගස්සන් ගිය නිවීගේ මූන ආයෙ ආයෙ මැවිලා පෙනෙද්දි බකස් ගාලා හිනා ගියා..

මම හිනා වුනාට, මොනා නැතත් එයාට තරහා ගියාමත් එයා කියුට්..!

_____________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Tempat cerita menjadi hidup. Temukan sekarang