SMILE- [ A Fanfiction Only ]
Episode 17
_______________________________
හරියටම වෙලාව උදේ හතයි පනහයි..!
ස්කෝලේ පටන් ගන්න විනාඩි දහයකට කලින් හරි මට එන්න පුලුවන් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා හුගක්ම..
පරක්කු වුනේ මම පරක්කු වෙලා නැගිටපු එක නොවුනේ අප්පා අප්පා එක්කම යන්න ඉන්න කියලා බ්‍රෙක්ෆස්ට් ගද්දි කියපු නිසා..
බස් එකේ එන්නේ නෑ මන් එනකන් නොයිද ඔයාලා යන්න කියලා දාපු මැසේජ් එක නිසාද කොහේද මම ගේට් එකෙන් ඇතුලට එද්දි කිසිම කෙනෙක් හිටියේ නැත්තේ..
බෑග් එක පන්තියෙන් තියලා පන්තිය්වෙ වටයක් කැරකුන මම අනිත් අය බැලුවේ බෑග් විතරක් පන්තියේ තිබුන නිසා..
නිවීගේ බෑග් එකත් මගේ ඩෙස් එක එහාපැත්තේ ජනේලේ කොනේ තිවුනේ එයා එතනට මන් ඉන්න තැනින් ආපු දවසට පස්සේ දවසෙම මාරු වුන නිසා.
ඒ කියන්නේ එයත් ඇවිත්..!එඩ්ත් කොහෙද මෙයාලා..?
කොරිඩෝ එකෙත් ඇවිදලා අන්තිමට ග්‍රවුන්ඩ් එකට යන්න්න් හැරුනේ අද ජන්ග්කූක්ට ප්‍රැක්ටිස් ඇති කියලා හිතලා වුනත් ග්‍රවුන්ඩ් එකට කිට්ටු වෙන්න මට ඇහුනේ ටිකක් තරහෙන් වගේ කතා කරන නිවීගේ කටහඩ..
සැකේට පඩිපෙල ලගට ගිය මම දැක්කේ අපේ අනිත් කොල්ලෝ හය ඉස්සරහා නිවී කෑ ගහනවා..
ඉක්මන් කරලා පඩිපෙල බැහැලා ජිමින්ට එහාපැත්තෙන් හිටගත්තු මම,
"මොකද මේ"
කියලා කනට කරලා අහද්දි ජිමින්,
"නිවීගෙන් සුමීට කතා කරන්න චාන්ස් එකක් හොයලා දෙන්න කියලා අපේ එකා ඉල්ලපු නිසා..!"
කියද්දි මගේ කට ඕ හැඩේට හැදුනා..
දැන් සති දෙකකටත් කිට්ටුයි නිවී වගේම අනිත් දෙන්නත් ස්කූල් ඇවිල්ලා..හොදටම සුමීට ජන්ග්කූක් කැමති බව දැන දැනත් ජන්ග්කූක් දිහා ඒ කෙල්ල ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ..ඒ නිසාම හැමදාම නැතත් නිවීව හම්බුන වෙලාවක උදව් ඉල්ලන ජන්ග්කූක් මෙහෙම බැනුම් අහන එක ඒ කතාවේ අවසානේ වෙනවා කියන්න අපි මේ දවස් ටිකට දැනගත්තා..
"ආ..හ් මට වද දෙන්න එපා ජන්ග්කූක්...!
ඔයා මහා වදයක් වුනානේ..එයා කැමති නෑ කියලා මම ඔයාට මොන විදියටද තව කියන්න ඕන..!!!"ජන්ග්කූක් දිහා ඇසුත් ලොකු කරගෙන පොතකුත් අතේ තියන් කෑ ගහන නිවී දිහා ජන්ග්කූක් බලන් හිටියේ එයා ඒක විශ්වාස කරන්නේ නෑ වගේ..
ජන්ග්කූක් විශ්වාස නොකරට දවස් ගානක් තිස්සෙම නිවීගෙන් සුමී කියපු උත්තරේ කියලා හම්බවෙන්නෙත් ඔය වචන ටික විතරයි..
"ප්ලීස් නිවී..එක පාරක් අහන්න තව එයාගෙන්..ප්ලීස්...!"
"අග්ර්ර්‍ර්ර්...ඔකේ..ආයෙම බෑ කිව්වොත් බෑ අහන්න එපා..!
හරිනේ..!""ඇත්තමයි අහන්නේ නෑ..!"
තරහා වැඩි කමට ද මන්දා ඒ මූන කන් දෙකේ ඉදන් ම රතු වෙලා හොදටම....
නිවීගේ මූන දැකක්මයි නිවීගේ කතාවට වගේම ජන්ග්කූක්ගේ කතාවටත් හිනා ගියේ හැමදාම අන්තිම පාර කියලා කියන්නේ දැන් දවස් ගානක තිස්සේ ඉදන් නිසා..
එක පාරට පැන්න හිනාව නිසා යන්න හැරුන නිවී මන් දිහා ඇස් හීනි කරලා බලලා කට කොනක් මොකද්දෝ කරලා රවලා ගියේ මම කට ඉරක් වගේ තොලුත් හපන් නිවී දිහා බලන් ඉද්දි..
එයාට එදා බොරුවට විහිලුවක් කරපු දවසේ ඉදන්ම ඒ වගේ..
මාව දැක්කත් මම එයා එක්ක හිනාවුනත් අහක බලන් යන්නේ කිසි ගානක් නෑ වගේ..
මහ දුශ්ටයි..දුශ්ටි..!!!
"ආ ජන්ග්කුකා..!"
"ම්ම්.."
හදිස්සියේ වුනත් හිතට ආපු දේ කියන්නන් ඕන කියලා හිත තීරනය කරන්නත් කලින් කටින් පනිද්දි ජන්ග්කූක් වගේම අනිත් අයත් බලන් හිටියේ මන් දිහා මන් මොනා කියයිද බලාපොරොත්තුවෙන්..
"ඕන නම් මම නිවී එක්ක සුමී ගැන කතා කරන්න් ද..?"
"උඹට පුලුවන් ද..?"
"වැඩේ කරලා දෙනකන් වාතයක් නොවී ඉන්නව නම්..!!"
කියලා අහක බලන්ම කියද්දි ඉස්සරහට පැනපු ජන්ග්කූක් 'අනේ හා බන්..' කිව්වේ ඒ පැනපු විදියට මගේ කොන්දෙනුත් ටකස් ගාලා සද්දයක් එද්දි..
______________________________________
_Sa´rah…
![](https://img.wattpad.com/cover/316152598-288-k601053.jpg)
YOU ARE READING
SMILE | KTH ONE SHOT | ✔
Short Story📌️.Mini Story... "දන්වද එයාගේ හිනාව තමයි මන් තව වනතුරුත් දැක්ක ලස්සනම හිනාව..." එයා ටේහ්යුන්ග් කිම්..මේ එයා කියන කතාවක්.. Start date : 120722 End date : 040822 _Sa'rah...