_30_

74 20 3
                                    

SMILE - [ A Fanfiction Only ]

Episode 30

_______________________________

ම..මන් අප්පේ..අප්පාට ය්..යාල්ලු වුන්නාම..කියනව ම්..මන් එය්ය එ..ක්ක තර්..හයි කියලා..

එහෙම හොදයින්නේ..මගේ ටේ..!"

"ඔව්..හොදටම හොදයි..
කෙලින් වෙලා ඉන්නකෝ අනේ..!!"

"ඌ...ව් ඔයා සෝයි බබෝ..!!"

"ඔව් දෙයියනේ..මන් සෝයි..
ඔන්න බලාගෙන නිවී..මන් මෝඩ වෙනෝ ඔයාව බොන්න එක්ක ඇවිත්...!!"

මගේ ජීවිතේ මන් කරපු මෝඩම මෝඩ තකතීරු ගොබ්බම වැඩේ..!

නිවීව බොන්න එක්කන් ආපු එක..!!

මන් මෙහෙම නිවී හැසිරෙයි කියලා දන්නවා නම් මාව මේ දැන් මරනවා කිව්වත් එක්කන් එන්නේ නෑ..සත්තයි..!

උදේ දහයට විතර ස්කෝලෙන් පැනපු අපි දෙන්නම ගොඩාක් තැන්වල ඇවිද්දා..හවස තුනට විතර සෝජු කඩේකට රින්ගගත්තු නිවී එක බෝතලයක් බීලා යන් කියලා කිව්වත් හවස හය වෙනකන් බෝතල් දහයකට වඩා හිස් කරේ මගේ ඇස් දොබ ගෙඩි සයිස් වෙද්දි..

කෙල්ලෙක්ට එච්චර බොන්න පුලුවන් කියලා මම ජීවිතේටවත් හිතුවේ නෑ..

නෑ කියන්නේ ඇත්තටම හිතුවේ නෑ..!.ඒත් නිවී මන් වෙන්න බැහැයි කියලා දාලා තියෙන හැම එකක්ම වෙන්න පුලුවන් කියන තැනට පත් කරනවා..

සීතලටයි බීලා වැඩි කමටයි මූන ජම්බුවක් වගේ රතු වෙලා..කොන්ඩෙත් අවුල් කරන්..

කෙලින් ඉන්න පනක් නැති නිවී අල්ලන් හිටියත් මගේ අත් දෙකත් ගස්සලා දාලා එයාට ඕන කියවන්න..

කොච්චර කියෙව්වත් කියවන එක නතර කරන්නෙත් නෑ මේක..

කොච්චර නිවීගේ මේ හැසිරීමට මට බනින්න ඕන වුනත් මගේ අතේ නිසා ලොකුම වැරැද්ද නිසා මන් මුකුත් නොකියා හිටියේ..

එහෙම මගේ අතේ වැරැද්දක් නැති වුනත් කොහොමද මේ මූන බලන් මන් බනින්නේ...!

"නිනි..බබා අපි දැන් ගෙදර යමු..හානේ..!"

"අනියෝ...මට ගෙදර යන්න බෑ අනේ..!"

මගේ වැලමිට ලගින් තද කරන් අල්ලන් අතට මූනත් හේත්තු කරන් ඉන්න නිවීගේ මූන පුරා ගිහින් තියෙන කොන්ඩේ මන් කන පිටිපස්සේ රැදෙව්වේ එක කරක තිබුන නිවීගේ බෑග් එක තව ටිකක් කරට දා ගන්න ගමන්..

"නිනී..!"

"ම්ම්..!"

"මියන්හේ..මම නිසයි ඔයාට ඔහොම වෙරි වුනේ..!"

"ම්ම්..!"

ඇසුත් භාගෙට ඇරන් මොන හේතුවකටදෝ මන්දා හිනා වෙවී ඉන්න නිවීව ඉස්සරහට ගන්න ගමන් නිවීගේ බෙල්ල වටේ තිබුන ස්කාෆ් එකයි කෝට් එකයි හදලා ලගට අරගත්තේ නිවීට කෙලින් ඉන්න බැරි නිසා..

කර වටෙන් අත දාලා නිවීවත් අල්ලන් නිවීගේ බෑග් එකයි මගේ බෑග් එකයි දෙකත් අරන් ඉස්සරහට යන මට මේ වෙලාවේ ටැක්සියක්වත් තිබුන නම් කියලා හිතුනා..

මිනිස්සු වැඩ ඇරිලා ගෙදර යන ටයිම් නිසා මේ වෙලාවේ ටැක්සි එකක් නැතිවෙද්දි නිවීවත් අරන් මන් ඉස්සරහට ඇවිදන් ගියේ ටැක්සියක් හම්බවෙයි කියලා හිතන්..

ටික දුරක් ගිය මම එක පාරට නැවතුනේ ඇස් දෙකට වැදුන එලියක් නිසා..

නිවී ඇස් දෙකත් වහන් මගේ පපුව අස්සේ මූන ඔබාගත්තේ මම ඇස් හීනි කරන් ඇස් දෙකටම වදින විදියට කාර් එක නැවැත්තු වේ මොකාද බලන්න..

"මේ මොකද මේ...!"

කාර් එක ස්ටාට් එකේ තියෙද්දිම කවුදෝ බහිනෝ දැක්ක නිසා මම බැහැපු කෙනාට බනින්න කට ඇරියත් මගේ කට ඉබේටම වැහුනේ ඇහුන කටහඩ නිසා..

"ඔම්මා ඔයා...!!!"

ඇස් දෙක පොල්ගෙඩි සයිස් කරන් මන් ඉස්සරහින් එන ඔම්මා දිහා බලන් ඉද්දි නිවී මගේ බඩ් වටේ තිබුන අත් දෙක තව තද කරගද්දි ඔම්මා බලන් හිටියේ නිවි දිහා..

මන් මොකද්ද කරන්නේ කියලා මට හිතා ගන්න බැරි වුනත් මන් එක දෙයක් දන්නවා..

ඒ අද මන් ඉවරයි කියන එක...!

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now