_15_

76 16 8
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 15

___________________________

"එයා ගොඩක් සැර කෙනෙක් නෙවෙයිනේ..?"

"නෑ එයා සැර සර් කෙනෙක්..!"

"අනේ දෙයියනේ..ඇයි මන්ම විතරක් ඒ මනුස්සයට පෙනිලා තියෙන්නේ..මන් දැනන් හිටියා නම් ඇත්තමයි මෙහෙම බේස්ලට් එකක් දාන් එන්නේ නෑ...!!"

හිනාව හිරකර ගන්නවයි කියලා හිතුවට මේ කෙල්ලගේ නහයෙන් ඇඩිල්ලට හිනා නොවිත් බෑ හිනා වෙලත් බෑ..

තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි හොයන් එන්න කියද්ද ජන්ග්කූක්ට කෝල් එකක් අර ගත්තේ ජන්ග්කූක්ගේ ෆෝන් එක ජන්ග්කූක් වෙනුවට හේසොක් ආන්ස්වර් කරද්දි..හේසොක් කෙල්ලෝ තුන් දෙනා ඉන්නේ කැන්ටින් එකේ කියලා කියද්දි මමත් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට ගියාම මම දැක්කේ ජන්ග්කූක් සුමී එක්ක කතා කරන්න ෆුල් ට්‍රයි එක දෙන අතරේ නිවී සුන්හි දෙන්නා මොනාදෝ මන්දා කෑම වගයක් කනවා..

මන් ගිහින් මිස්ටර් සොන්ග් කියපු පනිවිඩේම නොකියා එන්න කිව්වා කියලා විතරක් කියද්දි හිත කැමති වුනේ නිවී නැගිටලා ආවොත් හොදයි කියලා හිතුනම..ඒත් ඒක එතනම හබක් ගෑවුනේ නිවී සුන්හිගෙන් යන්න පුලුවන්ද කියලා අහද්දි..

සුන්හිට තනියම යන්න බෑ කියද්දි පොඩි බලාපොරොත්තුවක් මගේ හිතට ආවේ, සුන්හි නිවීගේ කනට කරලා මොනාදෝ මිමිනුවට පස්සේ කටත් ඇද කරගත්තු නිවී මගෙත් එක්ක එන්නම් කිව්වේ දැනිච්ච සතුටට හිත පිනුම් ගහද්දි..

කොච්චර සමව ඇවිදන් යන්න මන් ට්‍රයි කරත් නිවී මට වඩා අඩියක් දෙකක් හරි පිටිපස්සට වෙනවා..බැරිම තැන මම  මගේ ගානට ඇවිදන් යද්දි කැන්ටිමෙන් එලියට ආවට පස්සේ කට තියෙයි කියලා මතක් වුනා වගේ,

"ඇයි දන්නේ නෑනේ සර් එන්න කියන්න ඇත්තේ..?"

කියලා නිවී එක පාරම අහද්දි ඇත්ත විස්තරේ හරියටම නොදන්නවා වුනත් මට බොරුවක් කියලා කතා කරලා එයාගේ මූන දිහා බලන් ඉන්න ඕන වුනා..ඒ නිසාම සාක්කුවට අත් දෙක දාගෙන මූනත් බැරෑරුම් විදියට හදන් එයාගේ පැත්ත හැරිලා,

"අපේ විනයබාර මිස් ඔයා ස්කෝලෙට නොගැලපෙන විදියට මොකද්ද දාන් ඇවිත් කියලා මිස්ටර් සොන්ග්ට කම්ප්ලේන් කරලා..!"

"මේ බේස්ලට් එක වෙන්න ඇති එහෙනම්..අනේ...!!!"

ඇස් දෙකත් ලොකු කරන් මම කියපු දේ ඇහුවට පස්සේ මුලින්ම ලැබ් එකේ කලු කරපු වහලා තිබුන දොරේ ග්ලාස් එකෙන් බලන් එහාට මෙහාට කැරකුනේ ඇදුමේ අඩුපාඩුවක් නෑ කියාගෙන..

පස්සේ එයාගේ වම් අත අල්ලන් බේස්ලට් එකක් මට පෙන්නලා කිව්වේ ඒ එක එක විදියට වෙනස් වෙන මූන බලන් ඉදලා මට හිනා යද්දි..

එතනින් හැරිලා මම ඉස්සරහට යද්දි මගේ ගානට යන ගමන් පටන් ගත්තු චුරු චුරුව මිස්ටර් සොන්ගේ ඔෆිස් එක ලගට වෙනකන් ම තිබුනේ මම උත්තර දුන්නත් ආයෙත් එකම ප්‍රශ්නෙත් සැරින් සැරේ අහන ගමන්...

"එක්සියුස්මි මිස්ටර් සොන්ග්..!"

"ආ..එන්න ටේහ්‍යුන්ග් දරුවෝ..මේ ඇවිත් තියෙන්නේ..!"

එක්සියුස් කරන ගමන් මම ඇතුලට යද්දි බල බල හිටපු පොත් ටිකෙන් ඇස් අරන් අපි දිහා බලලා ආයෙත් පොත් ටික බලන ගමන් මිස්ටර් සොන්ග් අපිට ඇතුලට එන්න කිව්වම නිවීව තියලා මම හැදුවේ හැරිලා එන්න වුනත් මම නැවතුනේ,

"මන් එන්කන් මාත් එක්ක ඉන්නවද..?"

කියලා නිවී අහද්දි...ඇස් දෙකෙත් කදුලු පුරවගත්ත නිවී මගේ ශර්ට් එකෙනුත් අල්ලන් ඇහුවේ මම හා කියලා එයාට ටිකක් පිටිපස්සෙන් වෙන්න හිට ගනිද්දි...

ඒ බෝල ඇස්වල පිරිලා දිලිසෙන කදුලු දකිද්දි මගේ හිත මොකද්දෝ අපහසුතාවයකින් පිරෙන කොට ඒ වෙලාවේ හිතුනේ ඇයි මම නිවීට කදුලු ඇස්වලට එන විදියට විහිලුවක් කරේ කියලා..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now