_18_

159 25 3
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 18

____________________________

සති ගනකට පස්සේ අදත් අගහරුවාදා දවසක්..!

ඔම්මා අප්පා එක්ක කොහෙද යනවා කියපු නිසා වේලසනින්ම මාවත් බස් හෝල්‍ට් එකට දාන් යද්දි කලින්ට වඩා වේලසනින් ආපු මම ජිමින්ට කෝල් කරේ මම වේලසනින් ආවා කියලා..

ටික දුරක් ගිය මම අනිත් අය එනකන්  ඉන්න තැනක් හිතා ගන්න බැරුව විනාඩි පහක් දහයක් කැරකුනත් අන්තිමට මතක් වුනේ ඇලටයි රේල් පාරටයි උඩින් තියෙන පාලම..

යකඩ බරු දාලා ඇල වගේම රේල් පාලමයි හරහා පොඩ්ඩක් උසට වෙන්න හදලා තිබුන පාලමේ ගොඩක් පන්ති යන ලමයි නැවතිලා ඉන්නවා..

පාලම උඩට නගිනකොට මම දැක්කේ ඇසුත් පියන් පාලමේ යකඩ බරුවක් අල්ලන් ඉන්න නිවීව...

කෝට් එකක් වත් නොදා කලු ඩෙනිමක් ඇදලා ඒකට යට කරපු සුදු ටී ශර්ට් එකට පටි සෙරෙප්පු දෙකක් දාලා හිටපු නිවීගේ නිදහසේ තිබුන කොන්ඩේ නිවීව කපාගෙන යන හීතල හුලග නිසා නිවීගේ මුලු මූනෙම යනවා...

දැක්කමත් පැය ගානක් වුනත් බලන් ඉන්න ආස හිතෙන විදියට හිතක් වුනත් සන්සුන් කරන්න පුලුවන් විදියට නිවී ඉද්දි හිතට ආපු ක්ශනික අදහසට ෆෝන් එකෙන් ෆොටෝ දෙකක් ගත්තා...

ඉයර් ෆෝන් දෙකකුත් කනේ ගහන් ඉන්න නිවී මොහොකට හරි ඇහුම්කන් දෙනවා කියලා දකින කෙනෙක්ට කියන්න පුලුවන් වෙද්දි එයා ලගටම යද්දියි ඒ සින්දුවක් කියලා තේරෙන්නේ..

මොකද ඒ තරමට ඒ සින්දුව ඉයර් ෆෝන් දෙකෙනුත් එලියට ඇහෙන විදියට සවුන්ඩ් වැඩි කරන් අහන්නේ....

හහ්..!
මේකිව උස්සන් ගියත් දන්නේ නෑනේ මේ ඉන්න විදියට..

"අහ්ම්..!"

ලගට ගියත් නොදැක්ක නිසා නිවීට එහා පැත්තෙන් යකඩ බරුවට අත් තියන් ටිකක් සද්දෙන් උගුර පාදද්දි පොඩ්ඩක් හැරිලා මන් දිහා බලන් ඉදලා මගේ උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි ආයෙමත් බලන් ගියේ කනේ තිබුන ඉයර් ෆෝන් දෙකත් ගලවන ගමන්..

"උස්සන් ගියත් ඔච්චරයි..!"

"හා...මමනේ..
මොකෝ පාර වැරදිලාද..?!"

"ම්හ්..මම මෙතන්ට හැමදාම එනවා..ඔයාටයි පාර වැරදිලා තියෙන්නේ...!"

කියන ගමන් මන් නිවී දිහා බලද්දි මන් දිහා බලලා කට කොනින් හිනා වුනේ වෙන්න ඇති කියන ගමන්..

මේකගේ ඒ හිනාවත් ලස්සනයිනේ..!

"ඇයි අද තනියම..?"

කියලා මම අහද්දි උත්තරයක් නොදුන්න නිවී එල්ලන් හිටපු බෑග් එකට අත දාලා ස්ප්‍රයිට් කෑන් එකක් මගේ පැත්තට විසි කරේ මන් ස්ප්‍රයිට් කෑන් එක වැටෙන්න නොදී අල්ලගනිද්දි..

නිකමට හරි රේල් පාරට හරි ඇලට හරි වැටුනනම්..
ආ...හ් ඒක මට වටිනවා එහෙම හිතන්නවත් හොද නෑ ටේහ්‍යුන්ග්..

"අද සුන්හි විතරයි එන්නේ..!
එයා එන්නේ හැල්මොනිලගේ ගෙදර ඉදන්..ඒ නිසා එයා එනකන් මෙතන ඉන්නවා..!"

වෙනදා වගේ හරහට කතා නොකර අද හරි සන්සුන් විදියට මූනේ හිනා කලදක්වත් නැතුව කතා කරන නිවීව දැක්කම මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මට හිතෙද්දි..

"ඇයි අද සුමී..!"

මම අහද්දි කඩා ගත්තු ස්ප්‍රයිට් එකෙන් උගුරක් බීපු නිවී කලින් වගේම කට කොනින් හිනාවුනා..

"එයා නෑ..!"

"ඇයි ඒ..!"

"එයා එන්නත් පුලුවන් නේන්නත් පුලුවන්..මම හරියටම දන්නේ නෑ..!"

ඇගට පතට නොදැනි ඔහේ එහා මෙහා යන කොන්ඩේ කෑලි කනේ රදවන ගමන් නිවී මන් දිහා බලන් පොඩි හිනාවක් දාලා කියන ගමන් ඇස් දෙකෙන් ස්ප්‍රයිට් කෑන් එක පෙන්නුවේ ඒක මම තාම කඩලවත් නැති නිසා වෙන්න ඇති..!

"සුමී තරහා වෙලා ද..?"

හිතට ආපු ක්ශනික ප්‍රශ්නේ එක පාර මම නිවී දිහා හැරිලා අහද්දි ලොකුහුස්මක් අරන් නිදහස් කරපු නිවී පහලින් යන ට්‍රේන් එල දිහා බලන් ඉදලා මන් පැත්ත හැරුනේ,

"එයාට මාත් එක්ක තරහා වෙන්න බෑ..ඒත් මම වැරදි කාරයෙක්ලු...!"

කියන ගමන්..ඒ ඇස්වල මම එදා විහිලු කරපු දවසටත් වඩා කදුලු හුගක් පිරිලා තිබුනා..

ඒවා ඒ ඇස්වලට බර වැඩිවෙලත් තාම කම්මුල් දිගේ ඉක්මනට බේරිලා නොගියේ ඇයි කියලා හිතුනේ හේතුවක් නොදැන වුනත් ඒ කදුලු දකිද්දි එයාට වඩා මට රිදෙද්දි...

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now