_19_

80 23 0
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 19

_____________________________

"ඇයි සුමී තරහා.."

කියලා නිවීගෙන් අහද්දි,

"මම ම තමා හේතුව.."

කියපු නිවී පහලට බැහැලා ගියේ සුන්හි ආපු නිසා කියලා දැනගත්තේ ඈතින් එන සුන්හි නිසා..

හරියටම වුනේ මොකද්ද කියලා දැනගන්න ඕන වුනත් නිවීට කතා කරද්දිත් මන් දිහා හැරිලවත් නොබලා සුන්හි එක්ක යන්න යද්දි ඊට විනාඩි පහලොවකට විස්සකට පස්සේ ආපු අනිත් අයත් එක්ක මාත් පන්තියට ගියා..

සුන්හි වගේම නිවීත් පේන මානේ වාඩිවෙන්න සුමී හොයාගත්තු මුල් කාලෙම අපි පුරුදු වෙද්දි අදටත් ඒ විදියට වාඩි වෙන්න අමතක කරේ නෑ..

ටික වෙලාවක් ඔහේ ලමයින්ගේ කෑගැහිලි එක්ක වෙලාව ගෙවිලා යද්දි එන්නේ නෑ කියලා නිවී කියපු සුමි පන්තියට ආවෙත් ඇවිත් නිවීයි සුන්හියි ලග වාඩි නොවී වෙනමම වාඩි වුනේ ඒ දිහා බලන් හිටපු අපි හත් දෙනාගේ මූනුත් එක්ක වෙනස් වෙද්දි..

නිවී සුමි සුන්හි කියන්නේ කන ගියත් බොන්න ගියත් කොහේ ගියත් එකටම ඉන්න තුන්දෙනෙක්..එහෙම හිටපු තුන් දෙනා මෙහෙම වෙද්දි ඒක ටිකක් අමුතුයි..

සුමී නිවී හිටපු පේලියට වඩා පේලි තුන හතරක් ඉස්සරහින් වාඩිවුනාම මගේ ඇස් ගියේ නිවීගේ පැත්තට...ඒ ඇස්වල යන්තම් කදුලු වගේම සුන්හි වාඩිවුන සුමී දිහා බලන් ඉන්නවා..

දැන්නම් ශුවර් මොකක් හරිම ලොකු අවුලක් වෙලා කියලා..

"ඒ ටේ උබ නිවීගෙන් සුමී ගැන ඇහුවද..?"

"පිස්සුද බන් උබට..! මන් අහපු මගුලක් නෑ..!"

නිවී සුමියි අතර මොකක් හරි අවුලක් කියලා පෙන්න තීද්දිත් ජන්ග්කූක් ඒ විදියේ දෙයක් අහද්දි කේන්ති ගිය නිසා  ජන්ග්කූක්ට කෑ ගහපු මගේ වැලමිටට ඇන්න ජිමින් මොකෝ බන් වෙලා තියෙන්නේ කියලා අහද්දි අත ඇදලා අරන් අහක බලාගත්තේ අද පැය හතර ඉක්මනට ගෙවිලා යන්න කියලා හිතන්..

අතරමැදින් කතා කරන සුන්හි එක්කවත් නිවී හරි හැටි වචනයක් කතා නොකරද්දි ඒ හැම වෙලාවකම සුන්හි නිවීගේ අතකට තට්ටු කරලා නිකන් හිටියා..

නිවීගෙන් මොකද්ද වුනේ කියලා අහන්න තිබුන උවමනාව ඕනවටත් වඩා වැඩි වෙද්දි අද දවසේ මේ පැය හතර මට පැය දහයකටත් වඩා ගොඩාක් දිගයි කියලා හිතුනා..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now