_26_

70 18 0
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 26

___________________________

කාලය ඕනවටත් වඩා වේගෙන් ගෙවිලා යන්කොට නිවී වගේම සුමී නැතුව ස්කූල් ඩේ එකක් ගෙවන හතරවෙනි දවස අද වෙද්දි මන් බලන්නේ නැහැයි කියලා දැන්වත් බලයි කියලා හිතලා පනස් හතරවෙනි මැසේජ් එකත් දැම්මේ,

'නිනී ඔයා හොදින්ද කියලා..!' අහලා..

කවදාවත් ඩේටා ඕෆ් වෙන්නේ නැති ෆෝන් එකේ දවස් දෙකක් තිස්සේ එක දිගට ඩේටා ඕෆ් වෙලා තිබුනා..

ඒ විතරක් නම් කමක් නෑ..එයාගේ ෆෝන් එකත් ස්විච් ඕෆ් වෙලා තිබුනා..

එදා නිවීගේ ඇස්වල තිබුන කදුලු ඒ හිතේ කොනක හරි මන් ඉන්නවා කියන්න දැනගනිද්දි මම සතුටුවුන තරමක්..

ගෙදර ගිහින් උගුර ලේ රහ වෙනකන් ජිමිනුත් අල්ලන් උඩ පැනපු මට සතුට වැඩි කමට ඇඩුනත් එක්ක..ඒ විදියට අසීමිතව සතුටු වෙද්දි මට එහෙම සතුටු වෙන්න පුලුවන් වුනේ හරියටම සතියයි..

ක්ලාස් එක ඉවර වෙලා මාත් එක්ක කෑ ගගහා පිස්සු නට නට පාර දිගේ ආපු නිවී ඊට පහුවෙනිදා ඉදන් දැන් දවස් හතරක් තිස්සේ ස්කෝලේ නැති වුනේ ඇයි කියන්න මට ගෙනාවේ ලොකු ප්‍රශ්නයක්..

පන්තියේ දොර ඇරෙන වාරයක් පාසා නිවී තමයි කියලා හිතන් දොර දිහා බලලා හිනා වුනත් ඊලග තප්පරේම ඒ හිනාව මටත් නොදැනි අතුරුදහන් වෙලා යන්නේ ඒ නිවී නොවෙන කොට..

"මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයා දන්නේ නැද්ද සූ..!"

"නෑ ජිමින්..මන් අදයි දේගු වලින් දවස් තුනකට පස්සේ මෙහෙ ආවේ..මන් තාම කිසි කෙනෙක්ට කතා කරේ නෑ...!"

ජිමින් අහන හැම වෙලාවකම සුන්හිගේ උත්තරේ ඒක වෙද්දි හිතුනෙම නිවීගේ ගෙදර ගිහින් නිවී ගැන අහන්න..

ඒත් යන්න හදන හැම පාරකම හිතට එන්නේ මන් ගිහින් නිවීව හෙව්වොත් නිවීට ගෙදරින් ඒක ප්‍රශ්නයක් විදියට එයිද දන්නේ නෑ කියන එක..

"ෆෝන් එක ඕෆ් බන්..දෙන්නගෙන් එකෙක් ෆෝන් ආන්ස්වර් කරහන්කෝ..රෙද්ද.!"

අතේ තිබුන ෆෝන් එක ටේබල් එක උඩට විසි කරන ගමන් ජන්ග්කූක් තරහෙන් කියද්දි හේසොක් ජන්ග්කූක් සන්සුන් කරන්න උත්සහා කරා..

ආයෙමත් ෆෝන් එක අරන් නිවීට මැසේජ් එකක් දාන්න ගියත් මන් දැක්කේ හැම මැසේජ් එකක්ම සීන් වෙලා විතරක් තිබුන විදිය...

මොකද්ද ඔයාට වුනේ නිවී..?

නිවීගෙන් අහන්න පුලුවන් වුනානම් කියලා හිතුනත් එහෙම කරන්න බැරි වෙද්දි ඒ ප්‍රශ්නේ අතරේ මන් වෙන පුලුවන් කියලා හිතෙන උත්තර ගොඩකුත් එක්ක තනි වුනා..

_____________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now