_14_

74 17 1
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 14

___________________________

වුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරිවෙද්දි මන් ලගට ඇවිත් වාඩි වුන නිවී දිහා බලන් හිටපු මම දිහා බලලා ඔලුවත් නවලා අමාරුවෙන් මූනට හිනාවක් අරන් හිනාවෙලා අනිත් පැත්ත හැරුන ගමන් සුමීට ඔරවලා බලපු විදියට මට හිනා යද්දි එයා බෑග් එකේ පොකට් එකක් ඇරලා ෆෝන් එක ගන්න විදිය මන් බලන් හිටියා..

මොනාදෝ මන්දා හෙන වේගෙන් ටයිප් කරද්දි මට ඒ මොකද්ද ටයිප් කරේ කියලා බලා ගන්න හොදටම උවමනාව තිබුනා..

සුමී කියලා නම සේව් වෙලා තියෙනවා විතරක් පේද්දි මම තවත් ටයිප් කරන්නේ මොකද්ද කියලා නොබලා ඉන්න හිතා ගත්තේ තවත් පුටුව පස්සට කරන්න ගිහින් අඩු වයසින් බෙල්ල ගලවගන්න උවමනා නොවුන නිසා..

නිවී ලගට ආපු සුන්හි එක්ක කතා කරද්දි මමත් හැරුනේ ජන්ග්කූක්ගේ පැත්තට..

හැරෙන කොටත් මනමාල හිනාවක් මූනේ තියන් ෆෝන් එක දිහා බලන් ඉන්න සුමීගේ පැත්ත බලන් ඉද්දි ඔලුවට එකක් ගහගෙනම ජන්ග්කූක්ගේ ඩෙස් එක උඩින් වාඩි වුනේ ජන්ග්කූක් මොකද කියලා මගේ අතත් කොනිත්තලා අහද්දි..

"උබ දැන් මොකෝ කරන්න හිතන් ඉන්නේ..!"

"මොනා කරන්නද..?
කොහොමහරි කරලා යාලුවෙනවා..!"

කියද්දි ජන්ග්කූක් ඇස්වලින් පෙන්නුවේ දිග කොන්ඩේ පස්සට දාන ගමන් නිවී එක්කයි සුන්හි එක්කයි පන්තියෙන් එලියට යන සුමීව..

මාත් එක්ක ජිමිනුයි යුන්ගියි විතරක් පන්තියේ ඉතුරු වුනේ ජින් එක්ක නම්ජූන් එයාලාගේ පේරන්ට්ස්ලා හම්බවෙන්න යද්දිත් පැත්තක හිටපු හේසොක්ව ඇදන් ජන්ග්කූක් කොහේද යද්දිත්...

කොහේද කිව්වට යන්න ඇත්තේ ඉතින් සුමීව හොයන් වෙන්න ඇති..!

ලමයිනුත් එක්කෙනා දෙන්නා පන්තියෙන් එලියට යනකොට එලියට ගිය නිවී පස්සෙන් ගිහින් නිවී දිහා බලන් ඉන්න කියලා හිත කිව්වත් ආපු ගමන් වදයක් වෙන්න ඕන නෑ කියලා අනිත් පැත්තට මටම හිතෙද්දි මම ඒ අදහස අතැරලා දාලා නිකන් හිටියා..

ජිමින් කාත් එක්කදෝ බර කතාවක ඉද්දි යුන්ගි ටේබල් එකට ඔලුව ගහන් නිදාගෙන ඉද්දි මම ගිහින් මගේ ටේබල් එකෙන් වාඩි වුනා..

ඩෙස් එකට තට්ටු කර කර ඉද්දි පන්තිය ඇතුලට ආපු මිස්ටර් සොන්ග් නිසා ජිමින් ෆෝන් එක ඩෙස් එකෙන් පහලට වෙන්න තියාගෙන මෝඩ විදියට හිනාවෙවී ඉන්න කොට සර් අලුත් ලමයින්ගෙන් කෙනෙක් එක්ක සර්ගේ ඔෆිස් එකට එන්න කියලා කියද්දි මන් මොනිටර්ට කියන්නම් කියද්දි ලගට ආපු සර් ඔලුවට ගැහුවේ

"මම ඒක කිව්වේ මේ පන්තියේ මොනිටර්ට මෝඩ ලමයෝ..!"

කියලා කියන ගමන්..මේ වාරේ මොනිටර් පන්තියේ මම කියලා අමතක වුන වග පස්සේ තේරෙද්දි කට පුරවලා සර්ට හිනාවක් දාන ගමන්,

"මියන්හේ සර්..මන් කවුරු හරි එක්කන් එන්නම්..!"

කියද්දි සර් අතේ තිබුන ෆයිල් ටිකත් අරන් යන්න ගියේ සර් යනකන් ෆෝන් එක හන්ගගෙන හිටපු ජිමින් ෆූහ් කියලා ලොකු හුස්මක් පහත දාද්දි..

"උබ කොයි වෙලාවක හරි කනවා මිස්ටර් සොන්ගෙන් පස්ස රත් වෙන්න ජිමිනා ඔය මගුල පන්තියේ දි ඔබලා..!"

"හහ් ඒක බලහන්කෝ..අමතක කරන්න එපා මේ පන්තියේ මොනිටර් කියන එකත් පන්තිය ඇතුලේ ගේම් ගහනවා කියලා..!"

කට කොනකට ගත්ත හිනාවක් එක්ක ජිමින් කියලා මට රවද්දි ලග තිබුන හේසොක්ගේ බෑග් එක ඇදලා අරන්  ජිමින්ට ගහලා එලියට ගියේ නිවී හරි සුන්හි හරි සුමී හරි තුන්දෙනාගෙන් එක්කෙනෙක් හොයාගන්න හිතන්..

_____________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Donde viven las historias. Descúbrelo ahora