_5_

92 21 1
                                    

SMILE-[A Fanfiction only]

Episode 5

________________________

ෆෝන් එක කනේ තියන්ම ඉක්මනින් පිටිපස්ස හැරුන මම දැක්කේ ඔලුවත් අල්ලන් ඉන්න පොඩි කෙල්ලෙක්ව..

"මියන්හේ මම දැක්කේ නෑ ඔයාව..!"

ෆෝන් එක කට් කරලා සාක්කුවට දා ගන්න ගමන් ඉබේටම වගේ සමාව ඉල්ලලා කතා කරද්දි හේතුවක් නැතිවම සමාව ඉල්ලපු මට දැනිච්ච අපහසුතාවය නිසාද කොහෙද මගේ අත පුරුද්දට වගේ නිකන්ම ගියේ බෙල්ල පිටිපස්සට..

"ආ..ඒකට කමක් නෑ..මගෙත් වැරැද්ද..?"

කියන ගමන් බිමට වැටිලා ටිකක් එහාට විසි වුන බෑග් එකේ වැලි පිහිදපු ඒ ගෑනු ලමයා ඉක්මනින් මන් දිහා බලලා හිනා වුනේ මගේ ඇග දිගේ අමුතුම හිරියක් යද්දි..

මොකද්ද ඒ වුනේ කියලා මටම හිතා ගන්න බැරි වෙද්දි මන් එක දිගට ඇහි පිල්ලම් ගැහුවේ හරි සිහියට එන්න..

මන් දිහා බලලා ආයෙම සමාව ඉල්ලපු ඒ ගෑනු ලමයා ඉස්සරහට දුවන් ගිහින් තව ගෑනු ලමයි දෙන්නෙක්ට එකතු වුනේ අත දික් කරලා මොනාදෝ මන්දා කියව කියව බෑග් එක පිහිදද්දි..

ඒකෙන් මට තේරුනා එයා කියන්න ඇත්තේ එයා වැටුන එක වෙන්න ඇති කියලා..

ආයෙමත් කඩේ ඇතුලට එන්න හැදුවත් ආයෙමත් හේතුවක් නැතුවම පිටිපස්ස හැරිලා බලපු මගේ ඇස් ඉස්සරහා මැවුනෙම ඒ ගෑනු ලමයගේ හිනාව..

"වා..හ් ඒ හිනාව..!"

මගේ වාචාල කටින් නොදැනුවත්වම පිටවුන වචන ටික මගේ ඇස්වලට අහු නොවෙන විදියට එලියට ආපු ජිමින්ගේ කනට ගිහින් තිබුනේ මගෙන්,

"කාගේ හිනාවද..?" කියලා ඇසුත් හීන් කරන් ප්‍රශ්න කරන්න සලස්වලා...

නෑ මුකුත් නෑ කියලා පුලුවන් ඉක්මනින් කියපු මම ඊලගට ජිමින්ගෙන් ඇහුවේ ඇයි උබ එලියේ කියලා..

"කන්න වරෙන් ඕඩර් එක ආවා..!"

කියාගෙන මන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්න ජිමින් ඉක්මනට ඇතුලට යද්දි මාත් ඒ පස්සෙන්ම ගියේ හේතුවක් නැතුවම දෙවනි වතාවටත් පිටිපස්ස හැරිලා බලද්දි..

______________________________________

ඔයාලා මොනාහරිම කියන්න ලමයි..ඔයාලා කතා නොකරන නිසා මට කතාව ගැන දේවල් දැනගන්න වෙන්නේ නෑ..

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now