_9_

81 19 4
                                    

SMILE - [ A Fanfiction Only ]

Episode 9

____________________________

"ඒකි එක්ක තව යාලුවෝ දෙන්නෙක් ඉන්නවා...යන්නේ එන්නේ අපි යන බස්වලමයි..ඇහිච්ච විදියට නම සුමි..දැනට එච්චරයි දන්නේ..!"

අතේ තිබුන රයිස් කේක් එක කටේ දාලා හපන ගමන් ජිමින් කියද්දි ඒ මුලු වෙලාවෙම ප්ලේට් එකේ තිබුන කිම්බම් ටික කටට දා ගත්තු ජන්ග්කූක් ඔලුව වන වනා හිටියේ ඒ හැමදේම ඔව් කියන්න වගේ..

"ඒ කියන්නේ ඔය කෙල්ල නොදැක්ක මෙතනින් ඉන්න එකම එකා මම විතරයි එහෙමනේ..!"

රාමෙන් ටිකක් කටට දාගන්න ගමන් මම කියද්දි හැමෝම ඔලුව වැනුවේ ඔව් කියන්න..

ගිය සතියේ ජන්ග්කූක් ඉක්මනට එලියට ගියේ ඔය කියන කෙල්ලව හොයා ගන්න කියලා..අප්පාගෙන් එක පාරට ආපු කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියා ගෙන මමත් ජින්ගේ පස්සෙන් යද්දි ජන්ග්කූක් ජිමින් එක්ක මොනාහරි කියනවා කියලා දැක්කත් අප්පා ලයින් එකේ නිසා මට ඒ පැත්තට අවධානේ දෙන්න බැරි වුනා...

ජන්ග්කූක් ඉක්මනින් ඉස්සරහට යද්දි ඒ පස්සෙන් ජිමින් ඉතුරු වෙලා ඉතුරු අය ගියේ කොහේ ගියත් ජිමින් මම එනකන් ඉන්න නිසා..

කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තු මම අනිත් පැත්ත හැරෙද්දි ජිමින් ඇයි කියලා අහද්දි මම කිව්වේ මට එන්න වෙන්නේ නෑ මාව ගන්න අප්පා ඇවිත් කියලා...මගේ පිටට තට්ටුවක් දාලා එහෙනම් ගිහින් කෝල් එකක් දියන් කියපු ජිමින් යන්තමට ඉස්සරහින් යනවා පේන ඉතුරු පස් දෙනාට එකතු වෙද්දි මම කාර් එකට නැගලා ගෙදර එන්න පිටත් වුනා..

මම ඒ විදියට ගෙදර එද්දි ජන්ග්කූක් අර කියපු කෙල්ලගේ විස්තර සෑහෙන්න දේවල් ටිකක් හොයාගෙන තිබුනේ  ඔක්කොම ටික පන්තිය අතරමැද දීපු ඉන්ටර්වල් එකේ එකක් නෑර මට කියන ගමන්..

"මම කිව්වනේ කොහොම හරි හොයාගන්නවා කියලා..දැක්කනේ කොල්ලාගේ වැඩ..!"

කියලා මහපට ඇගිල්ලේ තිබුන සෝස් ටික ලෙව කාපු ජන්ග්කූක් නැගිටින ගමන් කියද්දි මම මහපට ඇගිල්ල දික් කරලා ජන්ග්කූක්ට වින්ක් කරේ,

"මන් නැත්තන් හොයාගනියි උබ..!!"

කට ඇද කරලා කියපු ජිමින් අතේ තිබුන පෙප්සි කෑන් එක ඩස්ට්බින් දාලා නැගිට්ටේ ජින් දැන් පන්තියට සර් එයි කියලා කියද්දි..

කාපු බීපු දේවල් වලට පේ කරලා යන්න අපි යන්න හදනකොට ඔම්මා කතා කර නිසා මම ස්ලෝ වෙද්දි අනිත් අය ඉස්සරහට ගියා..

ඉමෝ එන නිසා ඉමෝගේ දුවත් එනවා කියන පනිවිඩේ මට කියද්දි ඊලගට ඔම්මා කිව්වේ එනකොට මොනාදෝ අරන් එන්න කියපු එක..

"හරි ඔම්මා..මන් ක්ලාස් එකේ පස්සේ ගන්නම්..!"

කියලා කෝල් එක කට් කරලා ක්ලාස් එකට එන්ටර් වෙන ගමන් අලුතෙන් දාලා තිබුන ගේම් එක ගැන බලන ගමන් ඩෙස් එකට ලගදි දැක්කේ අනිත් හය දෙනා පිටිපස්සට බෙල්ල හරවන් කාත් එක්ක හරි කතා කරන විදිය..

බලන්න උවමනාව හොදටම තිබ්බත් අලුතෙන් දාපු ගේම් එක ගැන දැන ගන්න ඕන වුන නිසා ඒ ගැන හොයලා බලද්දි ජිමින් අතට ගැහුවේ මේ බලහන් කියලා..

"මොකද බන්..!"

"අන්න අරයා තමයි-"

ජිමින් මොනාහරි දෙයක් වේගෙන් කියන් යද්දි මාත් පිටිපස්සන් හැරිලා ඒ දිහා බලද්දි ජන්ග්කූක් කතා කර හිටියේ අර පොඩි කෙල්ල එක්ක කියලා දැක්කේ එතකොටයි..

"මන් බලන් ඉන්නවා..!"

කියලා පොඩි කෙල්ලට ජන්ග්කූක් ාමුතු හිනාවකුත් දාන් කියද්දි මොන හේතුවකටද මන්දා හීන් දාඩිය පාරක් දාපු මට මිමුනුනේ ජන්ග්කූක් කැමති කෙල්ල එයා නම් වෙන්න එපා කියලා..

______________________________________

_Sa´rah

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now