_22_

82 20 4
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 22

____________________________

"කොච්චර වෙලාවක් යනවද අනේ මෙයාලට එන්න...!"

"ගෑනු ලමයිනේ යුන්ගි ඒ..!"

හේසොක් යුන්ගිට කියද්දි යුන්ගි බෑග් එකේ ඔලුව ඔබාගත්තේ මල වදයක් කියන් ගමන්..

යුන්ගිගේ චුරු චුරුව දැන් පැය භාගෙක ඉදන් මේ විදියට තියෙන්නේ එනවා කියපු නිවීයි සුන්හියි සුමියි පැය භාගෙකුත් ගිහිල්ලා තවමත් නැති නිසා..

ස්කූල් ඉවර වෙලා එලියට යමු කියලා කතා කරගද්දි ඒකට උඩින්ම හා කියලා ස්කූල් යුනිෆෝම් පිටින්ම යන් කියලාත් කියලා තාමත් නැත්තේ ඇයිද කියන එක යුන්ගිටයි හේසොක්ටයි විතරක් නෙවෙයි ජිකූක් ඩබලට වගේම මටත් ප්‍රශ්නයක්..

"ඔය එන්නේ...!"

එකපාරට ජිමින් මගේ උරහිසට තට්ටුවකුත් දාන ගමන් වාඩි වුනේ ඈතින් දුවන් එන කෙල්ලෝ තුන් දෙනා පෙන්නන ගමන්...

"මියන්හේ....!!!!"

"මෙච්චර වෙලා පොල් ගෑවද...?!"

"අපි නෙවෙයි ඔයාලගේ අනිත් ට්වින්ස් යාලුවෝ දෙන්නා තමා..ඒ දෙන්නට එන්න වෙන්නේ නෑ කිව්වා හොදේ ගෙදර යනවා කියලා..!"

සුන්හි එක දිගට කියවන් යද්දි ෆෝන් එකේ හිටපු ජිමින් ඇවිත් සුන්හිගේ ඇවිස්සිලා තියෙන කොන්ඩේ හැදුවේ තව මොනාදෝ කියන්න ගිහින් නතර කරන ගමන් සුන්හියා රතු වෙලා යද්දි..!

හ්ම්ම්.. ඒ දෙන්නත් කපල් එකක් වුනා දැනට සතියකට කලින්..!

සුමියි ජන්ග්කූකයි සතියෙ දවස් හතම රන්ඩු කරන් වෙලාවක් ලැබුනොත් ලව් කරද්දි ජිමින් සුන්හි කපල් එක හරි විනෝදයට බර වුන ලවර්ස්ලා වුනත් කොයි වෙලාවෙත් යාලුවෝ වගේ ඉන්න දෙන්නෙක් වුනා..

එහෙම කිව්වට සුන්හියා සැර නැත්තෙමත් නෑ...පෙරේදා ජිමින් කෙල්ලෙක්ගේ ගුන වැයුවා කියලා ෆිසික්ස් පොතේ ලියලා තිබුන පිටු දෙකක්ම ඉරලා ඒ නෝට් එක ජිමින්ට කියලා ආයෙම ලියෙව්වා..

"ඔයාට වෙනමම කතා කරන්න ඕනද ටේ..එනවා යන්න..!"

යුන්ගි හේසොක් එක්ක කරට අතත් දාන් යද්දි ජන්ග්කූක් සුමී එක්කත් ජිමින් සුන්හියා එක්කත් ඉස්සරහට ගිහින් තිබුනේ මමයි මගේ බෑග් එක අතේ තියන් මට කතා කරන නිවීවයි අපි වාඩිවෙලා හිටිය තැන ඉද්දි..

SMILE | KTH ONE SHOT | ✔Kde žijí příběhy. Začni objevovat