_10_

81 17 2
                                    

SMILE [A Fanfiction Only ]

Episode 10

_________________________

"මොකද බන් ගෑනි මැරිච්ච එකා වගේ ඉන්නේ..!"

මම පිටිපස්සෙන් යද්දි ඉස්සරහින් යන අය එක්ක නොගියේ මට තනියම ඉන්න ඕන කියලා හිතට ආපු නිසා..පොඩි දුරක් විතරක් ඒ විදියට යන්න පුලුවන් වුනේ ජිමින් නැවතිලා මාත් එක්ක කතා කරපු නිසා..

අහපු ප්‍රශ්නෙට මුකුත් නෑ කිව්වත් හිතේ මොකක් හරි දෙයක් තියෙයි කියන්න මට හොදටම දැනුනා..

"ජන්ග්කූක්ගේ ගෙදරට එනවද අද..?"

ජිමින් එක්කවත් කතා කරන්න උවමනාවක් හිතට නොඑද්දි එහාපැත්තේ තිබුන ඇල දිහා බලන් හිටිය මගෙන් ආයෙමය්හ් ජිමින් ප්‍රශ්නයක් ඇහුවා..

"අද බෑ බන්..පොඩි වැඩක් තියෙයි.."

කිසිම හේතුවක් නැතුව කොහේදෝ තිබුනෙවත් නැති වැඩක් ගැන කියලා ඒ ගමන ප්‍රතික්ශේප කරද්දි යන ගමන් තිබුන ටැක්සි එකකට අත දාල ටැක්සියට නැග්ගේ  ජිමින් මගේ නම කියලා කෑ ගහනවා ඇහෙද්දි..

ලොකේශන් දීලා ශීට් එකට ඔලුව තියාගත්ත මන් කල්පනා කරේ ඇයි මම අවුල් වෙලා තීන්නේ කියලා..

ජන්ග්කූක් කතා කරේ පොඩි කෙල්ල එක්ක වෙච්ච නිසා කියලා යටි හිත කියද්දි පිස්සුද කියලා උඩ හිත කෑ ගැහුවේ පොඩි ඔලුවේ රිදිල්ලකුත් අල්ලලා..

වෙන්න බැරි දේවල් ගැන නොහිතා ඉමු ටේහ්‍යුන්ග් කියපු මම ඔලුව දෙපැත්තට ගැස්සුවත් ඊලග විනාඩියේ ජන්ග්කූක් එක්ක කතා කරපු පොඩි කෙල්ලගේ ඒ වෙලාවේ මූනේ තිබුන හිනාව මැවිලා පෙනුනේ අයෙමත්,

"එයා නෙවෙයි ඒ ජන්ග්කූක් කියපු කෙල්ල..!"

කියලා කියවෙද්දි..

මොන මගුලක්ද වෙලා තීන්නේ මට..!!

______________________________________

_Sa´rah

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now