_21_

80 23 7
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 21

____________________________

"ගුඩ් මෝර්නින්ග් ටේ..!"

"ගුඩ් මෝර්නින්ග් නිනී..!"

වෙනදට වඩා අද නිවී වේලාසනින් සුමී එක්ක ඇවිත් තියෙද්දි මාත් එක්ක ආපු ජන්ග්කූක් දුවන් ගිහින් ඇසුත් හීනී කරන් ඉනටත් අත ගහන් හිටපු සුමී ලගට දුවන් ගියේ ඒ දිහා බලන් හිටපු නිවී මන් ලගින් නතර වෙද්දි..

ආ...හ් ජන්ග්කූක් සුමී දෙන්නා එකතු කරන්න මාස දෙකහාමරක් වගේ කාලයක් යන්න ඇති කියලා කිව්වොත් මනුස්සයෙක් විශ්වාස කරයිද..?

නොකරත් කරන්න දෙයක් නෑ ඇත්තටම සුමීගෙන් ජන්ග්කූක්ට කැමැත්ත ගන්න පුදුම විදියට අමාරු වුනා..

සුමීගෙන් කැමැත්ත ගන්නවට වඩා නිවීගෙන් උදව් ගන්න එක හැම එකකටම වඩා අමාරු වුනා..

නිවී ජන්ග්කූක් ගැන කතා කරද්දි ඒ සම්බන්දේ පටන් ගන්න සුමීගේ පොඩි කැමැත්තක් තිබිලා තියෙද්දි නිවී ජන්ග්කූක්ගේ විස්තර කිසි දෙයක් නොදන්න එක ගැන කතා කරද්දි සුමීගේ ජිවිතේ සුමී ගන්න තීරනවලට  ඕනවට වඩා මැදිහත් වෙන්න එපා කියලා සුමී කෑගහලා ගියා කියපු එකට ඕනවටත් වඩා හිත රිද්දවගෙන හිටපු නිවී මාත් එක්ක ඒ හැම දෙයක්ම කිව්වා..

ඒ කතාවෙන් පස්සේ අපි දෙන්නත් හොද යාලුවෝ වුනේ මම නිවීට ටේ වෙද්දිත් මට නිවීව නිනී වෙද්දිත්....

ජන්ග්කූක් නාහෙට අහන්නේ නැති වුනත් හොද කොල්ලා වෙද්දි ඇත්තටම ජන්ග්කූක්ගේ කියන්න තරම් වැරැද්දක් මට නම් නොතිබ්බ තරම්..

ඒ නිසාම නිවීට ජන්ග්කූක්ගේ චරිතය ගැන සහතික වෙන්න මට පුලුවන් වෙද්දි මන් කලපනා කරේ නිවී වගේ යාලුවෙක් තව කෙනෙක්ට ඉන්න පුලුවන්ද කියලා..

එයා සුන්හිටයි සුමීටයි යාලුවෙක් නෙවෙයි සහෝදරියක් කියලා මට හිතෙන වෙලාවල් අප්‍රමානයි..ඒ හැම වෙලාවකදිම මම ඔය වචන ටික කියද්දි ලොකු හුස්මක් අරගන්න නිවී කියන්නේ,

"ඒ දෙන්නා මට වටිනවා.." කියලා..

"යා..ටේ මොනාද කල්පනා කරන්නේ...!"

හිටපු කල්පනා ලෝකෙන් එලියට නිවීගේ කෑගැහිල්ලෙන් බහින්න පුලුවන් වෙද්දි මන් නිවීගේ මූන දිහා බලන් මනෝ පාර ගහපු එක ගැන ඇති වෙච්ච අපහසුතාවයට වට පිට බලන ගමන් බෙල්ල කැසුවා..

"ටේ...?"

"ම්ම්..!"

"එන්නකෝ අනේ යන්න... මට හීතලයි..!"

කටින් හුස්ම පිබ පිබ අත් දෙක රත් කරගන්න නිවී දගලද්දි ඉක්මන් වුන මන් එලියේ හිටපු නිවීවත් එක්කන් ගියේ බස් ස්ටෑන්ඩ් එකට..

"අර දෙන්නා ගොඩ වෙලාවක් නොහිටියොත් හොදයි..!"

"හ්ම්ම්..!"

"ටේ..ඔයා අද අමුතුයි..!"

මගේ අතකුත් අල්ලන් නිවී මූනත් අමුතු කරන් අහන ගමන් නිවී නිවීගේ බෑග් එකේ තිබුන මද රස්නේ උනු වතුර ගෙනාපු බෝතලේ මගේ අතේ තියලා ඉස්සිලා ස්කාෆ් එක හැදුවේ, මම ඉස්සි ඉස්සි මගේ ස්කාෆ් එක හදන නිවීගේ කොන්ඩේ අවුල් කරද්දි..

"අනියා..!"

"එහෙනම්..!"

"මම බැලුවේ අර ඩබල එනකන් අපිට පැය ගනන් හීතලේ ඉන්න වෙයිද කියලා..?!"

"එච්චර වෙලා ඉන්න ඕන නැති වෙයි..අනිත් එක හිටියා කියලා මොකෝ ඇගෙන් කෑලි යනවයි..ඒ ඔයාගේ යාලුවනේ..!"

කතුර වගේ ඔහේ කතා කරන නිවීගේ කතාව අහන් ඉන්න ගමන් දුන්න බෝතලෙන් වතුර ටිකක් බීපු මම නිවීගේ අත උඩින් බෝතලේ තියලා නිවීව කරකවලා මගේ කෝට් එකේ ඇතුලට අරන් සීතල නොදැනෙන්න හොදට කවර් කරගද්දි උඩ බලපු නිවීගේ නහය මිරිකුවේ නිවී මගේ අත කොනිත්තද්දි..

"මන් තනියම ඉන්න එක නෙවෙයි ප්‍රශ්නේ..මෙතන ලස්සන කෙල්ලෙකුත් තියන් ඉන්න එකනේ ප්‍රශ්නෙට තියෙන්නේ..!"

"යා..හ් ටේ...!"

සීතලට රතු වෙලා තිබුන මූන තවත් රතු කරගන්න ගමන් කතා කරද්දි ඒ මූනේ තිබුන හිනාව අඩු නොවුන එකට මම කැමති වුනා ගොඩාක්...

______________________________________

මම ඩබල් චෙක් කරේ නෑ හරිද..

නිකන් කතාව දිග් ගස්සනවා කියලත් හිතෙනෝ..කතාව ඇතුලේ නොගැලපීම් ගොඩකුත් තියෙනවා කියලා දැනෙනවා වගේ..

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now