_33_

100 20 4
                                    

SMILE - [ A Fanfiction Only ]

Episode 33

__________________________

වෙලාව හවස් වෙලා තිබුනේ අපි කෙල්ලෝ තුන් දෙනා එනකන් ක්ලාස් එකේ ගේට් එකට පොඩ්ඩක් මෙහාට වෙන්න ඉදගෙන බලන් ඉද්දි..

ඕනවටත් වඩා හිතට සැහැල්ලුවක් දැනෙද්දි මන් දැනෙන සැහැල්ලුවට කැමති වුනා..

මොකද අවුරුදු ගානක ඉදන් ඉගෙන ගත්තු දේවල් ලියපු එක්සෑම් එක ඉවර වෙලා අදට හරියටම දවස් දෙකක් නිසා..

ඒත් අදත් අපි එලියට ආවෙ අද අගහරුවාද නිසා..මට නිවීව හම්බවුන ජිමින්ට සුන්හිව හම්බුන ජන්ග්කූක්ට සුමීව හම්බවුන මන් ආසාවෙන්ම ආපු පන්තිය වෙච්ච ෆීසික්ස් පන්තියෙ ලමයි හැමෝම සර් එක්ක එකතු වෙලා අද පාටියක් දාලා වින්දෝ වුන එක අපි පන්තියට එන එකට හේතුව වුනා.

ඒත් අනේ මන්දා කොච්ච හිත සැහැල්ලුයි කිව්වත් හිත කොනකින් ඒ අමුතු සැහැල්ලුවට අකමැතිත් වුනා..

ටිකක් ඈතින් පේන්න ගත්ත රූප තුන නිසා අපි ඒ පැත්ත බලද්දි සුන්හි ජිමින්ගේ අතෙනුත් සුමි ජන්ග්කූක්ගේ ලගිනුත් නතර වුනේ නිවී ඇවිත් අපි පස් දෙනා ලග නැවතෙද්දි...

මින්සු කපල් එකයි මින්ගූක් කපල් එකයි එයාලගේ කතා එක්ක අපිට ඉස්සරහින් යද්දි හැමදාම නිවී ඉස්සරහට යන්න ආවේ මමත් එක්ක එක පෙලට වැටෙන ගමන්..

කලු ඩෙනිම් ජීන්ස් එකට යට කරපු අහස් නිල් පාට ශර්ට් එකක් ඇදන් හිටපු නිවීගේ කොන්ඩේ වනා දාලා හිටියා..

"ඔන්න නිනී..!!"

ජින්ගේ විහිලුවලට අතොරක් නැතුව හිනා වෙවී ගේට් එක ලගට ආපු නිවී ගේට් එකෙන් එලියට ඇවිත් ටික දුරක් යද්දි ඇග හරියෙන්ම වාහනයක් ගද්දි ඒක දැකපු මම නිවීව ඇදලා ලගට ගද්දි මේ ලෝකේ සිහියක් නැතුව හිටපු නිවී ඒ වෙච්ච දේට ගැස්සුනා..

"පරිස්සමෙන් යන්න නිනී..මේ පාර මැනික..!"

"මියන්හේ..!"

නිවිගේ මූනට තට්ටුවක් දාන ගමන් මම කියද්දි මගේ අත අල්ලන් ටික දුරක් ගිය නිවීට ආයේ එයා ඉන්නේ පාරේ කියන එක අමතක වුනේ මාවත් අල්ලන් උඩ පනින්න ගද්දි..

මේ කෙල්ල එක්ක කොහොමද මම ඉස්සරහට ඉන්නේ..!

ඔලුව දෙපැත්තට වනපු මම එහෙම කල්පනා කරේ තව දවසකින් නිවීට මන් කැමතියි කියන්න යන විදිය ගැන මතක් වෙලා..

නිවී පොඩි කාලේ ඉදන් හීන දැක්ක විදියට නම්සන් එක ලග ඒ දේට පාවිච්චි කරන් ඉන්න මට මැවිලා පෙනුනේ නිවීගේ මූනේ එදාට ඇදිලා තියෙයි කියන හිනාව..

ඕනවට වඩා මනෝ ලෝකේ ගිය මම ආයෙම ඔලුව ඉස්සුවේ අපේ හය දෙනයි සුමියි සුන්හියි එක පාර නිවීගේ නම කියපු නිසා..

වුනේ මොකද්ද කියලා ඉස්සරහින් යන කාර් එකයි නිවී ඉන්න විදියයි දැකලා මගේ ඇස් හීන් වෙද්දි කන් දෙක වහන්ම නිවී,

"මම දන්නෝ අද මම හොස්පිට්ල් ගිහින් තමයි නතර වෙන්නේ..!" කියද්දි,

"යා නිවී..!"
"මූසල කතා කියන්න එපා..!"
"මෝඩයා..බලන්න ජන්ග්කූක් මේක කියන ඒවා..!"

එකපාර හැමෝම නිවීට කෑ ගැහුවේ සුන්හි ජිමින්ගේ අතේ තිබුන පොතෙනුත් නිවීට ගහන ගමන්..

පරිස්සමෙන් එන්න නිවී කියාගෙන ඉස්සරහට හැරිලා හැමෝම ආයේ යන අතරේ මන් නිවී ලගට ගිහින් නැවතිලා නිවීගේ කන තදින් ඇල්ලුවේ නිවී හිනාවෙද්දි..

"පරිස්සමක් ඇත්තෙම නෑ නේ..!
අනික මන් කියලා තියෙනව මන් ඉස්සරහා ඔයා හිනා වෙද්දි හිනාව අතින් කවර් කරන්න එපා කියලාත්..!"

"මියන්හේ..ඔයාට තරහා ගිහින්නේ..!"

මගේ බඩ මැදින් අත දාලා මගේ මූනට යටින් එබෙන ගමන් කියද්දි නලලට එකක් ඇනපු මම නිවී එක්කම ඉස්සරහට ගියේ හැමෝම කන්න ඉමු කියලා කියපු නිසා..

මන් අකමැතිම දේ නීවී එයාගේ හිනාව වහන එක..මෝඩි..!

නිවී සුමියි සුන්හියි ලගට දුවන් යද්දි මන් අනිත් හය දෙනා එක්ක පාර පැන්නේ කන්න මොනාද ගන්නේ කියලා කතා වෙන ගමන් වුනත් කඩේට අඩිය තියන්නත් කලින් ඇහුනේ කන් කීන් ගාන සද්දෙට ඇතිල්ලිලා ගිය රෝද පාරක සද්දයක්..

"ඒ ලමයා යට වුනා නේද..!"

කියාගෙන හතර වටේ ඉන්න අය දුවද්දි,එකපාර නොදන්න අමුතු මූසල හැගීමක් හිතට එද්දි කඩේට තියපු අඩිය එලියට ගත්තු මම බැලුවේ මොකද්ද වුනේ කියලා..

______________________________________

අන්තිම කොටස් දෙකත් එක්ක එන්නම්..

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Dove le storie prendono vita. Scoprilo ora