_24_

72 20 1
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 24

____________________________

"ඔයාලා ආපු වෙලාව හොදයි දරුවෝ..!"

"ඇයි ඔම්මා තාම නිවී නැගිටලා නැද්ද..?!"

"පිස්සුද දරුවෝ තාමත් හොදට නිදි..!"

"අනේ ඇත්තමයි මේකි..!!
යා නිවී නැගිටපිය..!!!"

නිවාඩු දවසක් වුන අද නිවීගේ ගෙදර එන්න අපි දාගත්තේ නිවීටවත් නොකියා..

මොකද අද දෙසැම්බර් අට වෙනිදා මගේ නිවීගේ බර්ත්ඩේ එක..

එනකොටම තියෙන වවපු පාට පාට මල් එක්ක පිරුන ගාර්ඩ්න් එක ඇත්තටම නිවීගේ ගෙදර හුරුබුහුටි ගතිය වැඩි කරා..

මගේ ගේ තරම් මන්දිරයක් නොවුනත් නිවීගේ ගෙදරට දැකපු ගමන් මම වගේම අපේ අනිත් හය දෙනත් ආස වුනේ අපි දැකලා තිබුනත් මෙහෙම ගේකට ආපු දෙවනි වතාව මේක නිසා...

පලවෙනි වතාව සුන්හිගේ ගෙදර ඒකයි මේක දෙවනි වතාව වුනේ..

වෙලාව දහයට ලන් වෙලා තිබුනත් නිවීගේ ඔම්මා එක්ක  මල්ලි විතරක් නැගිටලා ඉද්දි නිවී නිදි කියලා කියපුවම සුන්හියි සුමියි පුදුම නොවුනත් අපි පුදුම වුනේ මෙච්චර වෙලා කෙල්ලෙක්ට නිදා ගන්න පුලුවන්ද කියලා හිතන කොට..

පුලුවන් හින්දනේ ඔය නිදාගෙන් ඉන්නේ කියලා මම හිතද්දි උඩට ගිය දෙන්නගෙන් සුන්හි පහලට ආවේ නිවී කලින් එයාට ඉන්නවා කියපු බල්ලත් එක්ක..

බල්ලොන්ට බය හේසොක් නම්ජුන්ගේ ඇගේ එල්ලිලා ඉද්දි නිවීගේ මල්ලි බල්ලාව එක්කන් ගියේ හේසොක්ට නිදහසේ වාඩි වෙන්න ඉඩ දීලා..

කලු පාට කාගෝ පෑන්ට් එකකට ඔවර් සයිස් ශර්ට් එකක් ඇදන් කාමරෙන් එලියට සුමි එක්කම ආපු නිවීගේ ඇස්වල නිදිබර ගතිය ඕනවටත් වඩා තිබුනා..

එලියේ තියෙන සීතල අස්සේ නාලා හිටපු නිවීගේ කම්මුල් වල රතු පාටක් අරන් තියෙද්දි කවදාවත් නොදැක්ක නිවීගේ මේ සයිඩ් එකටත් ඕනවට වඩා මම ආස කරා..

ආපු ගමන් හිස් වෙලා තිබුන සෝෆා එකේ ඇලවුන නිවී ආයෙමත් ඇස් වහන් නිදාගන්න බලද්දි එතනින් යන ගමන් හිටපු නිවීගේ මල්ලි නිවීගේ ඔලුවට ගහලා කිව්වේ 'කොල්ලෝ හත් දෙනෙක් ඉස්සරහවත් ගෑනු ලමයෙක් වගේ ඉන්නවා .!' කියලා..

රිදුන පාරේ සැරටද මන්දා කෑ ගහන් පුටුවෙන් නැගිටපු නිවී සුන්හි අතේ තිබුන රිමෝට් එක අරන් මල්ලිගේ පැත්තට විසි කරලා යැව්වේ අපි හත් දෙනාවම හිනස්වලා..

ඒ වෙලාවේ ක්ශනිකව පිටිපස්ස හැරුන නිවී,

"ඔයාලා..!"

කියලා කිව්වේ ඇස් දෙකත් ලොකු කරන්..එලියට ආපු වෙලාවෙ ඉදන් එයා කරපු දේවල් මතක් වුනහම සුමි සුන්හි එක්ක හිනා වෙද්දි 'ඔම්මා..!' කියාගෙන සෝෆා එක පිටිපස්සේ වාඩි වුන නිවීගේ කන්කෙදිරිය අපි අහන් හිටියේ සුන්හියි ජිමිනයි සුමියි ජන්ග්කුකයි එලියට යනවත් එක්කමයි..

විනාඩි දෙක තුනකට පස්සේ වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු නිවීඅවුල් වුන කොන්ඩෙත් අතින් හදන් වාඩි වෙද්දි මන් ඒ දිහා බලන් හිටියේ හිනා වෙවී..

මොකද අනිත් අය හිටියේ ටීවී එකේ යන ෆිල්ම් එකේ ඇස් අලවන්..!

නහය උඩට සුරුස් ගාලා අදින ගමන් මන් දිහා බලපු නිවී මාත් එක්ක හිනා වුනේ එයාගේ රතු වෙච්ච කම්මුල් තවත් රතු කරලා..

ඒ වෙලාවේ මගේ හිතට ආවේ එයත් කියුට් එයාගේ හිනාවත් කියුට්..සරලවම කියනවනම් ඕනවටත් වඩා එයා කියූට් කියන එකම විතරයි..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now