_28_

75 20 2
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 28

_____________________________

අත උඩින් තිබ්බ ෆෝන් එක අරන් පැත්තකින් තියපු මම අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බත් මුලින්ම කලේ ගල්ගැහෙන සීතලක් එලියේ තිබිලත් නිවී එයාගේ ගලවලා දාලා පැත්තකින් තිබුන කෝට් එක අතට අර ගත්තු එක..

ඔහේ වැටෙන හිම දිහා බලන් ඉන්න නිවීගේ කර වටේට කෝට් එක දාලා වාඩි වෙන්න ගියත් මූනේ එහාට මෙහාට යන කොන්ඩ කෑලි එහාට කරන්න නිවී හදිස්සියේ හර්ට් අත් උඩට උස්සපු දකුනු අත දැක්ක නිසා ආයෙ හැරුන මම නිවීගේ අත ඇදලා අර ගත්තේ නිවීගේ කටින් ආව් කියලා කියවෙද්දි..

"නිනී..මොකද්ද වුනේ..ඇයි මේ අත රතු වෙලා..!!"

ෆෝන් එක කුඩු වෙලා අත දිගේ කෝටු පාරක් කියන්න පුලුවන් රතු වෙච්ච පාරක් තියෙද්දි මගේ හිතේ ප්‍රශ්න වැඩිවුනේ මගේ කට හඩේ සැර වැඩි වෙද්දි..

"නිනී..මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා..මොකද්ද අතය ව්-"

"අප්පා ගැහුවා...ෆෝන් එකත් පොලවේ ගහුවේ අප්පා..!"

බිම බලන් ඉදලා ඇස් උස්සලා ග්‍රවුන්ඩ් එක දිහා බලන් ගමන් කියද්දි ඒ බෝල ඇස්වල ලොකු කදුලු කැට දෙකක් හිර වෙලා තිබුනා..

"නිනී..මගේ ඉවසීම හරි අඩුයි මැනික..මොකද්ද වුනේ..!"

ඕන තරම් මැනික කියලා කතා කරලා තියෙන නිසා නිනීට ඒක ගානක් නැති වුනා..ඇස් දෙකෙන් වැටුන කදුලු බින්දු දෙක පහලට රූටලා යද්දි නිවී ඒ කදුලු පිහි දාගත්තා..

බෙන්ච් එකෙන් වාඩි වුන මම නිවීව මගේ පැත්තට හරවන් කෝ කියන්න කියලා කියද්දි ලොකු හුස්මක් ගත්තු නිවී කතාව පටන් ගත්තා..

"සුමීගෙයි ජන්ග්කූක්ගෙයි එෆෙයා එක සුමීගේ ඔම්මට අහුවෙලා ටේ..!"

නිවී කියද්දි මගේ ඇස් හීනි වුනේ ජන්ග්කූක් මේ ගැන නොදන්නේ කොහොමද කියලා හිතෙද්දි..

"ඉතින්..!"

"එයා හැමදේම ඔම්මට කියලා ටේ...ඒ මදිවට ඒකට සම්පූර්න උදව් කරේ මම කියලත් කියලා..

මට ඒකට ප්‍රශ්නයක් නෑ ටේ..ඇත්ත මම වචනෙකින් හරි උදව් කර නිසා..ඒත් සුමීගේ ඔම්මා සුමී එක්ක අපේ ගෙදරටම ඇවිත් සුමීව මේ වගේ දේකට පොලඹවපු කෙනා ඔයාගේ දූ කියලා මගේ ඔම්මාට කෑ ගහද්දි කිසි දෙයක් නොදන්න ඔම්මාට සුමීගේ ඔම්මා සුමී ගැනයි ජන්ග්කූක් ගැනයි ඒකට මම උදව් කරලයි කියද්දි අප්පාත් එතන ඉදලා..

ගෙදර යනකන් මම මුකුත් දැනන් හිටියේ නෑ ටේ...අගහරුවාදට ගෙදර එන්න පරක්කු වෙන නිසා අප්පා මගට එනවා..එදත් මන් යද්දි අප්පා හිටියා..අප්පත් එක්ක හිනා වෙලා මම බයික් එකට නගින්න ගියත් මට පාර මැදම අප්පාගෙන් හම්බුනේ තොල පැලෙන්න කම්මුල් පාරක්...මම මොකද්ද අප්පා ඒ කරේ කියලා අහද්දි යමන් ගෙදර කියලා එක්කන් යද්දිම තේරුනා මොකක් වුනත් ඕන නැති වැඩක් වෙලා තියෙයි කියලා..

ගෙදර ගිහින් මම බයික් එකෙන් බැස්ස ගමන් අප්පා ගත්තේ මගේ අතේ තිබුන ෆෝන් එක..ඒක සාක්කුවට දාගෙන සුමීගේ ඔම්මයි සුමියි ගෙදරටම ඇවිත් කියලා ගිය දේවල් එකක් නෑර කියද්දි සමහර තැන්වලදි අප්පා මට විසිවෙන්න ගැහුවා..පස්සේ ෆෝන් එකත් කුඩු වෙන්නම පොලවේ ගහලා ගෙයින් එලියට බහින එක තහනම් කරේ ඔම්මා මුකුත්ම නොකියා ගේ ඇතුලට යද්දි..

මට දුකක් නෑ ටේ මම සුමීගේ එෆෙයා එකට උදව් කරලා කියලා අප්පාගෙන් ගුටි කෑවට මොකද ඒ මගේ යාලුවා නිසා..ඒත්..ඒත් ටේ එයාට පොඩි හරි වචනයක් මන් වෙනුවෙන් ඒ වෙලාවේ කතා කරන්න බැරි වුනාද..?.මන් කියන්නේ පොඩිම හරි වචනයක්..

අප්..පා කවද්..දාවත් නැතුව මට අත ඉස්සුවා ටේ..ඒ වගේම..
ඒ වගේම එයා ම...ට-"

තවත් මොනාදෝ කියන්න ගිය නිවීට කතා කරගන්න හරියට බැරි වෙද්දි නිවීව ඇදලා අරන් බදාගත්තේ නිවීගේ ඇඩිල්ල කැගැහිල්ලක් වෙද්දිත් මගේ හිතේ සුමි ගැන ඕනවටත් වඩා කේන්තියක් ඇති වෙද්දිත්..

මොකද නිවීගේ දෙමව්පියෝ සැරයි කියලා දැනන් හිටියට නිවීට ඒ අය ගොඩක් නිවීට ආදරෙයි කියන්න නිවීගෙන් කතාවෙන් වගේම එදා මම ගෙදර ගිය වෙලාවෙත් දැක්ක නිසා..

______________________________________

කතාව කියවන ඔයාලට මේ හේතුව මෝඩයි වගේ පේන්න පුලුවන් ලමයි..

ඒත් පොඩ්ඩක් හිතන්න නිවීගේ පැත්තෙන්..

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ