_6_

84 20 0
                                    

SMILE - [A Fanfiction only]

Episode 6

__________________________

මේ සතියේ ඉතුරු දවස් ටික පැය හතර ගානේ දවස් තුනක් බංකුවක් උඩ රත් කරවලා ඉතුරු දවස් ටික ආතල් එකේ ගෙවලා දැම්මේ එක එක්කෙනාගේ ගෙවල් වල පාටි දාලා එහමත් නැත්තම් කොහේ හරි ගිහින් හවස් වෙනකන් කියව කියව ඉද්දි..

මේ විදියට ගෙවපු සතියේ සමහර දවස් වල හවස පහ පැන්න ගමන් ගෙදරට ගොඩ වෙද්දිම ඔම්මා බනින්න ගන්නේ ජීවිතේ ගැන කිසි බරක් පතලක් නෑ වගේ ජීවත් වෙන්න එපා ටේහ්‍යුන්ග් කියලමයි..

හිතාගන්න බෑ ඔම්මාට මට බනින්න වචන හැමදාම කොහෙන් එනවද කියලා.ඒත් කොහෙන් හරි ඔම්මාගේ කටට එන වචන මගේ ජීවිතේ හොදට තියන්න ඕන කියලා හිතන නිසා ඔම්මා පිටකරනවා කියලත් මන් දැනන් හිටියා..

ඒකනේ මන් එයාට මෙච්චර ලව්..!

සතියකට පස්සේ ආයෙමත් අගහරුවාදා දවස හෙට එන නිසා දවල් එකෙන් පස්සේ ජන්ග්කූක්ගේ ගෙදරින් හැමෝම පිට වුනේ කරන්න පන්තියේ වැඩ තියෙනවා කියලා දන්න නිසා..

කරන්න ටියුට් දෙකක් එක්ක කම්මැලි කමට කලින් සතියේ පැන්සලෙන් කැතට ලිව්ව නෝට් එක මනුස්සයෙක්ට බලන්න පුලුවන් තත්වෙට අරන් වැඩ ටික කරලා ඉවර වෙද්දි අප්පාගේ කාර් එකේ සද්දේ ඇහුන නිසා වහපු පොත එසැනින් දිග ඇරපු මන් හදපු ගානක් පැන්සලෙන්ම අලුත් පිටුවක ලියලා පහල තට්ටුවට කන් දීගෙන හිටියා..

ඔම්මයි අප්පයි මොනාදෝ කතා කරනවා ඇහුන මට ඊලගට එක පාරට පඩිපෙල නගින සද්දේ ඇහුන ගමන්ම පැන්සල අතට ගත්තු මන් දඩ බඩ ගාලා ගානේ භාගයක්ම ලිව්වේ තාත්තා දොර ඇරලා කාමරේට එබෙන්න කලින්..

"ඕහ් අප්පා..කොයි වෙලාවෙද ආවේ..?"

කියලා අප්පා දැන් ටිකකට කලින් ආවේ කියලා දැන දැනම අහද්දි දැන් ටිකක් වෙලා පුතා කියපු අප්පා ඔෆිස් කිට් එක පිටින්ම මගේ ඇද ලගින් වාඩි වුනේ ටේබල් එක උඩ තිබුන මගේ පොත් ටිකත් අරන්..

කියන්න තරම් වැරැද්දක් නොතිබුන නිසාම අප්පා මට හොදයි කියලා ගේම් ගහන එක නවත්තන්න කියන ගමන් දැන් දවස් හතරකට කලින් මන් පරක්කු වෙලා ආපු නිසා මගෙන් ගත්ත බයික් කී එක දීලා ගියේ ඔය දේ මන් හිතපු දවසට වඩා කලින් වෙච්ච එක ගැන පුදුමෙන් ඉද්දි..

______________________________________

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now