_23_

70 20 0
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 23

_____________________________

දවසින් දවස ගෙවිලා යද්දි නිවී කොහොම මම ගැන හිතනවද කියලා නොදැන මහා ගොඩාක් දේවල් හිතපු මම නිවීට කියන්න ඕන කියලා හිතේ හිරකරන් ඉන්න හැගීම නිතරම නිවී ඉස්සරහා උඩ එන්නේ හරියට වතුරට දාපු රබර් බෝලේ වගේ..

"ඕ පුතා..!
මොනාද ලමයෝ ඔය කරන්නේ..සුප් එක පිගානට නැතුව මේසෙ උඩට බෙදාගන්න ලමයෙක් දැක්කමයි..!"

ඔම්මාගේ කෑ ගැහිල්ලට නිවීගේ ලෝකෙන් එලියට එද්දි ඔම්මා ටිශූ එකෙන් මේසේ උඩ පිහිදද්දි මට ඇහුනේ ජන්ග්කූක්ගේ වගේම ජිමින්ගේ ගොන් හිනාව..

"මියන්හේ ඔම්මා..!"

අරුන් දෙන්නටම රවපු මම ඔම්මගෙන් සමාව ඉල්ලද්දි දිගින් දිගටම ඔම්මා ඇහුවේ මොන සිහියෙද ඉන්නේ කියලා..

අනේ මට කියන්න පුලුවන් වුනා නම් මන් හිතුවේ කෙල්ලෙක් ගැන කියලා..!

නිකන්ම මට හිතෙද්දි ඊලගට මතක් වුනේ ඔම්මාගේ තරහෙන් රතු වෙන මූන..

නෑ ඕන නෑ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සෙම කියනවා..!

තව මාස හතරකින් තියෙන ෆයිනල් එක්සෑම් එක මතක් වෙලා හිතද්දි ඔම්මා අතට ගහලා,

"ඒ පාර තනියෙන් මුනු මුනු ගානවා..මොකද්ද කොල්ලෝ වෙලා තියෙන්නේ..!"

කියලා අහද්දි ඉස්සරහා හිටපු හේතුව දන්න ජිමින්ගේ හිනාව වක්කඩේ කැඩුවා වගේ පුපුරලා ගියේ ජන්ග්කුකත් ඒකට එකතු වෙද්දි..

"ඔය ඔම්මා ඔයාගේ අනාගත ලේල්-
ඔම්මා....!!!!!"

බ්‍රේක් නැතුව ඔහේ කියවන් යන ජන්ග්කූක් කියලා ඉවර වෙන්න කලින්  කකුලට හොද පාරක් දුන්නේ අතේ තිබුන හැන්ද සුප් එකට දාපු ජන්ග්කූක් කකුල අල්ලන් කෑ ගහද්දි..

මේ සපත්තුවේ හැටියට අනිවාර්‍යෙන් ඔහොම කෑ ගහන්න ඕන..!

"ඇයි පුතා මොකද වුනේ..!"

ඔම්මා නැගිටලා ජන්ග්කූක්ගේ පැත්තට යන ගමන් අහද්දි ඉස්සර වුන ජිමින් පුටුවෙන් නැගිටලා,

"ජන්ග්කූක්ගේ පස්සට බෙහෙත් එකක් ඊයේ විද්දා.."

කියද්දි කටේ තිබිලා ගිලින්න ඔන්න මෙන්න තිබුන සුප් එක නහයෙන් ආවේ ජන්ග්කූක් ලගට යන්න ගිය ඔම්මා ආයේ හැරිලා මන් ලගට එන්න සලස්වලා..

හැරිලා ආපු ඔම්මා අතට වතුර වීදුරුවක් දීලා පලවෙනි උගුර බීපු ගමන් පිට මැද්දට අත ගුලි කරලා දෙපාරක් තුන් පාරක් ගැහුවේ මම දන්න ගත්තු නහය අල්ලන්ම පුටුවෙන් එගාට වෙද්දි..

"අයිගෝ ඔම්මා..ඇති මගේ පිට..සුප් එක නහයෙන්ම ආව නම් හොදයි ඔයා ඔය පිටට තඩි බාන විදියට වඩා..!"

නහය අත ගාන ගමන් මම කියාගෙන ලිවින්ග් රූම් එකට එද්දි මගේ පස්සෙන් ආපු ජන්ග්කූක් වාඩි වෙන්න කලින් මගේ පස්සට පයින් එකක් ගැහුවේ ජිමින් ටීවි එක ඔන් කරලා අපි ලගට එද්දි..

ජිමින්ගේ අතින් රිමෝට් එක ජන්ග්කූක් උදුරලා අරන් ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එක දාගනිද්දි අතේ තිබුන කුශන් එක ජන්ග්කූක්ට යවද්දි මට ඇද කරපු ජන්ග්කූක් ටීවී එකේ සද්දෙ වැඩි කරද්දි මම ඔලුව සෝෆා එකට හේත්තු කරගත්තා..

"උබ ඕක කවද්ද නිවීට කියන්නේ..!"

මට එහා පැත්තෙන් වාඩි වුන ජිමින් අහද්දි හැමදාම වගේ උරහිස් අකුලන ගමන් දන්නේ නෑ කියද්දි ජිමින් අදත් කිව්වේ වෙනදා කියන දේමයි..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Dove le storie prendono vita. Scoprilo ora