_2_

125 25 4
                                    

SMILE [ A Fanfiction Only ]

Episode 2

_________________________________

සියෝල් ටවුන් එකෙන් බස් එක නවත්තද්දි පන්ති යනවා කියලා හිතන්න පුලුවන් ලමයි ගොඩාක් බස් එකෙන් බැස්සා..

ආ කියන්න බැරි වුනාට මට යාලුවෝ හය දෙනෙක් ඉන්නවා..හොදම දේ තමයි මන් දේගු වලින් අස් වෙලා සියෝල් ආපු කාලේ ප්‍රයිමරි ස්කූල් එකේ ඉදන්ම මේ හය දෙනා එකටම හිටපු එක..

මගේම වාසගම වුන කිම් කෑල්ලත් තිබුන කිම් සියොක් ජින් වගේම කිම් නම්ජූන් නිවුන් සහෝදරයෝ වුනත් උන් දෙන්නාගේ සෑහෙන ලොකු වෙනස්කම් තිබුනා..මට තාමත් හිතා ගන්න බැරි දේ තමයි කොහොම මේ දෙන්නා නිවුන් සහෝදරයෝ වුනාද කියලා..

මින් යුන්ගි වගේම පාක් ජිමින් අක්කලා නංගිලගේ දරුවෝ වෙද්දි සුදුමැලි හමක් තිබුන යුන්ගි අපි හැමෝටම වඩා වෙනස් වුනේ නිහඩ චරිතයක් වුන නිසා..

කොහේ හිටියත් ගේම් එකක් ගහමු බන් කියපු ගමන් දුවන් එන අයගෙන් එක්කෙනෙක් ජිමින් වුනා..අපිට වඩා පොඩ්ඩක් උසින් අඩු කෙනෙක් වුන ජිමින්ව තරහා ගස්සන්න ඕන කියලා හිතුන ගමන්ම ඒ කොට ඩයල් කියලා කතා කරන්න පුරුදු වුනා...

හැබැයි එක දෙයක් ජිමින්ට කොට ඩයල් කියලා කතා කරන්න පුලුවන් අය අපි හය දෙනාට විතරක් වෙච්ච එක..!

මොකද අපි කියනවට ජිමින්ට කොටා කියපු දෙතුන් දෙනෙක්ගේ කට තලන්න අපි මිඩ්ල් ස්කූල් යන කාලේ අමතක නොකරපු නිසා..

අනිත් එක්කෙනා ජන්ග් හේසොක්..හැම මගුලටම මහ හයියෙන් හිනාවෙන හේසොක්ගේ හිනාව නවත්තන එක තමයි අපිට කරන්නම බැරි වුනේ...

අනිත් කෙනා ජියෝන් ජන්ග්කූක්..වීක් ඩේස්වලට ජිම් එක ගෙදර කරන් ඉන්න ගමන් පොඩ්ඩ ඇත්තන් තරහා ගන්න ජන්ග්කූක් මගේම උපන්දිනේ දවසේ වුනා...ඒවගේම වෙලාවක් කලාවක් නැතුව ජිමිනුයි මායි එක්ක ගේම් වලට සම්භන්ධ වෙන අනිත් කෙනාත් ජන්ග්කූක්ම වුනා...

පොඩි පොඩි වලි අපි අතරේ ගියත් උපරිම දවස් දෙකක් විතරක් තිබුන ඒ තරහා එකෙක්ට කේස් එකක් කියලා කියද්දිම නැති වෙලා ඊලග තත්පරේම ඒකා ගාව ඉන්න පුරුදු වෙලා තිබුනා...

කියා ගන්න තේරෙන්නේ නැති එකාට එකා නැතුවම බැරි අපි හය දෙනා නිසා ගෙදර මිනිස්සු ඕනවටත් වඩා අපි කරන වැඩ ගැන උනන්දු වුනේ අපි ඒ තරම් නසරානියෝ කියලා ස්කෝලෙන් හංවඩු ගහලා චරිත සහතිකේ දුන්න නිසා වෙන්න ඇති..

ඒත් අපි එහෙම නෑ කියලා දන්නෙත් අපි හය දෙනාම විතරයි..

______________________________________

මොනාහරි කමෙන්ට් කරන් පලයාව්...!!

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Место, где живут истории. Откройте их для себя