_11_

73 18 2
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 11

_____________________________

"ස්කූල් ආයෙත් යනවයි කියන එකත් එක අතකින් හොදයි නේ බන්..!"

"හ්ම්ම්..."

"උඹ වෙනස් ටේහ්‍යුන්ගා..!"

"ආනියා...අර ඉමෝගේ දූ ගෙදර ඇවිත් බන්..!"

මන් කියද්දි ඇස් ලොකු කරන් හිටපු ජිමින් ඊලග විනාඩියේදිම හැක හැක ගාලා හිනාවුනේ මන් ඔරවලා ජිමින් දිහා බලද්දි..ඉමෝගේ දූ ගේම් ගහන කෙල්ලෙක් වෙච්ච නිසා ඉමෝගේ දූව මට ජෝඩු කරන්න මුන් හය දෙනා දත කන්නේ මිඩ්ල් ස්කූල් කාලේ ඉදන්මයි..

"ඒ ජිමිනා..එනෝ එනෝ..!"

හේසොක් එක්ක දුවන් ආපු ජන්ග්කූක් ලොකු සතුටක් මූනේ පුරවන් කතා කරනකොට අපි හැමෝම දොර දිහා බලලා කවුද කියලා හොයද්දි අපේ හිත්වල තිබුන කවුද එන්නේ කියන ප්‍රශ්නේ ජිමින් ජන්ග්කූක්ගෙන් ඇහුවේ ජන්ග්කූක්

"අර කෙල්ල බන්.." කියද්දි.. .

හැමෝටම කලින් මගේ ඇස් දොර පැත්තට ඇදිලා යද්දි ඒ කෙල්ල අර පොඩි කෙල්ල වෙන්න එපා කියලා හිතින් හිතුවත් ඒ පොඩි කෙල්ල වෙද්දි මොකද්දෝ අමුතු හැගීමකින් හිත මමම රිද්දව ගත්තේ තාමත් මට හේතුවක් හිතා ගන්න බැරුව...

කලු ඩෙනිම් එකකට කලු පාටම ටී ශර්ට් එකක් ඇදන් ක්ලාස් එක ඇතුලට ආවත් අපි දිහාවත් නොබලා අපිව පාස් කරන් ඇතුලට යන පොඩි කෙල්ලව ජන්ග්කූක් නවත්තගද්දි එයා ඇයි කියලා ඇහුවේ අතේ තිබුන ලේන්සුවෙන් මූන පිහිදගන්න ගමන්..

"මොකද අනේ නොදැක්කා වගේ යන්නේ..!"

"ඉතින් දැන් මට මොකද්ද කියන්නේ..!"

ජන්ග්කූක් කියපු තාලෙන්ම එයත් කියද්දි යන්තම් මට හිනා ගියා..

"ඔයා ඇහුවද..?"

"මේකනේ~"

කියාගෙන එයා හේසොක්ගෙන් එහා පැත්තේ ඉඩක් හදාගෙන වාඩි වුන එයා ලොකූ කතාවකට මුල පුරන්න ලේස්ති වුනේ අතේ තිබුන ෆෝන් එකෙන් කාට හරි කෝල් එකක් අරන් විනාඩි දහයක් ඉන්න මන් එන්නම් කියලා කියන ගමන්..

"ඔයා කියන දේ මම එයාට කිව්වා මොකද්ද නම ඔයාගේ-

"ජන්ග්කූක්"

"ආ ජන්ග්කූක් ශි..එයා මගේ යාලුවා බව ඇත්ත..ඒත් මම ඔය වැඩේ කරන්නම ඕන කියලා එකක් නෑනෙ..අනිත් එක මම ඔය ගැන කිව්වම එයා එකපාරින්ම කිව්වා ආයෙ මොනාහරි ඇහුවොත් එයා කැමති නෑ කියලා හැරිලා එන්න කියලා..ඉතින් ජන්ග්කූක් ශි ආයෙ ඔය ගැන මගෙන් අහන්න එපා හරිද..?"

"ඒත් මේ-
යා..!"

පොඩි ලමයෙක්ට කතාවක් කියලා දෙනවා වගේ කතා කරපු ඒ පොඩි කෙල්ල ජන්ග්කූක්ගේ පිටටත් තට්ටුවක් දාන් ඉස්සරහට යද්දි මට හිනා ගියා වගේම ජන්ග්කූව කොර කරලා යන්න කතා කරත් එයා කතා කරද්දි හුගක් කියුට් කියලා නම් තේරුනා..

කොහොම හිනා වුනත් මට පොඩි ප්‍රශ්නයක් තිබුනා ඇයි එයා එයාටම එයා කියාගත්තේ කියලා..

"ජිමින්..!"

"ඒ පාර උබ මොකෝ..?!"

"ඇයි ඒ කෙල්ල එයාටම එයා කියාගත්තේ..!"

ජිමින් ආහ් ගාන ගමන් සම්පූර්නෙන්ම මන් ඉන්න ඇත්තට හැරිලා මගේ නලලට අත තිබ්බේ මන් ජිමින්ගේ අතට ගහලා ඔරවලා බලද්දි..

"නෑ මන් මේ උබට උනද කියලා බැලුවේ..!"

"ඇයි එයාට නෙවෙයිද ජන්ග්කූක් කැමති කිව්වේ..!!"

"පිස්සුද බන්..මෙතන ඉදන් ගියේ ජන්ග්කූක් කැමති කියපු කෙල්ලට ඉන්න යාලුවා..!"

මගෙ ඔලුවටත් ගහන ගමන් කියලා ජිමින් නහයෙන් අඩන ජන්ග්කූක්ගේ පැත්තට හැරිලා කතා කරද්දි මම ෆූහ් ගාලා කටින් හුස්මක් පිම්බේ ආයෙමත් අනිත් පැත්තට හැරිලා කතාවට එකතු වෙද්දි..

______________________________________

_Sa'rah...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now