_25_

68 19 0
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 25

____________________________

"මේක ලස්සනයි ටේ...ඇත්තමයි..!!"

විසිවෙනි පාරටත් බෙල්ලේ තිබුන පොඩි සිල්වර් කලර් චේන් එක අල්ලන් මගේ පැත්තට හැරිලා නීවී කියද්දි මන් කරේ මට තිබුන හොදම හිනාව නිවීට පෙන්නපු එක..

කලින් දවසේ මම ගෙනිච්ච ගිෆ්ට් එකට අමතරව තව ගිෆ්ට් එකක් විදියට සුදු ගල් අල්ලපු පුන්චි ජස්මින් පෙන්ඩන්ට් එකක් එක්ක සිල්වර් කලර් හීන් චේන් එකක් උදේ නිවීගේ කරට දැම්මේ නිවීගේ මූන සතුටටම රතු වෙද්දි..

මතක් වෙන මතක් වෙන පාරට ඒක අල්ලන් එක එක කතා හුගක් කියපු නිවී නිසා මගේ හැගීමුත් මට පාලනය කරගන සෑහෙන්න උත්සහයක් මමත් අරගත්තා..

ඇයි දෙයියනේ කටත් උල් කරන් ඇසුත් නටව නටව කතා කරද්දි හිතෙන්නේම කිස් කරන්න..!

"ටේ..!"

"ම්ම්..ඒපාර මොකද මෝඩියේ..!"

"මට බඩගිනියි අනේ..!"

"ආයෙමත්..දැන් පොඩ්ඩකට කලිනුයි අපි ඔක්කොම එකතු වෙලා කෑවෙ හොදද..!"

මම කියද්දි කට අනිත් පැත්ත ගහලා එයාගේ පර්ස් එක අරන් සල්ලි වගයක් දික් කරලා ඉස්සරහා තිබුන අයිස් ක්‍රීම් කඩේ පෙන්නද්දි මන් ඇස් හීනි කරලා බැලුවේ ඊයේ දවසේ අයිස්ක්‍රීම් කාලා කාලා හෙම්බිරිස්සාවත් හදන් දැනුත් අයිස් ක්‍රීම් ඕන කියන නිසා..

"ඔයා ලෙඩ වෙලා නිනී..!"

"අනේ අදට විතරයි..ආයෙ ඉල්ලන්නේ නෑ ප්‍රොමිස්..!"

කපල් එකක් නොවුනත් මගේ වැලමිටෙන් අල්ලන් මූනත් හේත්තු කරන් නිවී අහද්දි ඒ මූන දිහා බලන් බෑ කියන්න බැරි කමට මන් හා කියද්දි උඩ පැනපු නිවී මට ෆින්ගර් හාට් එකක් පෙන්නුවේ මට යන්තම් හිනා යද්දි..

ගෙනාපු අයිස් ක්‍රීම් කප් එකෙන් භාගෙකටත් වඩා කාල මදි පාඩුවට ද මන්දා මගේ එකෙත් හැන්ද ඔබන නිවී දිහා මන් බලන් හිටියා..

වෙලාවකට පොඩි එකෙක් වගේ බබා ඔයා..!

හිම වැටෙද්දි පොඩි තාප්ප ගැට්ටක් උඩ වාඩි වෙලා අයිස්ක්‍රීම් කනවා කියලා මන් හිතන් හිටිය‍ට මම හිතුවේ නෑ මන් මගේ ජීවිතේ ආසම කෙනා එක්ක නම් අයිස්ක්‍රීම් කයි කියලා..

"නිනී...!"

"ඕ..!"

"ඔයා දන්නෝද මන් කෙනෙක්ට කැමතියි..!"

"අ..ආහ්..?"

ජම්බුවක් වගේ රතු වෙලා තියෙන නිවීගේ මුලු මූනම දැක්කාම නීවී ගැන තියෙන හැගීම් මට හංගන එක ඒ තරම් ලේසි දෙයක් නොවෙද්දි මන් හිතාගත්තා එයාගෙන් අගවන්නේ නැතුව හරි මන් ගැන පුන්චිම හරි දෙයක් ඒ හිතේ තියෙයිද බලන්න...

අහපු දේට උත්තරයක් නොලැබෙද්දි මන් දිහා බලපු නිවීගේ මූන දිහා මන් හොදට බලන් හිටියා..

"බොරුනේ..!"

"නෑ ඇත්ත..!
එයා ලස්සනයි ගොඩාක්.."

පුදුමෙන් අහලා ටික වෙලාවක් යනකන් මුකුත්ම නොකියා ඉද්දි කට ලග තිබුන අයිස් ක්‍රීම් පුරවපු හැන්ද ආයෙම කෝප්පෙට දාගෙන පාර දිහා බලන් ඉද්දි මන් ආයෙම කතා කරන්න හිතාගත්තා.

ඒත් එයා මට කලින් ඉස්සර වුනා...

"ඉතින් ශෝක්නේ..එයාව පෙන්නන්නකෝ මටත්..!"

එක පාරට ලොකු අයිස් ක්‍රීම් ගුලියක් කටේ ඔබා ගන්න ගමන් නිවී කතා කරනකොට ඇත්තටම ද කියන්නේ කියලා මට හිතා ගන්න බැරුව ඒ පැත්ත බලනකොට මන් දැක්කේ වේගෙන් ඇස් පිය ගහලා හන්ගන්න හදන රතු වෙච්ච නිවීගේ හීනි ඇස්වල තියෙන කදුලු පටලේ..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now