_35_

183 25 15
                                    

SMILE - [ A Fanfiction Only ]

Episode 35

__________________________

°අවුරුදු 5කට පෙර..

"ඒ ලමයා යට වුනා නේද..!"

මිනිස්සු එක්කෙනා දෙන්න කියන ගමන් එතනට යද්දි නොදැනිම මමත් ඒ පැත්තට කකුල තිබ්බා..

හිතේ තිගැස්මක් තියෙද්දි මගේ ලේ වලට තියෙන බය නිසා වේගේ අඩාල වුනත් මට කලින් එතනට ගිය ජිමින්ගේ වගෙම ජන්ග්කූක්ගේ කටින් නිවී කියලා අමුතුවට පිටවෙද්දි හිමින් තිබ්බ කකුල ඉක්මන්වුනේ එතන හිටපු මිනිස්සුත් පෙරලන් ඉස්සරහට යද්දි..

"නි..නී...!"

වෙන්න එපා කියලා හිත කිව්ව දේ මහපාර මැද වෙලා තියෙද්දි ඉස්සරහටම ගිය මම ඇහෙන නෑහෙන ගානට කටින් නිවීගෙ නම කියවෙද්දි එතනම නැවතුනේ ජන්ග්කූක් කලන්තේ දාපු සුමී අරන් එහාට යද්දි...

මොකද පාර මැද කන්ටේනර් එකට අඩියක් දෙකක් ඉස්සරහින් වැටිලා හිටියේ නිනී නිසා..!

නිනීගේ ඔලුව වැදිලා නිසා ලේ ගොඩක් පාරේ තියෙද්දි ජිමින් පැත්තට හැරිලා වැටිලා හිටපු නිවීව උඩු අතට පෙරලුවාමයි දැක්කේ නිවීගේ දකුනු පැත්තම ලේ වලින් වැහිලා කියලා..

මිනිස්සුන්ගේ කටින් සූස් ගාලා පිටවෙද්දි ජිමින් ලගට දිව්ව මම නිවීගේ අතකින් අල්ල ගත්තේ නොදැනුවත්වම ඇස්වලින් කදුලු වැටෙද්දි..

විනාඩි දහයකට පස්සේ ආපු ඇම්බියුලන්ස් එක නිවීව අරන් යද්දි වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මම එතනම හිටන් හිටියා.

හොස්පිට්ල් එකට යද්දිත් හදිසි ප්‍රතිකාර ඒකකේට අරන් තිබුන නිනීව බලපු ඩොක්ටර්ස්ලා නිනීගේ දෙමව්පියෝ වගේම අපි ගිහින් විනාඩි පහකටත් කලින් එලියට ආවා..

"ඇත්තටම කනගාටුයි..එයා ගේනකොටත් මැරිලා.."

ඩොක්ටර් කියලා ඉවර වෙනවත් එක්කම නිනීගේ ඔම්මා ෆේන්ට් වෙද්දි මම නිකන්ම පුටුවක ඉන්දුනා..

මෝචරියට දැම්මා කියලා පනිවිඩේ එද්දි නිවී ගැන මගේ හ්තේ තිබුන හැගීම මොකද්ද කියලා දන්න ජිමින් මගෙන් යනවද අහද්දි ජිමින් දිහා බලපු මම ඔලුව වැනුවා...

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now