[ 1 st tale ]

4.1K 311 68
                                    

"ඇත්තටම ඇයි ඕයි මේ අවුරුදු එක හමාරකට කලින් කරපු interview එකකට අද එන්න කියලා තියෙන්නේ?"

ජිමින් ඇහුවේ ලොකු පාන් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්

"මං දන්නේ නෑ ජිමිනා ? අඩුම මට මතකවත් නෑ මං එහෙම දෙයකට ගියා කියලවත් "

ජන්ග්කුක් කිව්වේ පාන් කෑල්ලට ජෑම් ගාන ගමන්

"මොනා වුනත් උබේ වෙලාව බන් ! හිතපන්කෝ කිම් company එකේ ජොබ් එකක් කියලා කිව්වම ! උබට Taehyungව බලාගන්නත් පුලූවන් වෙයි . අනේ දෙයියනේ"

" ඒත් ඉතින් එයා බොස් නේ.මං තාම දන්නෑ මගේ තනතුර මොකක්ද කියලා.මං හිතන්නේ නෑ නිකන්ම නිකන් worker කෙනෙක්ට එයාව බලාගන්න පුලුවන් වෙයි කියල "

"අද ගියාම බලාගන්නකෝ, පුලුවන් වුනොත් photo එකක් ගහන් එනවා හරිද මටත් බලන්න.දැන් ගිහිල්ල ඉක්මනට ඇදගන්න"

"හරි හරි 😂😂😂 "

_____________________________________________

"මං යනවා jimin ! ඔයා පරිස්සමට යන්න හොස්පිටල් එකට "

"හරී kookie ! ඔයත් පරිස්සමෙන් "

ජන්ග්කුක් ජිමින්ට සමුදීලා ආවේ බස් හෝල්ට් එකට.
_____________________________________________

ජන්ග්කුක් බස් එකට නැගලා ශීට් එකකින් වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.

Jeon Jungkook's pov :

මම Jungkook....jeon Jungkook ! මට තාම වයස 25 යි.මගේ ඔම්මා අප්පා ඉන්නේ බුසාන් වල.අපි සාමාන්‍ය පවුල් වල අය.මං සෝල් වලට ආවේ high studies වලට.මං හොදට වැඩ ටික කරගත්තා.මං මගේ marketing degree එකත් කලා.ඊටපස්සේ මට හොද තැනකින් ජොබ් එකක් ලැබුණා.හැමදේම ගොඩක් හොද විදියට වුනත් ඒ ටික කාලෙකට.හදිස්සියෙම මං accident වුනා.මං මාස ගාණක් කෝමා වල හිටියත් එක්ක.මගේ අභ්‍යන්තරේට හුගක් හානි වෙලාලු.අන්තිමට මට සිහිය ආවත් කිසිම වැඩක් පලක් තනියෙන් කරගන්න මට බැරි වුනා.ඒ නිසාම job එකත් නැති වුනා.health problems නිසා කවුරුත් මාව වැඩට ගත්තෙත් නෑ.පව් මං නිසා jiminට හැමදේම තනියෙන් කරගන්න වුනා.එයා ඩොක්ටර් කෙනෙක් නිසා ගොඩක් බීසි.ඒත් එයා ඒ කාර්යබහුල කම මට පෙන්නන්නේ නැතුව මට හැමදේම කරල දුන්නා.අපි නැවතිලා ඉන්න apartment එකේ water bills, current bills පවා තනියෙන් එයා ගෙව්වේ.දැන්නම් මට ගොඩක් සනීපයි.ඉස්සර ජොබ් එකක් හොයද්දි ගියපු interview එකකට තමා මේ අවුරුදු එක හමාරකට පස්සේ කතා කරන්නේ,jimin කිව්ව වගේ මගේ වෙලාව හොදයි.මට අනිත් දවසේ jiminට කරදරයක් වෙන්න ඕනෙත් නෑ.මට මගේ වියදම් දරාගන්න පුළුවන් එතකොට.මං මේ යන්නේ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන.මං තාම දන්නෑ මට මොන වගේ තනතුරක් දෙයිද කියලා , ඒත් කිම් company එක කියන්නේ කොරියා වල බෙස්ට්ම company එක , තව ඒක world's most popular and profitable companies 10 අතරට nominate වෙලත් එක්ක.ඉතින් එහේ සැලරීස් ගොඩක් හොදයි.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now