[ 19th tale ]

1.2K 232 53
                                    

මුළු කම්පැනි එකම කාල ගෝට්ටියක් ! කට්ටිය එහෙට දුවනවා මෙහෙට දුවනවා.කවුරුත් නිකන් ඉන්නේ නෑ ! සමහරු ඇදුම් රැක් ඇදන් වටේ දුවනවා.සමහරු ජන්ග්කුක්ටයි ටේහියුන්ග්ටයි ඇදුම් පැටන්ස් තෝරනවා.
තවත් සමහරු ඇඩ් එකට ගැලපෙන විදියට background එක හදනවා.එයාලට කාලේ නෑ !
එයාලා ඉක්මන් කරන්න ඕන !

ඔය අතරේ,

ජන්ග්කුක්නුයි ටේහියුන්ග්නුයි හයුන්ග්සික්නුයි තුන්දෙනාම හිටගෙන හිටියේ background එක ඉස්සරහ.

"එතකොට ඔයා කියන විදියට අපි ඇක්ට් කරන්න ඕන husband & husband විදියටද ?"

ජන්ග්කුක් ඇසුත් ලොකු කරන් ඇහුවම හිනාවුන හයුන්ග්සික් ඊලගට බැලුවේ ටේහියුන්ග් දිහා.එයානම් ගොඩක් කැමතියි වගේ.කට කොනෙන් හිනාවෙවී එයාලගේ ඉස්සරහ තියෙන king size බෙඩ් එක දිහා බලන් ඉන්නවා.

"ඔව් ! එතකොට තමා මිනිස්සුන්ට මේක දැනෙන්නේ ! අනික මේක එච්චර කොමන් දෙයක් නෙමෙයි.ඒ නිසා මේ ඇඩ් එක ජනතාව අතරට යයි"

"අනේ හයුන්ග්සික් ඒත් බෑ අප්පා!!! ඒක..ඒක හරි අමුතුයි."

"මොකක්ද අනේ අමුතු? මං ඔයාට ටේහියුන්ග්ව මැරි කරන්න කිව්වා වගේනේ ඇඹරෙන්නේ ! බොරුවට රගපාන්න විතරයි තියෙන්නේ "

හයුන්ග්සික් කියනවත් එක්කම වෙන ලෝකෙක පාවී පාවී හිටපු ටේහියුන්ග් එකපාරටම ජන්ග්කුක් දිහා බැලුවා.ඒ වෙනකොටත් ජන්ග්කුක් එයා දිහා බය වෙලා බලන් ඉන්නවා.

හයුන්ග්සික් මේ දෙන්නා දිහා බලලා හරි ලස්සනට හිනා වුනා.

'එයාලා ගොඩක් මැචින් !'

හයුන්ග්සික්ට ඕන නම් තිබ්බා විනාඩි 30 මොඩල්ස්ලා හොයාගන්න.ඒත් එයා මේ දේ කලේ මෙයාලා වෙනුවෙන්මයි.

එතකොට ඒ දෙන්නට තේරෙවි එයාලා හංගන් ඉන්න හැගීම් ගැන.
ඒ අතින් හයුන්ග්සික් පව්...

"ටේහියුන්ග් සර් පොඩ්ඩක් රීටාට කෝල් එකක් දීලා බලමු ද තාම ඇදුම් ටික ලෑස්ති නැද්ද කියලා."

"ආ ඔව් පොඩ්ඩක් ඉන්න මං~~~"

"මං ආවෝ මං ආවෝ !!!!!!!!!!"

ටේහියුන්ග් කියලා ඉවරවෙන්නත් කලින්ම රීටා ඈත ඉඳන් කෑ ගගහ දුවන් ආවේ ඇදුම් හතර කොනෙන්ම එල්ලගෙන.එයාගේ පස්සෙන් එයාගේ ටීම් එකේ අයත් තරගෙට වගේ දුවන් එනවා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now