[ 39th tale ]

1K 201 92
                                    

|අනේ මැණික...
පාලුයි රත්තරනේ...ඔන්න ආපව් නම් බුසාන් යන්න ඇහුවට මං යන්න දෙන්නේ නෑ හොදේ.
ඔන්න ඉතින් දේහ්‍යුන් අප්පච්චිව බලන්නම් ඕන වුනොත් මැරි කලාට පස්සේ මාත් එක්ක මාසෙට දෙසරයක් එහෙම ගිහින් එමු හොදේ|

ටේහියුන්ග් එව්ව මැසේජ් එක කියෙව්වම ජන්ග්කුක්ගේ රතු වෙලා ඉදිමිලා තිබුණ බෝල ඇස් වල ආපව් කදුලු කැට පිරුණා...
ෆෝන් එකත් බදාගෙන ජන්ග්කුක් ඉකි ගගහ අඩන්න ගත්තේ ටේහියුන්ග්ව මතක් වෙලා...

අනේ දෙයියනේ
මොන පිරිමියා හෙට ජන්ග්කුක්ව බලන්න ආවත්
ඒ කිසිම පිරිමියෙක්ට ටේහියුන්ග් ජන්ග්කුක්ට දෙනවා වගේ ආදරයක් දෙන්න පුලුවන් වෙයිද ?
ටේහියුන්ග් වගේ ආදරණීය පිරිමියෙක්ව හොයනවා තියා හිතාගන්නවත් බෑ

ජන්ග්කුක් කකුල් දෙකත් ලං කරගෙන මූන ඔබාගෙන අඩන්න ගත්තේ කියෝ කියෝ...
එයාට හරි දුකයි ඊට වඩා වේදනයි

"මං..මං..අනිද්දට එන කෙනාට කියනවා...මට පණ වගේ...ආදරේ කරන...ලස්සන හියුන්ගි කෙනෙක් ඉන්නෝ කියලා...මට..මට ඔය කවුරුත් එපා"

ජන්ග්කුක් අඩම අඩම පැත්තක තිබුණ ෆෝන් එක ඇදලා අරන් ලගට අරගෙන ටේහියුන්ග්ගේ නම්බර් එක ඩයල් කරන්න ගත්තා.
එයාට තේරුණා තවත් මේක හියුන්ගිගෙන් හංගලා වැඩක් නෑ කියලා.
ජන්ග්කුක්ට ඕන වුනේ නෑ ටේට බොරු කරන්න.

"සුදු මැණික..."

අනේ කෝල් එකේ හරියට රින්ග්ස් යන්නත් කලින් ඇහුනේ ටේහියුන්ග්ගේ පපුව හිරිවට්ටන ආදරේ පිරුණු කටහඩ වෙද්දි ජන්ග්කුක්ගේ බිදුනු හදවත ඉරි තැලිලම ගියා.

"ඇයි බබා කතා කලේ නැත්තේ ම්ම්ම් ?
මං බලන් හිටියනේ "

මුල්ටික ටේහියුන්ග් නෝක්කාඩු විදියට කිව්වත් අන්තිම ටික කිව්වේ චූටි බබෙක් වගේ

"හි..හියුන්ගියෝ...."

ජන්ග්කුක්ගේ ඉකි ගහන කටහඩ ඇහෙද්දිම ටේහියුන්ග්ව පිච්චිලා ගියා.
ලග ඉන්නකන්ම කිසිම දුකක් නොදී ආදරෙන් බලාගත්ත එයාව ,
දැන් චුට්ටක් දුර ගිය ගමන් වේදනාවෙන් අඩනවා බලන්න බැරි වුනා.

"අනේ ඇයි රත්තරනේ මේ අඩන්නේ"

ටේහියුන්ග් එහෙම අහනවත් එක්කම මෙච්චර වෙලා හිර කරන් හිටිය කදුලු ඒ රෝස කම්මුල් දිගේ ගලාගෙන ගියේ කිසිම අවසරයක් නැතුව

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now