[ 44th tale ]

940 183 156
                                    

දින සති වෙලා
සති මාස වෙලා
මාස අවුරුදු වෙලා
අවුරුද්දක් ඉක්මනින් ගෙවිලා ගිහින්...

ඒත් ඒ අවුරුදු දෙකට වෙනස් වුන දේවල් බොහෝමයි.
හැබැයි ඒ වෙනස්වීම් අතර එක දෙයක් තිබුනා නොවෙනස් වුන
ඒ ටේහියුන්ග්ගෙයි ජන්ග්කුක්ගෙයි ආදරේ...❤️
ඒක නම් මැරෙනකන් වෙනස් නොවේවී

ජියොන් දේහ්‍යුන් ශින්
අහ්ම් නෑ නෑ
මිනිස්ටර් දේහ්‍යුන් ශින්
ඔව් ! ජන්ග්කුක්ගේ අප්පච්චි ආපව් ඇමතිකම භාරගත්තා.එයාගේ හීනෙට ආපව් පණ දුන්නා.
ජන්ග්කුක් ගැන තවත් බය වෙන්න දෙයක් නෑ කියලා තේරුන නිසා දේහ්‍යුන් රටේ මිනිස්සු වෙනුවෙන් ආපව් සැරයක් වැඩ කරන්න පටන් ගත්තා.ඒ වගේම තව දේවල් ගොඩක් මේ අවුරුද්ද ඇතුලත වෙනස් වුනා.එදා අනතුරෙන් චෑන් මැරුණේ නෑ. ! ටේහියුන්ග්ට ඕන වුනා තමා ජන්ග්කුක්ට කරපු දේට එයාට හොද පාඩමක් උගන්නන්න ... ඒත් එයාට කිසිම වෙලාවක චෑන්ව මරන්න ඕන වුනේ නෑ.ඒ හැමදේටමත් පස්සේ ඒ එයාගේ දුෂ්ට මල්ලි නේ.

එදා අනතුරෙන් පස්සේ තාමත් චෑන්ට සිහිය නෑ . එයා කෝමා තත්ත්වේ ඉන්නේ ... ටේහියුන්ග්ට ඕන වුනේ මුළු රටටමයි පපාලටයි හැමෝටම චෑන් කියන්නේ කවුද කියලා පෙන්නලා දෙන්න.එයා ඒක කලා මීඩියා ඔස්සේ රටම චෑන්ව හරියටම අදුරගත්තට පස්සේ හුගක් අය එයාව විවේචනය කලා..ජින් චෑන් ගැන හිතන් හිටිය විදිය සම්පූර්ණයෙන් වැරදියි කියලා තේරුනම ඒ ගැන ජින් දුක්වුනා වගේම ටේගෙන් සමාව ඉල්ලුවා.මින්හෝ ජන්ග්කුක්ගේ ජීවිතේ වගකීම බාර ගත්ත එකෙන් වුනේ හදිස්සියේ ජන්ග්කුක්ට මොකක් හරි වුනත් ඒ සැනින් මින්හෝට ඒ වැරැද්ද පැටලෙන එක.

ඉතින් මුල් ඉදන් හිනාවල් කදුලු මැද්දෙන් ගලන් ගිය මේ එයාලගේ කතාවේ තවත් ලස්සන... ඊටත් මාසෙකට පස්සේ උදා වුන සුන්දර දවසක් ගැනයි මේ...

"අද අපේ ජන්ග්කුක්ගේ ලස්සන බලන්නකෝ"

ජිමින් කිව්වේ ලස්සන වෙඩින් සූට් එකක් ඇදලා හිටිය ජන්ග්කුක්ගේ කම්මුල් පරිස්සමින් ඉඹින ගමන්... ජන්ග්කුක්ව මේකප් කරන ආර්ටිස්ට්නුත් ජන්ග්කුක් එක්ක ලස්සනට හිනාවුනා.ඇත්තටම අද ජන්ග්කුක් හුගක් ලස්සනයි.කඩවසම් කියනවට වඩා ලස්සනයි කියන වචනේ හුගක් හොදට ගැලපුනා..ජන්ග්කුක් ඇදන් හිටියේ බ්ලැක් පෑන්ට් එකට තනි සුදු අත්දිග ශර්ට් එකක්....ඒ අත් දිග ශර්ට් එක සුදු වුනාට ලා දම්පාටක් ගත්තා...මොකද වෙඩින් තීම් එක විදියට ටේහියුන්ග් තෝරන් තිබ්බේ සුදු පාටයි දම් පාටයි.ජන්ග්කුක්ගේ මේකප් එක ඩාර්ක් කරලා කපලා පෙන්නලා තිබුනේ කෝඩ් එකට ගැලපෙන විදියට.ජන්ග්කුක්ව ලස්සන කරපු අනිත් විශේෂ දේ නම් එයාගේ බෙල්ලේ තිබුන purple gem necklace එක

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now