[ 25th tale ]

1.2K 259 66
                                    

After few hours ❤️🐞

ජන්ග්කුක් ඇදේ එහෙට මෙහෙට පෙරලුනේ ඇස් අරින්න තිබ්බ කම්මැලිකමට.
එයාට අද ඇදේ වෙනදාටත් වඩා හොද සනීපයක් දැනුණා.අත් කුකුල් විසික් කරලා ඇද බදා ගත්ත ජන්ග්කුක් හිමින් ඇස් ඇරියම දැක්කේ සිවිලිමේ හෑන්ග් කරලා තිබ්බ ලස්සන light rings...එයා ඇහිබැම ලං කරගත්තේ මේ එයාගේ අපාර්ට්මන්ට් එක නෙමෙයි නිසා.එයාට පස්සේ තමයි මතක් වුනේ එයා ටේහියුන්ග්ගේ ගෙදර ආවනේ කියලා.

ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් ඇදෙන් ඉදගත්තම එකපාරටම උරහිස වේදනා දුන්නා.ජන්ග්කුක් උරහිස අල්ලගත්තේ තදින් ඇස් පියාගෙන.ඊටපස්සේ තමයි එයාට මතක් වුණේ වුන දේවල්.ආයිශ් මං නිදාගෙනත් එක්කනේ.මොනාවුනත් හියුන්ගි සර් පව් ! මාව වඩාගෙනත් ආවා.
ජන්ග්කුක් හිනාවෙලා හිත හිත ඉද්දි එකපාරටම මතක් වුන දෙයක් නිසා එයා ඇදන් හිටපු ඇදුම දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන...
අයියෝ නෑ නෑ නෑ ...

" ආආආආආආආආආආ"

ජන්ග්කුක් හයියෙන් කෑ ගැහුවේ එයා ඇදන් හිටපු එක දැකලා.කවුද මගේ ඇදුම් මාරු කලේ.

ජන්ග්කුක් කෑ ගහපු සද්දෙට ටේහියුන්ග්ගේ ක්ලොසෙට් එක අස් කර කර හිටපු අජුම්මා එලියට ආවේ බය වෙලා.

"මොකද මොකද මාත්තයෝ "

අජුම්මා එයාගේ අතේ තිබ්බ රෙදි කෑල්ලෙන් අත පිහදලා ජන්ග්කුක් ලගට ආවා.

"අජුම්මා මගේ...ඇ..ඇදුම්"

"ආ...මාත්තයා බය වුණාද ! අපේ බේබි මාත්තයා තමා මාලු කරලා තීන්නේ ! "

"මො..මොකක් ?"

"නෑ නෑ මාත්තයෝ වැරදි විදියට හිතන්න එපෝ.බේබි මාත්තයා එක විදියක් වුනාට මාත්තයා හරි බුදු මාත්තයෙක් මාත්තයෝ.
මාරු කරලා තිබ්බේ උඩ ඇදුම විතරයි.මටයි කිව්වේ කලිසම අන්දවන්න කියලා.පව් මාත්තයෝ මං එනකොට කුස්සියත් මොප් කර කර හිටියේ"

අජුම්මා ලස්සනට හිනා වෙවී කිව්වම ජන්ග්කුක්ගේ ඇස් වල නොදැනුවත්ම කදුලු පිරුණා.එයා ටේහියුන්ග්ට ගොඩක් වද දීලා.
බැරි වැඩ නොකර ඉන්නනේ තිබ්බේ.

අජුම්මා එනකන් මග බල බල හිටපු ටේහියුන්ග් ආජුම්මා ආපු ගමන්ම කිව්වේ ජන්ග්කුක්ට ඇදුමක් අන්දවන්න කියලා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now