[ 11th tale ]

1.3K 218 43
                                    

ජන්ග්කුක් ටේහියුන්ග්ව ඇගට වාරු කරගෙන, අමාරුවෙන් හරි පුටුවෙන් නැගිට්ටා.ටේහියුන්ග්ගේ ඇග ගිනි රස්නෙයි ...
ජන්ග්කුක්ට හිතාගන්න බෑ කෙනෙක්ට මේ තරම් දරුණු විදියට උණ හැදෙන්න පුලුවන් ද කියලා...
ටේහියුන්ග්වත් ඇදන් කාමරයෙන් එලියට ආපු ජන්ග්කුක් පයින් එකක් ගහලා දොරත් වහලා ටේහියුන්ග්ගේ මූණ දිහා බැලුවා.
ඒ ඇස් පියවෙලා,එයා හයියෙන් හුස්ම ගන්නවා,ඒ කැරලි කොණ්ඩේ දාඩියටම තෙත් වෙලා.එයාට අමාරු ඇති...
ටේහියුන්ග්ට දැන් විවේකය ඕනේ.ඒත් ජන්ග්කුක් දන්නේ නෑ ටේහියුන්ග්ගේ රූම් එක කොහෙද තියෙන්නේ කියලා.

"ජ..ජන්ග්කුක්... ආහ්... රිදෙනවා"

ටේහියුන්ග් ඇස් පියාගෙන මිමිණුවම ජන්ග්කුක්ගේ ඇසින් නොදැනුවත්වම කදුලු වැටුනා.

"හි..හියුන්ගි සර්...ඔයා..ඔයාගේ කාමරේ කොහේද තියෙන්නේ?"

"උ..උඩ"

ටේහියුන්ග් ලාවට ඇගිල්ල දික් කරලා උඩ තට්ටුව පෙන්නද්දී ජන්ග්කුක් ටේහියුන්ග්ව තව ටිකක් ඇගට තද කරගෙන පඩිපෙල නගින්න පටන් ගත්තා.ඇත්තටම ටේහියුන්ග්ට කිසි පණක් නෑ.ඒත් කොහොමහරි ජන්ග්කුක් පඩියෙන් පඩිය අඩි තියා තිය අමාරුවෙන් හරි නැග්ගා.මැදදි වගේ ජන්ග්කුක්ට බැලන්ස් එක නැතිවෙලා දෙන්නත් එක්කම පඩිපෙලෙන් වැටෙන්න ගියත් මේඩ් දුවගෙන ඇවිත් ටේහියුන්ගේ අනික් පැත්තෙන් අල්ල ගෙන එයාගේ ඇගට වාරු කරගත්තා.

"අනේ...ඇයි මේ.. අපේ මාත්තියාට මොකද වුනේ"

"එයාට හොදටම උණ අජුම්මා ..."

ජන්ග්කුක් කිව්වේ පඩිපෙලේ අන්තිම පඩියත් නගින ගමන්.දැන්නම් ඉන්නේ ඉස්සෙල්ලා මේඩ්ට බය වුන චූටි කොල්ලා නෙමෙයි.එයාට දැන් වැදගත් ටේහියුන්ග්ව.
මේඩ් ජන්ග්කුක්ට කාමරය පෙන්නුවම දෙන්නත් එක්කම ටේහියුන්ග්ව අල්ලන් කාමරයට ආවා.

මේඩ් ජන්ග්කුක්ට කාමරය පෙන්නුවම දෙන්නත් එක්කම ටේහියුන්ග්ව අල්ලන් කාමරයට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now