[ 9th tale ]

1.5K 224 64
                                    

කර්ටන් එකේ තිරය අස්සෙන් හිරු එලිය කාමරේ ඇතුලට ආවේ ටේහියුන්ග්ව නැගිට්ට වන්න කියලා හිතන්...
සැර අව්ව මූනට වැටෙද්දි ඇදේ එහාට මෙහාට ඇඹරුණ ටේහියුන්ග් අමාරුවෙන් ඇස් ඇරියා.

සැර අව්ව මූනට වැටෙද්දි ඇදේ එහාට මෙහාට ඇඹරුණ ටේහියුන්ග් අමාරුවෙන් ඇස් ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ එහෙම්ම ඇදේ ඉදගත්තේ පුපුරු ගහන ඔළුවත් තදින් අල්ලන්.

"ආහ්...ඔලුව...."

ඔලුව දෙපැත්තෙන් හයියෙන් අල්ලගෙන කෙදිරිගාපු ටේහියුන්ග් හිමින් සැරේ කකුල තියලා බිමට බැස්සා.එතනම එහා පැත්තේ bedside table එක උඩ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව දැක්ක ටේහියුන්ග්ගේ ඇස් ලොකු වුනේ දැන් වෙලාව උදේ 10 ත් පහු වෙලා නිසා...ඒත් කොහේ නැගිට ගන්නද එයාට අඩුම ඔලුව කෙලින් තියන් ඉන්නවත් බෑ.එයා ආපව් එහෙම්මම ඇදෙන් ඇලවුනේ ඩුවට් එකට ගුලිවෙනගමන්.

"මේ...මං ඊයෙ පලවෙනි පාරට සෝජූ බිව්වා නිසාද.. ආහ්...රිදෙන~~~ඔහොම ඉන්න සෝජු? ඊයේ රෑ ? මොකක්ද වුනේ ? ආහ්.. ඔලුව"

ටේහියුන්ග් ඩුවට් එක අස්සට වෙලා ඉන්නකොට එයාට මතක් වුනා සෝජු බිව්ව එක.ඒත් එයාට මතක නෑ ඊටපස්සේ මොනාද වුනේ කියලා.එයාට මතක් වෙන්නෙත් නෑ.මතක් කරනකොට ඔලුව මාර විදියට රිදෙනවා.ඒ නිසා එයාට මතක් කරන්නත් ඕන නෑ...

"ජන්ග්කුක්..ආහ් ! එයාත් එක්ක නේද මං හිටියේ.. මං... ඊටපස්සේ??? ආයිශ් ටේහියුන්ග් හිතන්න එපා"

තව ටිකක් ඩුවට් එකට ගුලිවුන ටේහියුන්ග් ඇස් දෙක පියාගත්තේ ආපව් ටිකක් නිදාගත්තම මේක හරියයි කියලා හිතන්.
එයා දවල් වෙලා හරි ඔෆිස් යන්න තීරණය කලේ අද වැදගත් මීටින් එකක් තියෙන නිසා.

ඇත්තටම ටේහියුන්ග්ට මෙහෙම වුනේ එයා ඊයේ පලවෙනි පාරට සෝජු බිව්ව නිසා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now