[ 43rd tale ]

1.3K 205 117
                                    

ටේහියුන්ග් හිටියේ දෙගිඩියාවෙන්... අප්පච්චි බනියිද.?
දේහ්‍යුන් හුගක් බැරෑරුම් විදියට එයයි ජන්ග්කුක් දිහයි බලන් හිටියා.
ටේහියුන්ග් ජන්ග්කුක්ව පරිස්සමින් ඇදෙන් තියලා දේහ්‍යුන් දිහාට හැරුණේ තොල් තෙත් කරන්

"අප්පච්චි මේ..."

"මුකුත් කියන්න ඕනේ නැහැ ටේහියුන්ග් පුතා...මං මගේ දරුවෝ දෙන්නා ගැනම දන්නවා"

ටේහියුන්ග්ගේ පිටට තට්ටුවක් දාපු දේහ්‍යුන් කිව්වේ ජන්ග්කුක් දිහා බලන් හිනාවෙලා.ජන්ග්කුක් හිටියේ තුවායත් අතින් තද කරන් බිම බලාගෙන...එයාට දැනුණේ මාර ලැජ්ජාවක්....ඔම්මාලත් බලන් ඉන්නවා ශිට්.
මේ වෙද්දිත් පුංචි හේසූ පැටියයි එයාගේ හියුන්ග්නුයි දෙන්නම ජන්ග්කුක් ලගට ගිහින් හුරතල් වෙනවා.සේහී ජන්ග්කුක්ව දැක්ක ගමන් අඩාගෙන ගිහින් බදාගත්තේ ජන්ග්කුක්නුත් සේහීව සනසද්දි...ජිමින්ට පවා ජන්ග්කුක් හොදින් කියලා දැක්කම ඇති උනේ ලොකු සතුටක්.එයාලා කොච්චර බය වෙලාද හිටියේ ජන්ග්කුක්ට කරදරයක් වෙයි කියලා

ජන්ග්කුක්ගේ ඔලුව හිනාවෙලා අතගාලා මුකුත් කිව්වේ නැති දේහ්‍යුන් ටේහියුන්ග්ටත් ඔලුවෙන් සන් කරන ගමන් කාමරෙන් එලියට ගියා.

"පොලීසියෙන් කෝල් එකක් ආවද පුතා ?"

"අප්පච්චි අභිෂේක් කියන ඔෆිසර් හැමදේම භාරගත්තා.මට ෂුවර් එයා අදම මේක ඉවරයක් කරයි කියලා.සොරි මට කියන්න වුණා ජන්ග්කුක් කියන්නේ කාගේ කවුද කියලා"

ටේහියුන්ග් කිව්වේ බිම බලන් ටිකක් බයෙන් බයෙන්

"No worries පුතා....මට ඒක හංගන්න කිසිම උවමනාවක් නෑ.ඒත් මට මගෙ පවුලේ අයගේ ආරක්ෂාව වටිනවා...ඔයා වුනත් දැන් පරිස්සමින් පුතා.මගේ දේශපාලන හතුරෙක් මේක කලා කියලා කියන්න අමාරුයි "

දේහ්‍යුන් කිව්වේ කල්පනා කර කර
ඇත්තටම ඇයි ජන්ග්කුක්ව කිඩ්නැප් කරන්න ට්‍රයි කලේ ?
ටේහියුන්ග්ටත් හිතා ගන්න බෑ කවුද මෙහෙම කරන්නේ? මොකක්ද එයාගේ අරමුණ කියලා...
ජන්ග්කුක්ට කියලා එහෙම කිසිම හතුරෙක් නෑ.දේහ්‍යුන් අප්පච්චිත් දැන් politics වලට සමුදීලා නම් ඉන්නේ...කාටද උවමනාවක් තියෙන්නේ ජන්ග්කුක්ට රිද්දන්න.?

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now