[ 15 th tale ]

1.1K 229 14
                                    

එයාලා හැමෝම ෂූට් කරන තැනට ආවා.ඒ වෙනකොටත් background එක හදන්න පටන් අරන් තිබ්බේ.
ජන්ග්කුක් ටේහියුන්ග්ව දැකලා එයා ලගට ඇවිත් හිටගත්තා.ඒත් ටේහියුන්ග් සත පහකටවත් ගණන් ගත්තේ නෑ .

"හියුන්ගි සර්.මේ theme එක අවුලක් නෑ නේද"

"හ්ම්"

ටේහියුන්ග් එයාගේ ඉස්සරහ සිද්ධ වෙන දේවල් දිහා බලන් ඔහේ කිව්වම ජන්ග්කුක්ට පොඩ්ඩක් දුක හිතුනා.ජන්ග්කුක් හිටියේ කොහොමත් දුකින් නේ ටේහියුන්ග් මෙහෙම හැසිරෙන නිසා එයාට තවත් දුකයි.
එයා පාඩුවේ පැත්තකට වුනේ බිමත් බලාගෙන.දැන් ටේහියුන්ග් කියන පුංචි නපුරු වචනයකටත් ජන්ග්කුක්ගේ හිත රිදෙන්න අරන්.

ඒත් එක්කම වගේ එයාලා ලගට ඇවිදන් ආවේ ජෙනී.එයා ගොඩක් ලස්සන sexy ඇදුමක් ඇදන් හිටියේ.කොහොමත් theme එකේ විදියට  එයා ගොඩක් ලස්සන මැරීඩ් වයිෆ් කෙනෙක් නේ.
ටේහියුන්ග් ලගට ආපු ජෙනී ටේහියුන්ග්ට අතට අත දුන්නේ ටේත් handshake back කරද්දී.ජෙනී හැසිරුණේ ජන්ග්කුක් කියලා කෙනෙක් එතන නැති ගාණට හැබැයි ඒක නම් ටේව චුට්ටක් තරහ ගැස්සුවා.ඒත් ටේ ඒක පෙන්නන්න ගියේ නෑ.

"මිස්ටර් කිම් ටේහියුන්ග් tv වල දකිනවට වඩා හුඟක් හැන්ඩ්සම් නේ "

ජෙනී කිව්වේ ඇඹරී ඇඹරී... ජන්ග්කුක් ඒක දැකලා ඇස් රෝල් කරලා අහක බලාගත්තේ ඉරිසියාවෙන්

"හ්ම් thank you miss Jennie !"

එකපාරටම ඇවිත් ජෙනී ටේහියුන්ග්ගේ අතේ එල්ලුනේ ටේහියුන්ග් ටිකක් පැත්තට ඇල වෙද්දි.ඒක දැක්කම ජන්ග්කුක්ගේ හිත තව චුට්ටක් පෑරුනා.එයාට මතක් වුනේ උදේ ටේහියුන්ග් එයාට කියපු එක.

[ඔයා හොදටම දන්නවනේ මං අනිත් අය මාව අල්ලනවට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා]

ජන්ග්කුක්ගේ බෝල ඇස් වල නිකන්ම කදුලු පිරුණා.

"අපරාදේ වෙන models ලා ඕනෙත් නෑ.ටේහියුන්ටයි මටයි මේ ඇඩ් එක කරන්න තිබ්බා අපි දෙන්නා ඉතින් මාර මැචින් නේ"

ජෙනී එහෙම කිව්වම ටේහියුන්ග්ට ඉබේටම වගේ බැලුනේ ජන්ග්කුක් දිහා.
ටේහියුන්ග් ජන්ග්කුක්ගේ ඇස් වලින් දැක්කේ එයා ඉස්සෙල්ලා ජන්ග්කුක් හ්යුන්ග්සික් එක්ක ඉන්නවා දැක්කම එයාගේ ඇස්වල ලියවුණු දේවල්මයි.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now