[ 36th tale ]

1.1K 164 56
                                    

ඊට පහුවදා දවසම ජන්ග්කුක් කලේ බුසාන් යන්න ඇදුම් රෙඩි කරපු එක.
එයාට කරන්න වැඩ කෝටියක් තිබුනා.
ඒ විතරක් නෙමෙයි අපේ කුකියා චූටි පණ්ඩිත වැඩකුත් කලා.යූ ටියුබ් එකෙන් බලාගෙන බොහොම අමාරුවෙන් කෑමක් හැදුවා.
එහාට කැරකී කැරකී මෙහාට කැරකී කැරකී දවස තිස්සෙම එක එක විකාර හදලා කෑම පෙට්ටියකට දා ගත්තා.

හොදම දේ කියන්නේ මේ පොඩි එකා රයිස් බෝල් කරලා ඒකෙන් හා පැටියෙකුයි වලස් පැටියෙකුයි හදපු එක .
රයිස් වලස් පැටියයි හා පැටියයි වටේ එක එක ජාතියේ විකාර කෑම තිබුනා.
සොසේජස් උඩින් තීරු තීරු කපලා පැත්තකින් දාලා තිබුනා.
Potato bread හත අටක් ලස්සනට කපලා දාලා තිබුනා .
ඊට පස්සේ තව චීස් මල් වගේ හැඩේට කපලා දාලා තිබුනා.
එයා හදපු බටර් කේක් එකක් අයිසින් කරලා කෑලි දෙකක් එක්ක චෙරිත් දාලා තිබුනා.
තව පැත්තක බීන්ස් එක්ක මීට් බෝල්ස් දාලා තිබුනා.

"ඔන්න ඇස් දෙක දැම්මා දැන් හරි ! ඔය ඉන්නේ මා පුතා ලස්සනට හී හී "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔන්න ඇස් දෙක දැම්මා දැන් හරි ! ඔය ඉන්නේ මා පුතා ලස්සනට හී හී "

ජන්ග්කුක් පොඩි එකෙක් වගේ උඩ පැන පැන හිනා වුනේ එයා හා පැටියගේ මූන උඩින් තිබ්බ කලු ඇස් බෝල දෙක දිහා බල බල.
කියලා වැඩක් නෑ හරි අපූරුවට නහයකුත් දාලා තිබුනා අර හා පැටියට.
එතකොට අනිත් බොක්ස් එකේ හිටිය වලස් පැටියව තමා ලස්සනටම හදලා තිබුනේ.
අම්මටසිරි !
උගේ අතට රතුම රතු හාර්ට් එකකුත් දීලා.

(A/N : අපිට තමා හාල් ඇටයක්වත් දී ගන්න එකෙක් නැත්තේ)

ජන්ග්කුක්ට ඉවසිල්ලක් නෑ හෙට ටේහියුන්ග් එක්ක බුසාන් යනකන්.එයාට ඕන වුනත් ටේහියුන්ග්ව අප්පච්චිට පෙන්නන්න.එයාට ඒක කරගන්න බැරි එක තමා පොඩි දුකකට තියෙන්නේ.අප්පච්චි මොන වගේ හැසිරෙයිද කියන්න එයාට තේරෙන්නේ නෑ.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now