[ 22nd tale ]

1.2K 234 140
                                    

යුන්ගි දැන් ආපු වෙලේ ඉදන් මේ බලන් ඉන්නේ...
ටේහියුන්ග් ෆෝන් එක දිහා බලාගෙන හිනාවෙනවා.
කොහොමත් එයාට තේරිලා තිබ්බේ ටේහියුන්ග්ගේ වෙනසක්
වෙනදා වගේ නෙමෙයි කතා කරනවා , හිනා වෙනවා...පිස්සු නටනවා...

"මේ බං...මොනාද ඕකේ ඔච්චර හිනා වෙන්න තියෙන්නේ?"

"මොනාද ? මුකුත් නෑ මේ නිකන් ටික්ටොක් ආවා "

ටේහියුන්ග් ඒක කිව්වෙත් ෆෝන් එකෙන් ඔලුව උස්සලා නෙමෙයි.
යුන්ගි ආවේ ටේහියුන්ග්ට සුභ පතන්නයි දැන් ඔෆිස් එකට දෙන පාටිය ගැන කතා කරන්නයි.
ඒත් කොහෙද ?
මේ මනුස්සයා මූන බලලා කතා කරන එකක් ඈ ?
ගෙනාපු congratulations flower bouquet එකත් පැත්තක

"ඔයා ජන්ග්කුක්ට ආදරෙයි නේද ?"

"ඔව්"

ටේහියුන්ග් එකපාරටම උත්තර දුන්නත් ඒක තේරුණ ගමන්ම එයා ඔලුව ඉස්සුවේ ඇසුත් ලොකු කරන් .
යුන්ගි අහක බලන් හිනා වුනා.

"මො...මොකක්ද ඔ..ඔයා ඇහුවේ ? ම..මට ඇහුනේ නෑ"

"ඔයා ඉතින් එයාට ආදරෙයි නම් කියලා දාන්න "

යුන්ගි ටේහියුන්ග්ගේ අතින් ෆෝන් එක උදුරලා ගන්න ගමන් ඇහුවේ ටේහියුන්ග් තාමත් බිම බලන් ඉද්දී...බලලා තියෙන්නේ ආර්මිලා හදලා තියෙන ටේකුක් එඩිට්ස්.
යුන්ගි දැනගෙන හිටියා ටේහියුන්ග් ජන්ග්කුක් අතර මොනා හරි තියෙනවා කියලා.
එයාට ඒක ගොඩක්ම තේරුණේ ටේහියුන්ග් අසනීප වුන වෙලාවේ
අනික ටේ ජන්ග්කුක් ගැන හොයනවත් වැඩියි.

"ඇයි සද්ද නැත්තේ ?"

"හ්ම් ? "

"කතා කරපන් බං"

"ඔව්..මං..මං එයාට ආදරෙයි තමා ! ඔව් ගොඩක් ආදරෙයි.සමහරවිට ජින් පපාටත් වඩා ආදරේ ඇති.මට එයාව ඕන යුන්ගි ඒත්.."

"ඒත් ?"

"මට බයයි ජින් පපා චෑන් ආවම මාව අමතක කලා වගේ ජන්ග්කුක්නුත් වෙන කවුරුහරි ආවම මාව දාලා යයි කියලා.එයා මට තවත් ආදරේ කරන්නේ නැති වෙයි.
ඒ විතරක් නෙමෙයි මම එයාට ආදරෙයි කියලා කිව්වට එයා මට ආදරේ නැතුව ඇති.
මට බයයි එයා මාව රිජෙක්ට් කරයි කියලා..!
ඔයා දන්නේ නෑ යුන්ගි
ඒ පිස්සු කොල්ලා මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා.
එයා තමයි මට ජීවිතේ කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නේ.මට හිනා වෙන විදිය ඉගැන්නුවා.ආදරය කියන දේ පෙන්නන්න බැරුව හිටිය මට ආදරය කරන විදිය කියලා දුන්නා.මට එයාව නැති කරගන්න බෑ යුන්ගි...
ඇත්තමයි මං මැරිලා යයි ...."

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now