[ 35th tale ]

1.5K 203 121
                                    

"බබා ඇයි ඕක ගලවන්නේ "

ටේහියුන්ග් ඇහුවේ කාර් එකෙන් බහින්න ලෑස්ති වෙලා ජන්ග්කුක් එයාගේ කරේ තිබ්බ මාලේ ගලවලා එයාගේ පොකැට් එකේ දා ගත්ත නිසා.

"අනේ මට සමාවෙන්න මං ඔයත් එක්ක ඉන්න හැම වෙලාවෙම මේක දාන් ඉන්නම් ඒත් මට වෙන කාටවත් මේක පේන්න දැන්මම දාන් ඉන්න අමාරුයිනේ...තරහ ගන්න එපා.ඔයාට මං කියන දේ තේරෙනවා නේද..."

ජන්ග්කුක් කිව්ව දේ එතකොටයි ටේහියුන්ග්ට තේරුණේ

"මට ඒක අමතක වුනා බබා සොරි.කමක් නෑ මගේ මැණිකට පුළුවන් වේලාවකට දා ගන්නකෝ ."

ටේහියුන්ග් හිනාවෙලා කියලා කාර් එකෙන් බහින්න හැදුවත් එයාව නවත්තගත්ත ජන්ග්කුක්,

"සුදු මහත්තයෝ "

"ම්ම්ම්?"

"ඔයා එදා කිව්වනේ මේ මාලේ ඔයා මට ගත්ත පලවෙනි තෑග්ග කියලා "

"ඔව් ඒක ඇත්ත බබා"

"ඉතින් ඒ වුනාට ඔයාට අමතකද මට අරං දුන්න ඇදුමුයි පර්ෆියුමෙකයි"

"මට ආදරය කරන්න පටන් අරන් ඔයාගේ අතට ලැබුණු පලවෙනි තෑග්ග ඒක වුනාට මං ඔය මාලේ ගත්තේ ඔයා ඔෆිස් ඇවිත් මාසෙන් "

"මො..මොකක් ?"

"දන්නවද බබා මං ඕක ගන්න ගියේ යුන්ගි එක්ක.ඌ මට හිනා වුනා උඹ බොරුවට හීන නොදැක ඉදපන් ආදරෙයි කියලාවත් කියාගන්න බැරුව කියලා.මං හිතා ගත්තා කවදහරි මං ඔයාට ආදරෙයි කියපු දවසට ඕක ඔයාගේ බෙල්ලේ දානවා කියලා "

"කොහොමද දෙයියනේ ඔයා මට මෙච්චර ලස්සනට ආදරය කරන්න පුරුදු වුනේ "

ජන්ග්කුක් ප්‍රශ්න කලේ එයාට තාමත් උත්තරයක් හොයා ගන්න බැරි වුන ටේහියුන්ග්ගේ ආචරණීයත්වය ගැන

"දන්නේ නෑ මැණික"

ටේහියුන්ග් ඔලුව දෙපැත්තට කලේ හිනාවෙවී

____________________________________🌼❤️

"ඒයි මේ හා පැටියෝ අර ඔයාගේ හියුන්ගි සර්ට මොකෝ වෙලා තියෙන්නේ?"

රීටා ඇහුවේ transparent Glass door එකෙන් කැබින් එක ඇතුලේ ඉදන් එයාලා කියෝ කියෝ ඉන්න දිහා රවන් බලන් ඉන්න ටේහියුන්ග්ව පෙන්නලා.
ජන්ග්කුක්නුත් හිමින් ඔලුව හරවලා බැලුවේ ටේහියුන්ග් දිහා

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now